slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2025
සතිරගේ ‍සුපිරි පන්දු යැවීමෙන් මහනුවරට ලකුණු 64ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ නැෂනල් යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (20 දා) දිනයේ පැවැති තරගයකදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 64 ක ජයක් වාර්තා කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත්විය. මෙවර තරගාවලිය යටතේ සහභාගිවූ පළමු තරගයේදීම ජය වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත්වීම කැපී පෙනෙයි. 

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර ක්‍රීඩක‍යෝ මුලින් පන්දුවට පහරදී ඕවර් 38.2කදී සියලු දෙනා දැවී ලකුණු 129ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ඕවර් 21.5කදී සියලු දෙනා ලකුණු 65කට දැවී ගියහ.

මහනුවර පිලේ දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක සතිර ‍දෙනුවන් ජයග්‍රහණයේ නියමුවා ‍වෙමින් ලකුණු 8කට දඹුල්ල පිලේ කඩුලු 5ක් බිදහෙළූ අතර, ඔහු යැවූ ඉනිමේ 15 වැනි ඕවර‍යේදී කඩුලු 3ක් බිද‍හෙලීමෙන් දඹුල්ල පිලේ කඩා වැටීම දරුණු අතකට ‍පෙරලී ගියේය.

එක් අවස්ථාවකදී දඹුල්ල පිල කඩුලු 5කට ලකුණු 34ක් වූ අතර, සතිර ‍දෙනුවන්ගේ පන්දු යැවීම හමුවේ ලකුණු පුවරුව කඩුලු 8කට ලකුණු 38ක් ලෙස ක්ෂණිකව පරිවර්තනය වුවේය. අවසන් කඩුලු දෙක ලකුණු 14කදි බිදහෙලා ගත් මහනුවර ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ පළමු ජය සටහන් කළහ.

කොළඹ උතුර පිලට එරෙහි පළමු තරගයේදී ශතකයක් ලබාගත්  දඹුල්ල පිලේ ආරම්භක පිතිකරු දිසස් බණ්ඩාර අද වැඩිම ලකුණු ලබාගත් පිතිකරු ‍වෙමින් ලකුණු 16කට දැවී ගිය පසු අනෙක් පිතිකරුවන්ට සාර්ථක ලෙස ලකුණු අතරට පැමිණීමට නොහැකි වූහ.

මහනුවර පිල පන්දුවට පහර දෙද්දී දඹුල්ල පිලේ යුමාල් එගොඩගේ ලකුණු 30කට කඩුලු 5ක් බිදහෙලා දස්කම් දැක්වුවද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවුණි. සවිත විතානගේ ලකුණු 27ක් ලබාගත් අතර, සනිරු අනුහස් සමඟ එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 62කදී ලකුණු 37ක සබඳතාවක් ගොඩනැගූහ.

මහනුවර පිල ඕවර් 38.2කදී සියලු දෙනා දැවී ලකුණු 129

රන්දිදු නාරායන 11, උසුල උදාකර 12, සවිත විතානගේ 27, සනිරු අනුහස් 18, ලකිඳු මෙවුල් නොදැවී 17, තිනුල්ක රාජපක්ෂ 11, අතිරේක 13 (පබසර වනසිංහ 21/2, යුමාල් එගොඩගේ 30/5, තරුක්ෂ ද සිල්වා 10/1, සිතිජ ‍නෙත්සර 33/1)

දඹුල්ල පිල ඕවර් 21.5කදී සියලු දෙනා දැවී ලකුණු 65

දිසස් බණ්ඩාර 16, රසිඳු අකර්ෂා 15, විතුන් රත්නකුමාර නොදැවී 14, අතිරේක 7 (සතිර දෙනුවන් 8/5, තිනුල්ක රාජපක්ෂ 20/3, තරුෂ නිමන්ත 7/1, සසිත් බණ්ඩාර 22/1)

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee