slc
logo
Home   |    News
නොවැම්බර් 9, 2025
හොංකොං සික්සර්ස් බඳූන ශූරතාව ශ්‍රී ලංකාවට

sinhala editor

හොංකොං හි පැවැති හොංකොං සික්සර්ස් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ බඳුන (බෝල් BOWL) ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම  අද (09 දා) සමත් විය. අදාළ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ලකුණු 21 ක පරාජයකට ඇද දමමින් එම බඳුන ශූරතාවට හිමිකම් කීය.

මොන්කොක් හි පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර හය අවසානයේ කඩුලු දෙකකට ලකුණු 106 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට නියමිත පන්දුවාර හය අවසානයේ කඩුලු දෙකක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 85ක් පමණි.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙන අවස්ථාවේ අංක තුන පිතිකරු සචිත ජයතිලක පන්දු 13ක දී හයේ පහර හයක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 52ක් රැස් කර ගනිමින් මෙම ජයග්‍රහණයට ප්‍රධාන මං පෙත් විවර කළේය. පසුව ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 15ක් ද නිමේෂ් විමුක්ති නොදැවී 13ක් ද රැස් කළහ. තරගයේ දක්වන ලද දක්ෂතා හේතුවෙන් එම අවසන් මහ තරගයේ වීරයා ලෙස සචිත ජයතිලකව නම් කෙරිණ.

එක්සත් අරාබි එමීර් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට රඳවා තැබීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිමේෂ් විමුක්ති ලකුණු හයකට කඩුල්ලක් ද ධනංජය ලක්ෂාන් ලකුණු 16කට කඩුල්ලක් ද දවාලුහ.

මේ අතර අද (09) උදෑසන පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා තරගයෙන් ද ශ්‍රී ලංකාව ලකුණු 48ක පහසු ජයක් වාර්තා කළේය. මේ තරගයේ දී ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී රැස් කළ ලකුණු 138ට පිළිතුරු ලෙසින් ඉන්දියාව පන්දුවාර හය අවසානයේ කඩුලු තුනක් දැවී රැස් කළේ ලකුණු 90කි.

 ඉන්දියාව සමග පන්දුවට පහරදෙද්දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා ළහිරු සමරකෝන් සහ නායක ළහිරු මධුශංක හයේ පහර දහයක්ම එල්ල කළහ. ළහිරු සමරකෝන් පන්දු 14ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහර පහක් සමග ලකුණු 52ක් ද නායක ළහිරු මධුංශක පන්දු 15ක දී හතරේ පහර තුනක් සහ හයේ පහර පහක් සමග ලකුණු 52ක් ද රැස් කළහ.

ලකුණු 52ක් රැස් කර පසුව ලකුණු 20කට කඩුලු දෙකක් දවාලු ළහිරු සමරකෝන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කැරිණි.  ශ්‍රී ලංකා ඉනිමේ දී සචිත ජයතිලක නොදැවී ලකුණු 16ක් ද ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු දහයක් ද ලබා සිටියහ.

බඳුන සූරතාව

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 21 ක ජයක්

 ශ්‍රී ලංකාව පන්දුවාර 6ක දී කඩුලු 2ට ලකුණු 106 යි – (සචිත ජයතිලක නොදැවී 52, ධනංජය ලක්ෂාන් නොදැවී 15, ළහිරු සමරකෝන් 14, නිමේෂ් විමුක්ති නොදැවී 12, සගී ඛාන් 18/1)

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පන්දුවාර 6 දී කඩුලු 2ට ලකුණු 85යි – (මිලාන්ෂ් කෙෂ්වානි 44, කාලිඩ් ෂා 23, නිමේෂ් විමුක්ති 6/1, ධනංජය ලක්ෂාන් 16/1)

  • ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 48 ක ජයක්

ශ්‍රී ලංකාව පන්දුවාර 6ක දී කඩුලු 2ට 138 – (ළහිරු සමරකෝන් 52, ළහිරු මධුශංක 52, සචිත ජයතිලක නොදැවී 16, ධනංජය ලක්ෂාන් නොදැවී 10)

 ඉන්දියාව පන්දුවාර 6 දී කඩුලු 3ට ලකුණු 90 යි – (භාරට් චිප්ලි 41, ස්ටුවර්ට් බිනී නොදැවී 25, ළහිරු සමරකෝන් 20/2)

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee