slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2025
කොළඹ දකුණේ අපරාජිත භාවය කොළඹ උතුර බිද දමයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනය වූ අද (25දා) පැවැති තරගයකදී මෙතෙක් අපරාජිතව සිටි පසුගිය ශූර කොළඹ දකුණු පිල කඩුල්ලකින් පරාජයට පත් කිරීමට කොළඹ උතුරු පිල සමත් වූවේය. ඒ අනුව කොළඹ දකුණු පිලේ අපරාජිත භාවයද අද බිඳ වැටුණි.

කොළඹ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් කොළඹ දකුණු පිල මුලින් පන්දුවට පහරදී සියලු දෙනා දැවී ලකුණු 119ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ උතුර පිල ඕවර්  36.3කදී කඩුලු 9කට ලකුණු 120ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ජයග්‍රහණය හඹාගිය කොළඹ උතුර පිලට අවසන් කඩුල්ල දක්වා ප්‍රබල සටනක්දීමට කොළඹ දකුණ ක්‍රීඩකයෝ සමත්වූ අතර, පළමු කඩුලු හතර ලකුණු 58කදී දවා ගත්හ. ආරම්භක පිතිකරුවන් වූ අබ්දූල් රහුමාන් ලකුණු 15කට හා මිෂික අබේවර්ධන ලකුණු 28කට දවා ගැනීමට සමත්වූ කොළඹ දකුණ පිලේ තර්ජනයෙන් මිදී 6 වැනි කඩුල්ලට පන්දු 37කදී ලකුණු 23ක් එක් කිරිමට චනුත් හර්දාස හා සඳිෂ කාවින්ද සමත් වූහ. අනතුරුව 9 වැනි කඩුල්ලට දිහාන් ජයතිලක හා  තිසංග පෙරේරා පන්දු 49කදී ලකුණු 19ක් එක් කිරීමෙන් ජයග්‍රහණය අසලට පැමිණියහ.

මෙයට පෙර අර්ධ ශතකයක් වාර්තා කළ කොළඹ දකුණු පිලේ මෙතුක ගුණරත්න සමඟ මුල් කඩුලු හතරම ලකුණු 32කට බිඳ දමා ගැනීමට කොළඹ උතුර ක්‍රීඩකයෝ සමත්වීමෙන් කොළඹ දකුණු පිල විශාල ලකුණු ගණනකට යෑම වැලකී ගියේය. 5 වැනි කඩුල්ලට හමීඩ් හෆ්ඩාල් හා රනිඳු රණසිංහ එක්ව පන්දු 52 ලකුණු 22ක් එක් කිරීම හා අවසන් කඩුල්ලට දෙනුවන් සතිෂ් හා ගගන් ගමගේ පන්දු 42 ලකුණු 26ක් එක් කිරීම ඉනිමේ හොඳම ලකුණු සබඳතා වූහ. කොළඹ උතුර පිලේ තිසංග පෙරේරා ලකුණු 29කට කඩුලු 3ක් බිඳහෙලීය.

කොළඹ දකුණු පිල ඕවර් 46.3කදී සියලු දෙනා දැවී ලකුණු 119

මෙතුක ගුණරත්න 7, මියුර බණ්ඩාර 15, ‍චෙනුක මිත්සර 13, රනිඳු රණසිංහ 14, හමීඩ් හෆ්ඩාල් 23, ගඟන් ගමගේ 18, දෙනුවන් සතිෂ් නොදැවී 10, අතිරේක 12 (දෙසඳු දින්සර 23/2, තිසංග පෙරේරා 29/3, සදීෂ කාවින්ද 31/1,

මිෂික අබේවර්ධන  11/2, දිහාන් ජයතිලක 14/2)

කොළඹ උතුර පිල ඕවර්  36.3කදී කඩුලු 9කට ලකුණු 120

අබ්දූල් රහුමාන් 15, මිෂික අබේවර්ධන 28, හෆීස් ජුන්කීර් 9, චනුත් හර්දාස 16, සඳිෂ කාවින්ද 13, තිසංග ‍පෙරේරා නොදැවී 10, දිලාන් ජයතිලක 11, අතිරේක 15 (ලිතුම් දේවසුරේන්ද්‍ර 30/4, ඉමේෂ් චතුරංග ද සිල්වා 20/1, නවිනු ප්‍රනාන්දු 19/2, දෙනුවන් සතිෂ් 19/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee