slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2025
කොළඹ දකුණ පිලට කඩුල්ලක තියුණු ජයක්

sinhala editor

කුසලතා පිරි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් තරගාවලියේ‘ අද (19 දා) පැවැති කොළඹ දකුණ කණ්ඩායම හා ගාල්ල අතර තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කර ගැනීමට කොළඹ දකුණ පිල සමත් වූවේය.

කොළඹ විශ්විවිද්‍යාලය පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට ඕවර් 38.1කදී සියලු දෙනා දැවී ලකුණු 123ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණු පිල ඕවර් 40.2 කදී කඩුලු 9ක් දැවී ලකුණු 125ක් ලබා ගත්තේය.

කොළඹ දකුණු කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වූ මෙනුර දිසානායක හා ලිතුම් දේවසුරේන්ද්‍ර පළමු කඩුල්ලට පන්දු 58කදී ලකුණු 50ක් එක්කොට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර, මෙනුර දිසානායක පන්දු 28කදී හත‍ේ පහර 6ක් සමඟ ලකුණු 31ක් ලබා සිටියදී දැවී ගියේය.

ලකුණු 15ක් තුළ කොළඹ දකුණු කණ්ඩායමේ කඩුලු 3ක් බිදවැටී යෑමෙන් පසු රනිඳු රණසිංහ හා නවිනු ප්‍රනාන්දු 5 වැනි කඩුල්ලට පන්දු 57කදී ලකුණු 24ක් එක්කළ අතර, හාමීඩ් අෆ්ඩාල් හා නවිනු ප්‍රනාන්දු 6 වැනි කඩුල්ලට පන්දු 56කදී ලකුණු 22ක් එක් කිරීමෙන් පීඩනය ගිලිහී ගියේය. එහෙත් 6 වැනි කඩුල්ලේ සිට 9 වැනි කඩුල්ල දක්වා පිතිකරුවන් සිව් දෙනකු ලකුණු 2ක් තුල දැවී යෑ‍මෙන් යළි කොළඹ දකුණු කණ්ඩායම අසීරුතාවට පත් වඋ අතර හාමීඩ් අෆ්ඩාල් නොදැවී ලකුණු 20ක් ලබා ජය තහවුරු කර ගත්තේය. 

ගාල්ල ඉනිමේදී කොළඹ දකුණු කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන්වූ හාමිඩ් අෆ්ඩාල් හා ගඟන ගමගේ මුල සිටම තර්ජනාත්මක පන්දු යැවීමක නිරතවීමෙන් ගාල්ල පිලේ පළමු කඩුලු 4 ලකුණු 24ක් තුල බිද වැටුණි. අනතුරුව දියත් සන්ජිත හා ලිනුවර සත්විඳු පස්වැනි කඩුල්ලට පන්දු 30කදී ලකුණු 13ක සබඳතාවක් එක් කළ අතර, 8 වැනි කඩුල්ලට චෙනුල් මනුල්ක හා ගෙසඳු බිසස් 8 වැනි කඩුල්ලට පන්දු 90කදී ලකුණු 51ක සබඳතාවක් ගොඩනැඟීමෙන් ගාල්ල පිල තරමක් හිස එසැවිය. ‍චෙනුල් මනුල්ක ලකුණු 13කට දැවීයෑමෙන් පිටියට පිවිසි ගයුක කවීෂ හා ගෙසඳු බිසස්ට එක්ව 9 වැනි කඩුල්ලට පන්දු 30කදී ලකුණු 17ක් එක් කළහ.

ගාල්ල පිලට අස්වැසිල්ලක් ගෙනදී මෙවර 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් තරගාවලියේ පළමු අර්ධ ශතකය රැස්කිරීමට ගෙසඳු බිසස් සමත් වූ අතර, ඔහු පන්දු 76කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 52ක් එක් කළේය. පන්දු යැවීමේදී ගඟන ගමගේ කඩුලු 3ක් හා සනුග දුල්මික, හාමිඩ් අෆ්ඩාල් කඩුලු 2 බැගින් බිද‍ෙලා ගත්හ.

ගාල්ල පිල ඕවර් 38.1කදී සියලු දෙනා දැවී ලකුණු 123

සෙතූජ මන්දිනූ 7, දියත් සන්ජිත 6, ලිනුවර සත්විඳු 14, ගෙසඳු බිසස් 52, හිරුක අකලංක 6, චෙනුල් මින්ලක 13, අතිරේක 14 (හාමිඩ් අෆ්ඩාල් 20/2, ගඟන ගමගේ 26/3, සනුග දුල්මික 11/2, අකාෂ් දිසානායක 23/2, නවිනු ප්‍රනාන්දු 22/1)

කොළඹ දකුණු පිල ඕවර් 40.2 කදී කඩුලු 9ක් දැවී ලකුණු 125

මෙනුර දිසානායක 31, ලිතුම් දේවසුරේන්ද්‍ර 31, මයුර බණ්ඩාර, රනිඳු රණසිංහ 14, නවිනු ප්‍රනාන්දු 20, හාමීඩ් අෆ්ඩාල් නොදැවී 20,  අතිරේක 6 (ගෙසඳු බිසස් 25/1, කවිඳු ගයාෂාන් 23/4, හිරුක අකලංක 18/1, නිෂිත් තේජව ද සිල්වා 22/1, චෙනුල් මින්ලක 13/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar