slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2025
අයහපත් කාලගුණය මැද කොළඹ දකුණ හා මහනුවර අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (26) පැවැති පළමු හා දෙවැනි අවසන් පූර්ව තරග දෙකටම අයහපත් ආලෝක තත්ත්වය හරස්වී විසඳුමකින් තොරව නිමාවට පත් විය. එබැවින්, පළමු වටයේදී ලබාගත් වැඩිම ජයග්‍රහණ මත පදනම්වී කොළඹ දකුණ හා මහනුවර කණ්ඩායම් ‍දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්හ. එම අවසන් මහ තරගය මේ මස 28 වැනිදා කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කොළඹ දකුණ හා මහනුවර යන කණ්ඩායම් ‍දෙකම පළමු වටයේදී තරග 4කට සහභාගිවී තරග 3 බැගින් ජයගෙන තරගයක් පරාජයට පත්වී තිබිණි. ගාල්ල හා කොළඹ උතුර යන කණ්ඩායම් දෙක තරග 4කදී ජයග්‍රහණ 2ක් හා පරාජ 2ක් වාර්තා කර තිබූ අතර, දඹුල්ල පිල තරග 4ම පරාජයට පත් විය.

කොළඹ උතුර හා කොළඹ දකුණු අතර පැවැති පළමු අවසන් පූර්ව තරගය වෙළද සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනාගත් ‍කොළඹ දකුණ පිල මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින් කොළඹ උතුර පිල ඕවර් 16කදී කඩුලු 4ක් දැවී ලකුණු 113ක් රැස්කොට තිබිණි. කොළඹ උතුර පිලේ ආරම්භක පිතිකරු මිෂික අබේවර්ධන ලකුණු 29ක් හා චේතන කාවින්ද නොදැවී ලකුණු 55ක් ලබාගත් අතර, දෙනුවන් සතිෂ් කඩුලු දෙකක් බිදහෙලීය. චේතන කාවින්ද මෙවර තරගාවලියේ සිය දෙවැනි අර්ධ ශතකය එක් කළේය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කාසියේ වාසිය දිනාගත් ‍ගාල්ල පිල මුලින් පන්දුවට පහරදී ඕවර් 22කදී කඩුලු 8කට ලකුණු 135ක් ලබාගත් අතර, මහනුවර පිල ඕවර් 5.4කදී කඩුලු 4ක් දැවී ලකුණු 27ක් ලබා සිටියදී තරගය නවතා දැමුණි.

ගාල්ල පිලේ ගෙසඳු බිසෙස් පන්දු 39කදී හයේ පහර 2ක් හා හත‍ේ පහර 3ක් සමඟ ලකුණු 55ක් රැස්කළ අතර, එය මෙවර තරගාවලියේ ඔහු වාර්තා කළ දෙවැනි අර්ධ ශතකය විය. හිරුන් මතීෂ ලකුණු 24ක්, ලිනුවර සත්විඳු ලකුණු 18ක් හා ගයුක කවිෂ්ක නොදැවී ලකුණු 19ක් ලබා ගත්හ. පන්දු යැවීමේදී තිනුල්ක රාජපක්ෂ හා ලකිඳු මෙවුල් කඩුලු දෙක බැගින් බිදහෙළූ අතර, සතිර දෙනුවන් කඩුලු 3ක් බිදහෙලා ගත්තේය.

මහනුවර පිලේ උසුල උදාකර නොදැවී ලකුණු 8ක් හා මන්දිල් ගුණවර්ධන ලකුණු 8ක් ලබාගත් අතර, ගෙසඳු බයිසාස් කඩුලු 2ක් හා ගයුක කවිෂ්ක කඩුල්ලක් බිද‍ෙලා ගත්හ.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee