slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2025
දඹුල්ලේ දිසස් ශතකයක් ලැබුවත් තරගයේ ජය කොළඹ උතුරට

sinhala editor

කුසලතා පිරි යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් සහ ප්‍රීමා ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (19 දා) පැවැති කොළඹ උතුර හා දඹුල්ල අතර තරගයෙන් කොළඹ උතුර පිල ලකුණු 8ක ජයක් ලැබීය.

කොළඹ මැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ඕවර් 38කට සීමාවූ අතර, කාසියේ වාසිය දිනාගත් දඹුල්ල ක්‍රීඩක‍යෝ මුලින් පන්දු රැකීමට තීරණය කළ හෙයින්  කොළඹ උතුර පිල ඕවර් 38කදී කඩුලු 9කට ලකුණු 209ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල පිල ඕවර් 39කදී කඩුලු 5ක් දැවී ලකුණු 201කට සීමා විය.

දඹුල්ල පිලේ ආරම්භක පිතිකරු දිසස් බණ්ඩාර පන්දු 106කදී හයේ 5ක් හා හතරේ පහර 10ක් සමඟ නොදැවී අගනා ලකුණු 101ක් ලබා ගත්තද අනෙක් පිතිකරුවන්ගෙන් වේගවත් දායකත්වයක් නොලැඹුණි. දිසස් බණ්ඩාර හා තාරුක්ෂ ද සිල්වා එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගූ අතර, දිසස් බණ්ඩාර හා සන්තෝෂ් ගුණසේකර අතර තෙවැනි කඩුල්ලට පන්දු 82කදී ලකුණු 92ක් එක් වූහ. පන්දු යැවීමේදී සඳිස කාවින්ද ලකුණු 21කට කඩුලු 2ක් බිදහෙලා දඹුල්ල පිලට පීඩනය වැඩි කළේය.

කොළඹ උතුර පිලේ අංක තුන පිතිකරු චේතින කාවින්ද පන්දු 70කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ අගනා ලකුණු 53ක් ලැබූ අතර, දෙවැනි කඩුල්ලට ආරම්භක පිතිකරු ජනදීප ඔකාෂ් සමඟ එක්ව පන්දු 89කදී ලකුණු 50ක සබඳතාවක් කිරීමට ද සමත් විය.

එමෙන්ම පස්වැනි කඩුල්ලට හෆීස් ජුන්කීර් හා සෙහඳු සමරවීර පන්දු 47කදී ලකුණු 56ක් ගොඩනැඟීමද කොළඹ උතුර පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූ තවත් අවස්ථාවකි. සඳිස කාවින්ද හා අබ්දුල් රහුමාන් 7 වැනි කඩුල්ලට පන්දු 15කදී ඉක්මන් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූහ. දඹුල්ල පිලේ රසිඳු ආකර්ෂා හා නෙසාද් වීරසේකර කඩුලු 3 බැගින් බිදහෙළූහ.

කොළඹ උතුර පිල ඕවර් 38කදී කඩුලු 9කට ලකුණු 209

ජනදීප ඔකාෂ් 27, චේතින කාවින්ද 53, මිෂික අ‍බේවර්ධන 12, හෆීස් ජුන්කීර් 35, ‍සෙහඳු සමරවීර 19, සඳිස කාවින්ද 23, අබ්දුල් රහුමාන් 7, ෂෙනුක් නිලේෂ් නොදැවී 12, අතිරේක 19 (සජිත නෙත්සර 41/1, පබසර වනසිංහ 17/1, රසිඳු ආකර්ෂා 30/3, යුමාල් එගොඩගේ 47/1, නෙසාද් වීරසේකර 39/3)

දඹුල්ල පිල ඕවර් 38කදී කඩුලු 5කට ලකුණු 201

දිසස් කාවින්ද  නොදැවි 101, තාරුක්ෂ ද සිල්වා 25, සන්තෝෂ් ගුණසේකර 39, පබසර වනසිංහ 16, අතිරේක 15 (දෙසිඳු දින්සර 42/1, සඳිස කාවින්ද 21/2, අබ්දුල් රහුමාන් 34/1)

Active filters

Recent Posts

  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee