slc
logo
Home   |    News
නොවැම්බර් 20, 2025
ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක්

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දැක්වූ අදහාගත නොහැකි දුර්වලතාව හේතුවෙන් පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ අද (20 දා) ලකුණු 67 ක පරාජයකට මුහුණ දුන්නේය.

රාවල්පිණ්ඩිහි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කන්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලබා දුන් ලකුණු 163 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 95 ක් පමණි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තරමක් දුරට සාර්ථකත්වයට පැමිණි එකම පිතිකරුවා වූයේ නායක දසුන් ශානක වන අතර ඔහු පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 ක් රැස් කර ගත්තේය. ඒ හැරුණු කොට ද්විත්ව ඉලක්කම් සංඛ්‍යාව කරා පැමිණි එකම පිතිකරුවා වූයේ භානුක රාජපක්ෂ වන අතර ඔහුද ලබා ගත්තේ ලකුණු 11 කි.

පළමු පන්දුවාරයේදීම පැතුම් නිස්සංක ලකුණු නොලබා දැවී ගිය අතර එතැන් පටන් පිතිකරුවන්ට ලකුණු රැස් කර ගැනීමට වඩා වඩා ප්‍රමුඛතාවය ලබාදීමට සිදුවූයේ කඩුලු ආරක්ෂා කර ගැනීිමට විය. රාත්‍රි කාලයේ ඇති ශීතල සහ පිණි සහිත තත්ත්වය මනාව ප්‍රෙයෝජනයට ගත් සිම්බාබ්වේ පන්දු යවන්නෝ අසාමාන්‍ය දෝලනයක් සහිතව ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනය එල්ල කළේ ඊට නොදෙවැනි පන්දු රැකීමකද නිරත වෙමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කඩුලු අතර දිව යෑමේදී කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත් වූයේ දුවද්දී දැවී යෑඹ නිසාය.

ශ්‍රී ලංකා පිතිකරුවන් කෙතරම් අසරණතාවයට පත් වූවේද කිවහොත් පන්දුවාරයකට ලකුණු 8 කට වඩා වැඩි වේගයකින් ලකුණු රැස් කර ගත යුතු තත්ත්වයකදී ඔවුනට අධිවේගී පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාවේදී රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 25 ක් පමණි. ඒ අතරතුර කාලයේදී කඩුලු 2 ක් දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූහ. එය මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම පවර් ප්ලේ අවස්ථාවකදී රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය.

ශ්‍රී ලංකා ඉනිමේ තත්ත්වය එවන් කණගාටුදායක තත්ත්වයක පැවැතෙද්දී පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල වෙනුවෙන් බ්‍රයන් බෙනට් (49) සහ නායක සිකන්දර් රාසා (47) දෙදෙනාගේ පිතිහරඹය හේතුවෙන් සිම්බාබ්වේ කන්ඩායමට ලකුණු 162 ක් දක්වා ඉදිරියට යෑමට මං විවර විය. ප්‍රතිවාදී පිතිකරුවන් හමුවේ සිය පන්දුව අණසක පැතිරූ වනිඳු හසරංග ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගනිද්දී සිය පළමු විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනාගත් එෂාන් මාලිංග ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සිම්බාබ්වේ ඉනිම ක්‍රියාත්මක වද්දී නිලකුණු පන්දු 42 ක් සනිටුහන් කර ගැනීමට සමත් වුවත් ඉතිරි පන්දු 78 න් ඔවුන් ලකුණු 162 වාර්තා කර ගැනීමට ඔවුහු සමත්වූහ. ඒ අතර එම ප්‍රතිවාදී පිලේ පිතිකරුවන් විසින් හයේ පහර 11 ක් සහ හතරේ පහර 6 ක් එල්ල කිරීමටද වගබලාගෙන තිබිණ.

සිම්බාබ්වේ පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ට ලකුණු 162 යි – බ්‍රයන් බෙනට් 49, තඩිවංශේ මරුමානි 10, සිකන්දර් රාසා 47, බ්‍රෙන්ඩන් ටේලර් 11, රයන් බර්ලි 18, තෂින්ගා මුසේකිිවා 11, වනිඳු හසරංග 32/3, එෂාන් මාලිංග 27/2, දුෂ්මන්ත චමීර 27/1, මහීෂ් තීක්ෂණ 30/1

ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසනදී සියලු දෙනා දැවී ලකුණු 95 යි – දසුන් ශානක 34, භානුක රාජපක්ෂ 11, පැතුම් නිස්සංක 00, කුසල් මෙන්ඩිස් 06, කුසල් පෙරේරා 04, කමිඳු මෙන්ඩිස් 09, වනිඳු හසරංග 08, දුෂ්මන්ත චමීර 01, මහීෂ් තීක්ෂණ 08, එෂාන් මාලිංග 01, නුවන් තුෂාර 02*, බ්‍රැඩ් එවන්ස් 09/3, රිචරඩ් න්ගරාවා 15/2, ටී. මපොසා 17/1, සිකන්දර් රාසා 23/1, ග්‍රේම් ක්‍රිමර් 17/1, රයන් බර්ල් 08/1

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee