මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත දක්ෂයන් සොයා යෑමේ පළමු පියවර තබන ජාතික තරගාවලිය ලෙසින් ප්‍රීමා කුසලාන අවුරුදු 15 න් පහළ නැෂනල් යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය හැඳන්විය හැකි බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් අධ්‍යක්ෂක ජෙරම් ජයරත්න මහතා, කරුණු කීපයක් මත මෙම තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වයක් ලබා දෙනු ලබන බව සඳහන් කර සිටියේය. එම කරුණු අතර ප්‍රධානම කරුණ බවට පත්වන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා දක්ෂතා ඇති යොවුන් ක්‍රීඩකයන් කුඩා වයසේදීම හඳුනා ගැනීමට ඇති හැකියාව වේ.
එසේ සොයා ගනු ලබන දක්ෂයින් ඉදිරියේදී අදාළ වයස් කාණ්ඩ යටතේ ක්‍රියාත්මක වන ජාතික සංචිත වෙත යොමු කෙරෙනු ලබන අතර ඉන් හොඳම ක්‍රීඩක සාරය ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා වරම් ලබනු ඇත.
සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත් ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛන්ඩව 18 වැනි වතාවටත් සංවිධානය කරනු ලබන ‘ප්‍රීමා කුසලාන අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් හි ජාතික ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ඉහත අදහස් පළ කර සිටියේය.
ඉහතින් සඳහන් කළ කරුණට අමතරව අවුරුදු 15, 17, සහ 19 න් පහළ යන වයස් කාණ්ඩයන් යටතේ වන ජාතික සංචිත ශක්තිමත් කරමින් හොඳම දක්ෂයින් අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට ඉදිරිපත් කිරීමේ හැකියාව උදාවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඊට අමතරව දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට ඉදිරියට ඒම සඳහා වන දොරටුවද මෙම තරගාවලිය හරහා විවර වන බව සඳහන් කර සිටි ජාතික ක්‍රිකට් අධ්‍යක්ෂවරයා, තරගාවලිය සඳහා වන කණ්ඩායම් තේරීමද ඉතාම විනිවිධ ආකාරයෙන් සිදුකරනු ලබන බවද සඳහන් කර සිටියේය.
“ශ්‍රී ලංකාව පුරා වන දිස්ත්‍රික් සංගම් හරහා පවත්න ලද තරගාවලියෙන් අනතුරුව හොඳම ක්‍රීඩකයින් තමයි මේ පළාත් කණ්ඩායම් 5 අතර තරගාවලියට ක්‍රීඩා කරන්නේ. එම කණ්ඩායම් තෝරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් බාලක ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කරලා තියෙනවා. එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ විනෝදන් ජෝන් මහතා. එම කමිටුවේ ඉන්නේ ඔක්කොම හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කළ අය. ඔවුන්ට අමතරව සෑම ප්‍රධාන පළාතකටම අපි පළාත් තේරීම් කමිටු සාමාජිකයෙක් පත් කරලා තියෙනවා. දිස්ත්‍රික් මට්ටමින් පවත්වන ලද තරග නැරඹීමෙන් පසුව තමයි ඔවුන් එක්ව මේ සුපිරි පළාත් 5 අතර තරගාවලියට කණ්ඩායම් නම් කරනු ලබන්නේ. ඒ අනුව මෙහි තේරීම් ඉතාමත් විනිවිධ භාවයකින් සිදුවනවා කියලා කියන්න පුලුවන්“ යැයි ජෙරම් ජයරත්න මහතා සඳහන් කර සිටියේය.
කොළඹ දකුණ, කොළඹ උතුර, දඹුල්ල, මහනුවර සහ ගාල්ල යන පළාත් කණ්ඩායම් 5 සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම ශූරතාවලිය හෙට (19 වැනිදා) කොළඹ මැලේ සහ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වේ. තරගාවලිය සඳහා නම් කර ඇති කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 16 දෙනා බැගින් එක් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අතරින් කොළඹ උතුරු පිල කොළඹ ආනන්ද විදුහලේ මිසික අබේවර්ධන විසින්ද, කොළඹ දකුණ පිල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ මෙතුක ගුණරත්න විසින්ද, දඹුල්ල පිල මාතලේ ක්‍රිස්තුදේව විදුහලේ යුමාල් එගොඩගොඩගේ විසින්ද, මහනුවර කණ්ඩායම මහනුවර විද්‍යාර්ථ විදුහලේ ලකිඳු මෙවුල් විසින්ද සහ ගාල්ල කණ්ඩායම ගාල්ල රිච්මන්ඩ් විදුහලේ හිරුක් අකලංක විසින්ද මෙහෙයවනු ලබති.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජයරත්න මහතා සඳහන් කර සිටියේ දක්ෂතා සහිත ක්‍රීඩකයින් සොයා ගැනීම වෙනුවෙන් වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සකස් කර ඇති ජාතික වැඩපිළිවෙළ හරහා කිසිදු ක්‍රීඩකයකුට අසාධාරණයක් නොවන බවද සඳහන් කර සිටියේය. “අපි හිතමු මේ තරගාවලියට නම් නොකෙරෙන දරුවෙක් තවත් මාස 6 ක කාලයක් යද්දී ඊට වඩා හොඳින් දක්ෂතා අතරට එනවා කියලා. එහෙම දක්ෂතා තියෙන දරුවෙන් ඉන්නවා නම් අපේ ජාතික වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික් හෝ පළාත් පුහුණුකරුවන් දකිනවා. ඒ තරම් අපේ වැඩපිළවෙළ ශක්තිමත්. එතැනින් නොනැවතෙන එම වැඩපිළිවෙළ හරහා ඔහුව අපේ කොළඹ තියෙන උසස් කාර්යය මධ්‍යස්ථානයට යොමු කෙරනවා පමණක් නොවෙයි ඒ වන විට සංචිතයේ සිටින ක්‍රීඩකයාට වඩා ඔහු දක්ෂ නම්, ඔහුවද සංචිත ගත කොට ඉදිරියට රැගෙන ඒම වෙනුවෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා“ යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමන් මග පිළිබඳවද ජයරත්න මහතා කෙටි හැඳිවීමක් සිදුකළේය.
මෙම මාධ්‍ය හමුව සඳහා ජෙරම් ජයරත්න මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටුවේ සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති නලීන් අපෝන්සු, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න සහ එම ආයතනයේ ජාත්‍යන්තර අළෙවි කරන ප්‍රධානී අචල රාමනායක යන මහත්වරුද සහභාගිව සිටියහ.
කොළඹ උතුර – මිෂික අබේවර්ධන (නායක – ආනන්ද විදුහල), චේතින කාවින්ද (ශාන්ත ජෝෂප් විදුහල), චානුක විදර්ශන (වෙස්ලි විදුහල), ගිත්ම ඉමදිත් (නාලන්ද විදුහල), ගෞර මින්සර (මාරිස්ටෙලා විදුහල), චනුත් හර්දස (වෙස්ලි විදුහල), සෙහඳු සමරවීර (බණ්ඩාරනායක විදුහල), හෆීස් ජුන්කීර් (ශා. අන්තෝනි – වත්තල), ජනදීප උෂාන් (ආනන්ද විදුහල), අබ්දූල් රෙහ්මාන් (ශාන්ත පීතර විදුහල – මීගමුව), ෂෙනුක් නිලේෂ් (ශ්‍රී ධර්මාලෝක විදුහල, කැලණිය), ඩිහෙන් ජයතිලක (ශාන්ත ජෝශප් විදුහල), දෙසඳු දින්සර (හේනෙගම මැදි මහ විදුහල), සදෙව් දෙව්මිණ (ශාන්ත බෙනඩික් විදුහල), තිසංග පෙරේරා (ශාන්ත ජෝෂප් විදුහල), සදීෂ කාවින්ද (ශාන්ත අන්තෝනි – වත්තල)
කොළඹ දකුණ – මෙතුක ගුණරත්න (නායක – ශාන්ත තෝමස් විදුහල), සේවෙන් ගමගේ (රාජකීය විදුහල), මෙනුර දිසානායක (ශාන්ත පීතර විදුහල), මියුරු බණ්ඩාර (D.S සේනානායක විදුහල), චේනුක මිත්සර (ආනන්ද ශාස්ත්‍රලය කෝට්ටේ), ලිතුම් දේවසුරේන්ද්‍ර (වේල්ස් කුමර විදුහල), රනුද රණසිංහ (රාජකීය විදුහල), සෂිදු සිල්වා (ශාන්ත පීතර විදුහල), නවීනු ප්‍රනාන්දු (ශාන්ත සෙබස්තියන් විදුහල), දෙනුවන් සතිෂ් (වේලපුර මහ විදුහල), චානුග මුදලිගේ (ශ්‍රී සුමංගල විදුහල), ආකාෂ් දිසානායක (වේල්ස් කුමර විදුහල), ගගන් ගමගේ (රාජකීය විදුහල), සනුග දුල්මික (ධර්මපාල විදුහල), ඉමේෂ් චතුරංග සිල්වා (වාද්දුව මැදි මහ විදුහල), හමීඩ් අෆ්දාල් (D.S සේනානායක විදුහල)
දඹුල්ල – යුමාල් එගොඩගේ (නායක – මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය), මනුජ ජයසිංහ (ගන්තිරියාගම ම.වි), උදර්ෂ දිනුජය (සහස්ත්‍රවින්ද විද්‍යාලය), රසිඳු ආකර්ෂ (හලාවත ශාන්ත මරියා විද්‍යාලය), සන්තෝෂ් ගුණසේකර (මාතලේ බෞද්ධ විද්‍යාලය), ගිම්හාන් මයිකල් (කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය), මුරලිදරන් අනීෂ් (යාපනය හින්දු විද්‍යාලය), බිනාත් බණ්ඩාර (පොළොන්නරුව රාජකීය විද්‍යාලය), දිසස් බණ්ඩාර (මාතලේ ජාත්‍යන්තර පාසල), සයුල් සමරකෝන් (ගන්තිරියාගම ම.වි), තරුෂ්ක ද සිල්වා (කටුනේරිය ජෝශප් වාස් විද්‍යාලය), නෙසාද් වීරසේකර (කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය), පබසර වනසිංහ (රංගිරි දඹුල්ල ම.වි), විතුන් රත්නකුමාර (මාතලේ බෞද්ධ විද්‍යාලය), සිතිජ නෙත්සර (ශාන්ත ඇන්ඩෘ විද්‍යාලය), උදයකුමාර් ෂෙනන් (යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය)
මහනුවර – ලකිඳු මෙවුල් (නායක- විද්‍යාර්ථ විද්‍යාලය), උසුල උදාකර (ශාන්ත අන්තෝනි විද්‍යාලය), රන්දිදු නාරායන (ත්‍රිත්ව විද්‍යාලය), සවිත විතානගේ (ස්ප්‍රිංෆීල්ඩ් ජාත්‍යන්තර පාසල), රනෝආදිත් විජේරත්න (ත්‍රිත්ව විද්‍යාලය), අනුහස් ඩිල්ෂාන් (ගාමිණී ම.වි.), මන්දිල් ගුණවර්ධන (ධර්මරාජ විද්‍යාලය), සනිරු අනුහස් දහනායක (කිංග්ස්වුඩ් විද්‍යාලය), ඩොමිනි ගයන්ත (ඩඩ්ලි සේනානායක), තිනුලක රාජපක්ෂ (ධර්මරාජ විද්‍යාලය), ඔකිඳු එදිරිසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), ඉමන්ජිත් දිසානායක (ත්‍රිත්ව විද්‍යාලය), ශෂිත් බණ්ඩාර (ධර්මරාජ විද්‍යාලය), ශතිර දෙනුවන් (ශාන්ත අන්තෝනි විද්‍යාලය), තිමල සංකලණ (අග්‍රබෝධි ජාතික පාසල), තරුෂ නිමන්ත (ශාන්ත මරියා විද්‍යාලය)
ගාල්ල – හිරුක් අකලංක – නායක (රිච්මන්ඩ් විද්‍යාලය, මොහොමඩ් ෂිහාබ් (ශාන්ත සර්වේශස් විද්‍යාලය), සේතුජ මන්දිනු (මාතර ශාන්ත තෝමස් විද්‍යාලය), හිරුන් මතීෂ (පී. ද එස්. කුලරත්න විද්‍යාලය), චරණ චනුපති (සූරියවැව ජාතික පාසල), නිශිත් තේජව (දේවානන්ද විද්‍යාලය), දියත් සංජිත (දේවපතිරාජ විද්‍යාලය), ලිනුවර සත්විදු (දේවපතිරාජ විද්‍යාලය), යසිරු නිම්සර ද සිල්වා (රේවත විද්‍යාලය), ), චෙනුල් මින්ලක (දෙබරවැව ජාතික පාසල), මෙත්මිල් රශ්මික (අහංගම රෝහණ විද්‍යාලය), කවීෂ ගයාෂාන් (ශාන්ත සර්වේශස් විද්‍යාලය), ගෙසඳු බිසස් (මහින්ද විද්‍යාලය), ගයුක කවිශ්ක (රිච්මන්ඩ් විද්‍යාලය), ගිහාන් ගිම්සර (ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය), අදීශ් අංජන (බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය)





