slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2025
ගාල්ල පිලට ලකුණු 65ක ජයක්

sinhala editor

කුසලතා පිරි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (20 දා) පැවැති තරගයකදී කොළඹ උතුර කණ්ඩායමට එරෙහිව ලකුණු 65 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමට හැකියාව ලැබිණ. මෙම ජයග්‍රහණය ගාල්ල පිල මෙවර තරගවාරයේ ලබාගත් පළමු ජයග්‍රහණය විය.

කොළඹ වෙළද සේවා ක්‍රිකට් පිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත්  කොළඹ උතුර පිල මුලින් පන්දුවට පහරදීමට ගාල්ල පිලට ආරාධනා කළ හෙයින් ගාලු ක්‍රිඩකයෝ පිල ඕවර් 50 කදී කඩුලු 8ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ උතුර කණ්ඩායම ඕවර් 50කදී කඩුලු 9ක් දැවී ලකුණු 147කට සීමා කිරීමට ගාලු පිල සමත් වූවේය.

කොළඹ උතුර කණ්ඩායමට එරෙහි තර්ජනාත්මක පන්දු යෑවීමක නිරත වූ ගෙසඳු බිසස් පන්දුවාර 8ක් යවා ලකුණු 34කට කඩුලු 2ක් හා හිරුක අකලංක පන්දුවාර 9ක් යවා ලකුණු 18කට කඩුලු 2ක් බිදහෙලීමට සමත් වූහ.

කොළඹ කණ්ඩායමේ පළමු කඩුලු හතර ලකුණු 77කට බිදහෙලීමට ගාල්ල පිල සමත්වූ අතර, පස්වැනි කඩුල්ලට පන්දු 34කදී ලකුණු 26ක් එක්කිරීමට හෆීස් ජුන්කීර් හා සෙහඳු සමරවීර සමත්වූ අතර, අටවැනි කඩුල්ලට පන්දු 67කදී ලකුණු 32ක් සටන්කාමී සබඳතාවක් ගොඩනැඟීමට අබ්දූල් රහ්මාන් හා සෙනුක් නිලේෂ් සමත් වුවද, ලකුණු වේගය ප්‍රමාණවත් නොවුණි.

මෙවර තරගාවලියේ දැනට කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු එකතුවට හිමිකම් කියූ ගාල්ල කණ්ඩායමේ ලිනුවර සත්විඳු පන්දු 45කදී හයේ 2ක් හා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 38ක් ලබාගත් අතර, මොහොමඩ් ෂිහාබ් හා දියත් සන්ජිත හතරවැනි කඩුල්ලට පන්දු 80කදී ලකුණු 50ක් සබඳතාවක් ගොඩනැඟීමට සමත් වූහ. මොහොමඩ් ෂිහාබ් ලකුණු 35ක් හා දියත් සන්ජිත ලකුණු 29ක් ලබා ලකුණු පුවරුව ඉහළට එසැවූහ.

ගාල්ල පිල ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 212 –

නිසිත් තේජව ද සිල්වා 14, හිරුන් මතීෂ 13, දියත් සන්ජිත 29, මොහොමඩ් ෂිහාබ් 35, ගෙසඳු බිසෙස් 20, ලිනුවර සත්විඳු නොදැවී 38, හිරුක් අකලංක 17, ගයූක කවිෂ්ක නොදැවී 15 අතිරේක 25 (දෙසඳු දින්සර 43/2, අබ්දූල් රහුමාන් 17/3, සදීෂ කාවින්ද 55/1, සෙනුක් නිලේෂ් 27/1)

කොළඹ උතුර පිල ඕවර් 50කදී කඩුලු 9කට ලකුණු 147 – ජනදීප ඔකාෂ් 27, ගිත්ම ඉමදිත් 13, චේතින කාවින්ද 24, හෆීස් ජුන්කීර් 21, ‍සෙහඳු සමරවීර 10, ෂෙනුක් නිලේෂ් 14, අබ්දුල් රහුමාන් 19, අතිරේක 9 (ගෙසඳු බයිසාස් 34/2,  හිරුක් අකලංක 18/2, චෙනුල් මනිල්ක 19/1, ගයූක කවිෂ්ක 26/1, කවීෂ ගයාෂාන් 28/1)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee