slc
logo
Home   |    News
නොවැම්බර් 17, 2025
18 වැනි වතාවටත් ක්‍රියාත්මක ප්‍රීමා කුසලාන අවුරුදු 15 න් පහළ ක්‍රිකට් නොවැම්බර් 19 වැනිදා සිට

sinhala editor

සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමට අයත්, ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව 18 වැනි වරටත් සංවිදානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2025 තරගාවලිය මෙවරත් නොවැම්බර් මස 19 වැනිදා ආරම්භ වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික මාර්ග වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම තරඟාවලිය තුළ දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ඉහළ තත්වයක් ගොඩනගා ගනිමින් ජාතික මට්ටමක් වෙත ළඟා වීම සඳහා මෙම තරගාවලිය වේදිකාවක් නිර්මාණය කර දී තිබේ.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර වැනි ශ්‍රී ලංකාවේ වැඩි භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි එනම් පළාත් පහක් ඇතුළත් මෙම පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය 2025 නොවැම්බර් 19 සිට 28 දක්වා කොළඹ ක්‍රීඩාංගණ පහකදී පැවැත් වේ. අවසන් පූර්ව තරඟ නොවැම්බර් 26 වන දින සහ අවසන් තරඟ නොවැම්බර් 28 වන දින කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සඳහන් කර සිටියේ, “ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේදී වෙන්කරන ලද වයස් කාණ්ඩ වැදගත් නිර්ණායකයක් වන බවත් අනාගත ක්‍රීඩකයින් හඳුනාගනිමින් ඔවුන්ව පුහුණු කිරීමට එය වැදගත් සාධකයක් වන බවත්ය. ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය එම තේරීම් කිරීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා,” යනුවෙනි.

ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය  හරහා ජාතික කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් රැසක් බිහිකර තිබෙන අතර ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර වේදිකාවේ අභිමානවත් අන්දමින් නියෝජනය කිරීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

2007 වසරේ සිට ප්‍රීමා සමූහ ව්‍යාපාරය, අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය තුළ නිල අනුග්‍රාහකයා ලෙස ආඩම්බරයෙන් කටයුතු කර ඇත.

සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස්හි ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, “ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය රටේ බිම් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා වන අපගේ දිගු කාලීන හා විශ්වසනීය කැපවීමේ පිළිබිඹුවක් වන බවයි. දශක දෙකකට ආසන්න කාලයක් පුරාවට තරුණ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ හැකියාවන් සොයා ගැනීමට අවස්ථා නිර්මාණය කිරීම සඳහා අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ එක්ව කටයුතු කර තිබෙනවා. එම අවස්ථා හරහා කුසලතා පෝෂණය කරගත් බොහෝ දෙනෙක් ජාතිය නියෝජනය කිරීමේ ශ්‍රේණිගත කිරීම් ඔස්සේ ඉදිරියට ගොස් සිටිනු දැකීම තුළින් අපි අතිශයින්ම තෘප්තිමත් වෙනවා,” යනුවෙනි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, “2011 සහ 2012 ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් තරගාවලියට සහභාගී වීමේ වරප්‍රසාදය මට ලැබුණා, කාලේ අපිට ඒක හොඳ අවස්ථාවක් වුණා, මේ අවුරුද්දේ සහභාගී වෙන තරුණ ක්‍රීඩකකයින්ටත් එය ඉතා හොඳ අත්දැකීමක් වනු ඇතැයි මම විශ්වාස කරනවා,” යනුවෙනි.

2012 සහ 2013 තරඟාවලියට සහභාගී වූ කමිඳු මෙන්ඩිස් සිය මතකය ආවර්ජණය කළේ, සිය ක්‍රිකට් ජීවිතය ආරම්භ කිරීමේදී ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීගය නම් තරඟාවලිය හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන පැතුම් නිශ්ශංක 2013 වසරේ ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීගය තරඟාවලියට ක්‍රීඩා කළ අවස්ථාව සිහිපත් කරමින් සඳහන් කළේ, තරුණ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම තරඟාවලිය වැදගත් භූමිකාවක් ලෙස දිගින් දිගටම වටිනා සේවයක් ඉටු කරනු ඇතැයි යනුවෙනි. ඔහු මේ පිළිබඳව සිය විශ්වාසය පළ කර තිබීම විශේෂත්වයකි.

2025 ප්‍රීමා වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීගය රටේ අපේක්ෂා සහගත යොවුන් ක්‍රිකට් ඉසව්වක් ලෙස ක්‍රියාත්මක වන අතර, තරුණ ක්‍රීඩකයින්ට ඔවුන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ලෝකයක් අභිමුව කීර්තියට සහ පිළිගැනීමට ලක් වීමට කදිම වේදිකාවක් නිර්මාණය කරන බව විශ්වාසයයි.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee