slc
logo
Home   |    News
නොවැම්බර් 23, 2025
කොළඹ දකුණ පිලට පිට පිට තෙවැනි ජයත්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි දිනය වූ අද (23දා) පැවැති තරගයකදී කොළඹ දකුණ ක්‍රීඩකයෝ පිට පිට තෙවැනි ජය වාර්තා කරමින් දඹුල්ල පිල කඩුලු 8කින් පරාජය කිරීමට සමත් වූහ.

කොළඹ මැලේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දඹුල්ල පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට ලකුණු 86කට දැවීගිය අතර, පසුගිය වසරේ 15න් පහළ ශූර ‍කොළඹ දකුණ පිල කඩුලු 2ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය.

පන්දු 23කදී හයේ පහර 6ක් හා හතරේ පහරක් සමඟ වේගවත් ලකුණු 46ක් ලබාගත් මියුර බණ්ඩාර කැපී පෙනෙන පිතිකරණයක නිරත වූ අතර, සවීන් ගමගේ සමඟ එක්ව ‍දවැනි කඩුල්ලට පන්දු 38කදී ලකුණු 50ක සබඳතාවක් ද ගොඩනැගීය. ඔහු තෙවැනි කඩුල්ලට මෙතුක ගුණරත්න සමඟ එක්ව පන්දු 16කදී ලකුණු 24ක් එක් කිරීමට සමත් වූවේය.

දඹුල්ල පිල අඩු ලකුණු ගණනකට සීමා කිරීමට කොළඹ දකුණ පිලේ ආරම්භක පන්දු යැවු හමීඩ් හෆ්ඩාල් මුල සිටම කටයුතු කළ අතර, ඔහු ලකුණු 19කට කඩුලු 4ක් බිදහෙලීමට සමත් විය. අනෙක් අන්තයෙන් පන්දු යැවූ ඉමේෂ් චතුරංග ද සිල්වා ලකුණු 25කට කඩුලු 3ක් හා නවිනු ප්‍රනාන්දු කඩුලු 2ක් බිදහෙලීමට සමත් විය.

දඹුල්ල පිලේ මුල් කඩුලු 4ක් ලකුණු 12කට දැවී ගිය අතර, 5 වැනි කඩුල්ලට මනූජ ජයසිංහ හා රසිඳු ආකර්ෂා පන්දු 22කදී ලකුණු 14ක් එක් කළහ. අනතුරුව හොඳම සබඳතාව වූයේ පබසර වනසිංහ හා නෙසාද් වීරසේකර අතර 8 වැනි කඩුල්ලට පන්දු 38කදී ගොඩනැගුණු ලකුණු 38ක සබඳතාව වේ. අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි පබසර වනසිංහ පන්දු 24 කදී හයේ 3ක් හා හතරේ 3ක් සමඟ ලකුණු 36ක් ලබා ගත්තේය.

දඹුල්ල පිල ඕවර් 29.3කදී සියලු දෙනා දැවී ලකුණු 86

රසිඳු ආකර්ෂා 7, ගිම්හාන් මිකෙල් 9, විතුන් රත්නකුමාර 7, පබසර වනසිංහ 36, අතිරේක 11 (හමීඩ් හෆ්ඩාල් 19/4, ඉමේෂ් චතුරංග ද සිල්වා ලකුණු 25/3,  නවිනු ප්‍රනාන්දු 15/2, දෙනුවන් සතිෂ් 20/1)

කොළඹ දකුණු පිල ඕවර් 9.5කදී කඩුලු 2ක් දැවී ලකුණු 90

මියුර බණ්ඩාර 46, සවීන් ගමගේ 11, මෙතුක ගුණරත්න නොදැවී 18, මෙනුක දිසානායක නොදැවී 5, අතිරේක 10 (යුමාල් එගොඩගේ 6/1, රසිඳු ආකර්ෂා 13/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee