slc
logo
Home   |    News
නොවැම්බර් 11, 2025
අවු. 15 න් පහළ ප්‍රීමා ශූරතා කුසලාන 19 වැනිදා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් (ප්‍රීමා සමාගම) සමඟ එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න්  පහළ වයස් කාණ්ඩයේ දක්ෂයින් තෝරනු ලබන ‘ප්‍රීමා කුසලාන‘ ශ්‍රී ලංකා යූත් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 19 වැනිදා ආරම්භ වනු ඇත. මෙවර තරගාවලියද කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.

මූලික වටයේ තරග දිස්ත්‍රික්ක මට්ටමින් පැවැති අතර එහිදී ශ්‍රී ලංකාව පුරා වූ කණ්ඩායම් 39 කගේ සහභාගිත්වයෙන් එම තරගාවලිය පැවැත්විණ. එම තරගවලදී දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම පළාත් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා කණ්ඩායම් නම් කිරීමට කනිෂ්ඨ තේරීම් කමිටුව පියවර ගනු ලැබීය.

මෙහිදී මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව දිස්ත්‍රික් කණ්ඩායම් 8 ක්, කොළඹ උතුර යටතේ කණ්ඩායම් 6 ක්, කොළඹ දකුණ යටතේ කණ්ඩායම් 6 ක්, උතුර, උතුරු මැද සහ වයඹ පළාත් ඒකාබද්ධව කණ්ඩායම් 11 ක් සහ ඌව සහ දකුණු පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 8 ක් එම තරගාවලිය නියෝජනය කළහ.

කණ්ඩායමකට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුලත් වුණු මූලික වටයේ තරගාවලියේදී ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂතාවයන්ගෙන් සපිරි ක්‍රීඩකයින් 507 දෙනෙකු සහභාගිවූහ.

නොවැම්බර් මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග කොළඹ රාජකීය විදුහල්, වෙළෙඳ සේවා සංගම්, කොළඹ විශ්වවිද්‍යාල, වෙස්ලි විදුහල්, සහ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙනු ඇත. සමාරම්භක දිනයේදී කොළඹ උතුර සහ දඹුල්ල රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදීද කොළඹ දකුණ සහ ගාල්ල කොළඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණවලදීද තරග වදිනු ඇත.

ඉකුත් වසරේ පැවැති මෙම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ දකුණු කණ්ඩායම සමත්වූයේ අවසන් මහ තරගයේදී මහනුවර පිලට එරෙහිව 149 ක දැවැන්ත පරාජයකට ඇද දමමිනි. ශූරතාව දිනාගත් කොළඹ දකුණු කණ්ඩායම අපරාජිතව එම කුසලාන දිනා ගැනීමද විශේෂත්වයක් විය.

තරගාවලියේ අවසන් මහ තරගය නොවැම්බර් මස 28 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee