slc
logo
Home   |    News
නොවැම්බර් 25, 2025
මහනුවරට ලකුණු 85ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනය වූ අද (25දා) පැවැති තරගයකදී ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 85ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණි. 

වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් මහනුවර පිල කඩුලු 6ක් දැවී ලකුණු 228ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල පිල ඕවර් 47.4කදී ලකුණු 143කට දවාලීමට මහනුවර පන්දු යවන්නෝ සමත් වූහ.

ගාල්ල පිලේ පළමු කඩුලු තුන ලකුණු 6ක් තුල දවා ගැනීමට ආරම්භක පන්දු යැවූ තිනුල්ක රාජපක්ෂ හා ඉමන්ජිත් දිසානායක සමත්වූ අතර, සිව්වැනි කඩුල්ලට පන්දු 42කදී ලකුණු 40ක සබඳතාවක් හිරුක් අකලංක සමඟ ගොඩනඟමින් සිටි ගෙසඳු බයිසාස් ලකුණු 27කට දවා ගැනීමෙන් අසීරුතාවට ලක් විය. හිරුක් අකලංක ලකුණු 13කට හා චෙනුල්ක මිනල්ක ලකුණු 15කට දැවීයද්දී එක් අන්තයක නොදැවී සිටි ගිහාන් ගිම්සර නොදැවී ලකුණු 19ක් ලබා සිටියේය. අවසන් පිතිකරු ලෙස කවීෂ ගයාෂාන් ලකුණු 20කට දැවී යෑමෙන් ගාල්ල ඉනිම නිමාවට පත් විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ තිනුල්ක රාජපක්ෂ හා ලකිඳු මෙවුල් කඩුලු 3 බැගින් හා සතිර දෙනුවන් හා ඉමන්ජිත් දිසානායක කඩුලු 2 බැගින් බිදහෙළූහ.

මහනුවර පළමු කඩුලු දෙක ලකුණු 3ක් තුල දවා ගැනීමට ගාලු පන්දු යවන්නෝ සමත් වුවද, රන්දිදු නාරායන හා සනිරු අනුහස් එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 151කදී ලකුණු 88ක සබඳතාවක් ගොඩනඟා ගත්හ. අනතුරුව රන්දිදු නාරායන හා සසිත් බණ්ඩාර එක්ව 4වැනි කඩුල්ලට පන්දු 46කදී ලකුණු 33ක සබඳතාවක් ගොඩනඟා මැදපෙළ ශත්කිමත් කළහ. 6 වැනි කඩුල්ලට  මන්දිල් ගුණවර්ධන හා ඉමන්ජිත් දිසානායක එක්ව පන්දු 77කදී ලකුණු 84ක් එක්කළ අතර,  ඉමන්ජිත් දිසානායක පන්දු 50කදී හයේ 6ක් හා හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 53ක් වාර්තා කළේය. ආරම්භක පිතිකරු රන්දිදු නාරායන පන්දු 104කදී හයේ 2ක් හා හතරේ පහරක් සමඟ ලකුණු 53ක් මහනුවර ඉනිමට එක් කළේය.

මහනුවර පිල ඕවර් 50කදී කඩුලු 6කට ලකුණු 228

රන්දිදු නාරායන 53, සනිරු අනුහස් 35, සසිත් බණ්ඩාර 23, මන්දිල් ගුණවර්ධන 25, ඉමන්ජිත් දිසානායක නොදැවී 53, අතිරේක 35

(ගෙසඳු බයිසාස් 16/1, ගයුක කවිෂ්ක 55/1, ගිහාන් ගිම්සර 62/1, කවීෂ ගයාෂාන් 37/1, මෙත්මිල් රශ්මික 32/1)

ගාල්ල පිල ඕවර් 47.4කදී සියලු දෙනා දැවී ලකුණු 143

හිරුක් අකලංක 13, ගෙසඳු බයිසාස් 27, චෙනුල් මින්ලක 15, ගයුක කවිෂ්ක 21, ගිහාන් ගිම්සර නොදචැවී 19, කවීෂ ගයාෂාන් 20, අතිරේක 20 (සතිර දෙනුවන් 20/2, ඉමන්ජිත් දිසානායක 32/2, තිනුල්ක රාජපක්ෂ 23/3, ලකිඳු මෙවුල් 29/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee