slc
logo
Home   |    News
නොවැම්බර් 16, 2025
පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට කඩුලු 3 ක පරාජයක්

sinhala editor

කටාර් දේශයේ පැවැත්වෙන නැගීඑන ක්‍රිකට් තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ කඩුලු 3 ක පරාජයකට මුහුණ දුන්නේය. නොවැම්බර් 15 වැනිදා පැවැති මෙම රගයේදී ලකුණු 170 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

මෙම පරාජයට ශ්‍රී ලංකා  පන්දු යවන්නන්ගේ දුර්වල පන්දු යැවීම මූලික වූයේය. ඔවුන් පළමු පන්දුවාර 10 යවන ලද්දේ ඉතාමත් දුර්වල ආකාරයෙනි. එම පන්දුවාර වලින් වැඩි පන්දු සංඛ්‍යාවක් තණතීරුව මැද කෙටී පිතිකරුවන් වෙත යවන ලද පන්දු වූ අතර ඉන් නිසි ප්‍රෙයෝජන ගත් ඇෆ්ගනිසාතන පිතිකරුවෝ කිසිදු අපහසුවකින් තොරවම ඒවා හයේ පහර සහ හතරේ පහර බවට පරිවර්ථනය කරගත්හ.

ඒ අනුව පළමු පන්දුවාර 10 ඇතුළත වාර්තා වුණු හතරේ  පහර (7) සහ හයේ පහර (8) ක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ සමත්වූහ. ඒ අතරින් නායක දුනිත් වෙල්ලාලගේ යවන ලද පළමු පන්දුවාරයේදී ලකුණු 21 ක් ද විජයකාන්ත වියස්කාන්ත්ගේ පළමු පන්දු 2 න් ලකුණු 12 ක්ද ඔවුහු උදුරා ගත්හ

ආරම්භක පිතිකරු සුබෙයිඩි අක්බාරි පළමු  පන්දුවාරයේදීම දැවී ගිය නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ලැබුණු බුරුළ හේත්වෙන් මනා ප්‍රෙයෝජන ගත් ඉම්රාන් සහ සදිකුල්ලා අතල් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 84 ක් එක් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ අඩක් හෙවත් පන්දුවාර 10 ක් අවසන් වෙද්දී ඔෘවුන්ගේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුල්ලකට කුණු 105 ක් ලෙසිනි. එම වේගවත් ප්‍රහාරය නිසා ප්‍රතිවාදීන්ට ඉතිරි පන්දු 60 දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 66 ක් පමණි.

ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූයේ විජයකාන්ත් වියස්කාන්ත් වූ අතර ඔහු ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත්තේය. ඔහුගේ පන්දු යැවීම තරමක් ඇෆ්ගනිස්තානු කණ්ඩායම පීඩනයකට නතු කරවන්නක් වූයේ 15 වැනි පන්දුවාරය වන විට අපහසුතාවයට ඇද දමමිනි. එහෙත් 16 වැනි පන්දුවාර යැවූ ඉසිත විජේසුන්දරගේ පන්දු 3 කදී ලකුණු 16 ක් උදුරා ගත් ධර්විෂ් රසුලි තරගයේ වාසිය ඇෆ්ගනිස්තානු පිල වෙත නැවත හරවා දුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශේන් හැළඹගේ (28), නුවනිඳු ප්‍රනාන්දු (39), වෙල්ලාලගේ (33) සහ මිලාන් රත්නායක (41) එක්ව ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක් අවසානයේ ලකුණු 170 ක් දක්වා රැගෙන ගියහ.

වේගවත් ආරම්භයක් ලබා ගත්තද ශ්‍රී ලංකා පළමු කඩුලු 4ම ලකුණු 39 කදී බිද දැමීමට ඇෆ්ගනිස්තානු පන්දු යවන්නෝ සමත්වූහ. එම කඩුලු 4 න් 3 ක්ම සිව්වැනි පන්දුවාරය යවන ලද බිලාල් සමී විසින් දවා ගන්නා කඩුලු වූහ. කෙසේ වෙතත් වෙල්ලාලගේ සහ නුවනිඳ්‍ර එක්ව පන්දු 56 කදී ලකුණු 66 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල අසීරුතාවයෙන් මුදවා ගත්හ.

වෙල්ලාලගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි මිලාන් රත්නායක වේගවත් පිතිහරඹයක නිරත වූයේ බිලාල් සමීගේ තුන්වැනි පන්දුවාරයේදී ලකුණු 23 ක් ලබා ගනිමිනි. එම පන්දුවාරයේදී මිලාන්ගේ ලකුණු සටහන් කර ගත්තේ 4, 4, 6, 4, 4 සහ 1 වශයෙනි.

ශ්‍රී ලංකා ‘ඒ’ – ඕවර 20 කදී කඩුලු 9 ට 170 යි – (විශේන් හැළඹගේ 28, නුවනිඳු ප්‍රනාන්දු 39, දුනිත් වෙල්ලාලගේ 33, මිලාන් රත්නායක 41, ඒ.එම්.ගසන්ෆාර් 32/3, බිලාල් සමී 45/4)

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ – ඕවර 19.5 කදී කඩුලු 7 ක් දැවී 171 යි – (ඉම්රාන් 34, සදිකුල්ලා අතල් 54, ධර්විශ් රසූල් 32, නන්ගෙලියා කරෝටේ 15, ක්වායිස් අහමඩ් නොදැවී 16, විජයකාන්ත් වියස්කාන්ත් 28/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee