slc
logo
Home   |    News
නොවැම්බර් 19, 2025
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ආසියානු කුසලාන අවසන් පූර්ව තරග වටයට

sinhala editor

අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට නම් නැගීඑන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ බංගලාදේශ ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 6 තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ අර්ධ අවසන් තරග වටයට අද (19 දා) රාත්‍රියේ සුදුසුකම් ලබාගත්හ.

තරගාවලියේ කඩුලු 5 ක් දවා ගනිමින් කණ්ඩායමේ හොඳම පන්දු යවන්නා බවට පත්ව සිටි විජයකාන්ත් වියස්කාන්ත්ගේ සහයෝගය නොමැතිව ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබා ගැනීම විශේෂත්වයක් විය. ඒද මූලික වටය යටතේ එතෙක් අපරාජිතව සිටි බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව වීම කැපී පෙනෙයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව්දෙනාම සාර්ථක පිතිහරඹය නිරත වුවත්, 11 වැනි පන්දුවාරය යැවූ ගරුක සංකෙත් විසින් ඒ වන විට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි සවාඩ් අබ්රාර් දවා ගැනීමත් සමග තරගයේ වාසිය ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම දෙසට දෝලනය වන්නට විය.

එතැන් පටන් ග්‍රහණය තර කළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් පන්දුවාරයේදී ප්‍රතිවාදීන්ගේ ජයග්‍රාහී පරතරය ලකුණු 18 ක් දක්වා ඈතට රැගෙන ආහ. ඒ අනුව අවසන් පන්දුවාරය යැවීම සදහා පන්දුව අතට ගත් මිලාන් රත්නායක එම පන්දුවාර ලකුණු 11 කට සීමා කොට කඩුල්ලක්ද දවා ගනිමින් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල බලාපොරොත්තුවෙන් සිටි ජයග්‍රහණය රැගෙන ඒමට සමත්වූවේය.

මෙහිදී අවසන් පන්දු 12 දී බංග්ලාදේශ පිලට ලබා ගත යුතු වූයේ ලකුණු 25 ක් පමණක් වුවත් 19 වැනි පන්දුවාරය යැවූ ගරුක සංකෙත් එම පන්දුවාර ලකුණු 07 කට සීමා කිරීම නිසා ශ්‍රී ලංකාවට අවසන් පන්දු වාරයේදී වැඩි පරතරයක් රඳවා ගැනීමට අවස්ථාව හිමිවිණ.

ඊට පෙර 14 වැනි පන්දුවාරය යැවීමට පැමිණි නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රථමයෙන්ම මහිදුල් ඉස්ලාම් අන්කෝන් (08) ගේ කඩුල්ලද අනතුරුව ඊළඟ පන්දු වාරයේ හෙවත් තමයන් යවන ලද 6 වැනි පන්දුවේදී එතෙක් වෙලා ලකුණු 25 ක් ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටි නායක අක්බර් අලී (25) ගේ කඩුලු දවා ගනිමින් පීඩනය තව තර කළේය. තරගවාසනයේ තම පන්දු යැවීම පන්දුවාර 4 කදී ලකුණු 19 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් කරගත් ශ්‍රී ලංකා ‘ඒ‘ නායකයා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයද දිනා ගත්තේය.

දෝහා රාජ්‍යෙයේ පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය තමන් සතු කර ගත් බංග්ලාදේශ ඒ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාා ඒ කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිවුදෙනාටම ලකුණු අතරට පැමිණීමට නොහැකි විය. නිශාන් මදුෂ්ක (09), විශේන් හැළඹගේ (13), ලසිත් කෘෘස්පුල්ලේ (09) සහ නුවනිඳු ප්‍රනාන්දු (15) යන ඉදිරි පෙළ පිතිකරුවන් සිවු දෙනාම මුලු ලකුණු සංක්‍යාව 51 ක් වද්දී දැවී යන විටත් ලකුණු පුවරුවේ ක්‍රියාත්මක වෙමින් පැවැතියේ 8 වැනි පන්දුවාරයයි.

කෙසේ වෙතත් 5 වැනි කඩුල්ලට රමේෂ් මෙන්ඩිස් සහ 6 වැනි කඩුල්ලට දුනිත් වෙල්ලාලගේ සමග එක් වූ අංක 5 පිතිකරණ ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 150 ඔබ්බට රැගෙන යෑමට මූලිකත්වය ගත්තේය. පන්ද 49 කට මුහුණ දුන් සහන් ආරච්චිගේ තම ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 69 ක් රැස් කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් රමේෂ් මෙන්ඩිස් පන්දු 18 කදී ලකුණු 17 ක්ද නායක දුනිත් වෙල්ලලගේ පන්දු 14 කදී ලකුණු 23 ක් ද රැස් කළහ.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුනු 159 යි – (සහන් ආරච්චිගේ 69, නිශාන් මදුෂ්ක 09, විශේන් හැළඹගේ 13, ලසිත් කෘෘස්පුල්ලේ 09, නුවනිඳු ප්‍රනාන්දු 15, රමේෂ් මෙන්ඩිස් 17, දුනිත් වෙල්ලාලගේ 23, මිලාන් රත්නායක 01*, ප්‍රෙමා්ද් මදුෂාන් 01*,රිපෝන් මොන්ඩොල් 41/2, අබූ හයිදර් 37/2)

බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 153 යි – (හබිබූර් සොහාන් 27, ජිශාන් අලාම් 17, සවාඩ් අබ්රාර් 26, අක්බාර් අලී 25, මහිදුල් අන්කෝන් 08, යසීර් අලී 20, එස්.එම්. මෙහෙරොබ් 16*, දුනිත් වෙල්ලාලගේ 19/3, ගරුක සංකෙත් 32/1, මිලාන් රත්නායක 35/1, ට්‍රෙවීන් මැතිව් 26/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee