slc
logo
Home   |    News
නොවැම්බර් 18, 2025
විස්සයි20 අභි‍යෝගයට අපි හොඳින් සූදානම් – දසුන් ශානක

sinhala editor

එක්දින හා විස්සයි20 තරග රටා දෙකක් බවත්, එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනකුම ශ්‍රී ලංකා පිලට එක්ව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක පැවැසීය. කෙසේ වුවද විස්සයි20 තුන්කොන් තරගාවලියේ මතුවන ඕනෑම අභීයෝගයකට තම කණ්ඩායම සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පැවැසීය.

පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ අද ආරම්භවන ශ්‍රී ලංකා – පාකිස්තාන – සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා එසේ පැවැසීය. අද පළමු තරගයට පාකිස්තානය හා සිම්බාබ්වේ එක්වන අතර, අනිද්දා (20) ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගය පැවැත්වේ.

“විස්සයි20 තරග රටාව වේගවත්. එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ අපේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් වෙනස් වෙනවා. කුසල් ජනිත්, භානුක, නුවන් තුෂාර කණ්ඩායමට එක්ව සිටිනවා. එක්දින තරගාවලිය අවාසනාවන්ත ලෙස පරාජය වුණා. හැබැයි විස්සයි20 තරග රටාව ‍ගොඩක් වෙනස්. අපි ඒ අභි‍යෝගයට හොඳින් සූදානම්“ දසුන් ශානක පැවැසීය.

“කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනකුටම සෞඛ්‍ය ගැටලු කිහපයක් මතුවී තිබෙනවා. බලාපොරොත්තු වෙනවා ඒ සියල්ල විසදෙයි කියලා. අපිට අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් උපරිම දෙයක් ලබා ගන්න අවශ්‍යයි. ඒ වගේම අපේ තරුණ ක්‍රිඩකයින්ටත් අවස්ථාවක් තියෙන්න ඕනේ. අපි ආසියානු කුසලානයේ හොඳින් ක්‍රීඩා කළේ නෑ. හැබැයි අපි හොඳ තරග කිහිපයක් ක්‍රීඩා කළා. අපි තරග දෙකක් දින්නානම් අවසන් තරගයට යන්න තිබුණා. අවාසනාවකට අපිට ඒක කරන්න බැරි වුණා. අපි මෙහි පැමිණියේ ජයග්‍රහණය කරන්නයි“ යැයි පවසන දසුන්, “අපේ අඩුපාඩු හදා‍ගෙන  විස්සයි20 තරගාවලිය ‍හොඳින් කරනවා. විශේෂයෙන්ම පිතිකරුවන් ලකුණු අතරට පැමිණිය යුතුයි. අ‍පේ ආරම්භක පිතිකරුවන් ඉතා හොඳයි. ඒ වුනත් ලකුණු 20ක් 30ක් ගහලා එක්දින තරගයක ජයග්‍රහණයකට බලපෑමක් කරන්න බෑ. මම කැමැතියි කවුරු හරි ඉහළ ලකුණු ලබා ගන්නවානම්. ඒක තරගයක් දිනන්න අවශ්‍ය දෙයක්“ දසුන් ශානකගේ අදහස විය.

“විස්සයි20 තරගවලදී පිතිකරණය, පන්දු යැවීම හා පන්දු රැකීම යන අංශ තුනම ඉතාම වැදගත් වෙනවා. එක්දින තරගාවලි‍යේදී මේක තරමක් ගිලිහුනා. ඒ වගේම මෙවැනි තණතිලිවල විශාල ලකුණු ගණනක් අවශ්‍යයි. අපි දන්නවා ‍මේ රටවල් දෙකේ කාලගුණික තත්ත්වය හා ඒකේ ‍වෙනස. මෙහි සීතල කාලගුණය අපිට එතරම් හිතකර නෑ. නමුත් වෘත්තීය ක්‍රීඩකයන් විදිහට විවිධ රටවල ක්‍රීඩා කරද්දී ‍මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා“ ශ්‍රී ලංකා නායකයා පැවැසීය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුෂාන් හේමන්ත, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, පවන් රත්නායක, ඒෂාන් මාලිංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee