slc
logo
Home   |    News
නොවැම්බර් 17, 2025
ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පළමු ජය වාර්තා කරයි

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගිවූ දෙවැනි තරගයෙන් හොංකොං රාජ්‍ය පිල පරදවා කඩුලු7 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට අද (17 දා) පස්වරුවේ සමත්විය.

කටාර් රාජ්‍යෙය් දොහා අගනුවරදී පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ‘ඒ‘ පිතිකරුවෝ පන්දුවාර 13.5 ක් අවසනදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. ජයග්‍රාහී ශ්‍රී ලංකා ‘ඒ‘ පිල වෙනුවෙන් අගනා වේගවත් පිතිහරඹයක නිරත වුණු නුවනිඳු ප්‍රනාන්දු පන්දු 27 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 47 ක් ලබා තරගය නිමා වන තෙක්ම තම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය. ඔහුට අමතරව සහන් ආරච්චිගේ පන්දු 13 කදී හතරේ පහර 2 ක් ද සමග නොදැවී ලකුණු 14 ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකා පිල ජය ටැඹ කරා යෑමට අවශ්‍ය දායකත්වය ලබා දුන්නේය.

මෙම ඉලක්කය හඹා යෑමේදී ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ පළමු කඩුලු 2 ම ලකුණු 32 කදී බිද වැටිණ. මෙහිදී පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු ප්‍රථමයෙන්ම නිහාන් මදුෂ්ක සමග තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 55 ක් එක් කරමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම එළීහ. පන්දු 28 කට මුහුණ දුන් මදුෂ්ක ලබා ගත් ලකුණු @ සඳහා හේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් එල්ල කර තිබුණේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායමට ට්‍රෙවීන් මැතිව් ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ රැස් කර ගත හැකි වූයේ පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලකුණු 117 ක් පමණි. පන්දුවෙන් කැපී පෙනුණු ට්‍රෙවින් මැතිව් ලකුණු 21 කට ප්‍රතිවාදී පිලේ කඩුලු 3 ක් දවා ගත් අතර විජයකාන්ත් වියස්කාන්ත් සහ නායක දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

මෙම දක්ෂතාව හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයන්ද මැතිව් පිදුම් ලැබීය. මැතිව් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ හොංකොං කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කිරීමට සමත් වූයේ ශිව් මතූර් වන අතර ඔහු පන්දු 23 කදී ලකුණු 26 ක් ලබා ගත්තේය.

හොංකොං කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 117 යි – අංසුමාන් රාත් 21, ශිව් මතූර් 26, යසීම් මුර්ටාස් 20, ඒසන් ඛාන් 17*, ට්‍රෙවීන් මැත්ව්ස 21/3, විජයකාන්ත් වියස්කාන්ත් 11/2, දුනිත් වෙල්ලාලලගේ 24/2)

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 13.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 120 යි – (නිශාන් මදුෂ්ක 35, නුවනිදු ප්‍රනාන්දු 47*, සහන් ආරච්චිගේ 14, විශේන් හැළඹගේ 04, ලසිත් කෘෘස්පුල්ලේ 13, යසීම් මර්ටාසා 24/1, නස්රුල්ලා රානා 20/1, අන්ශි රාත් 14/1)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee