slc
logo
Home   |    News
දෙසැම්බර් 18, 2025
ප්‍රීමා කුසලාන 15 න් පහළ අවසන් මහ සටන හෙට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 19 වැනිදා (හෙට) කොළඹ වෙළෙඳ සේවා සංගම් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනු ඇත. ඉකුත් වසරේ ශූරයන් බවට පත් වුණු කොළඹ දකුණු කණ්ඩායම සහ අනුශූරයින් වුණු මහනුවර කණ්ඩායම් මෙවර තරගාවලියේද අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම කැපී පෙනිණ.

මෙම තරගාවලිය ඉකුත් නොවැම්බර් මසදී පැවැත්වුණු අතර අවසන් මහ තරගය නොවැම්බර් මස 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් මුලු දිවයිනටම බලපාන පරිදි ඇතිවූ ‘දිට්වා‘ සුළි කුණාටු තත්ත්වය සමග ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් 19 දක්වා කල් දැමීමට තරග සංවිධායකයින්ට සිදුවිය.

මෙම අවසන් මහ තරගයේදී කොළඹ දකුණු කණ්ඩායම ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ මෙතුක ගුණරත්න විසින්ද, මහනුවර කණ්ඩායම මහනුවර විද්‍යාර්ථ විදුහලේ ලකිඳු මෙවුල් විසින්ද මෙහෙයවනු ලබති.

හෙට අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලබන කොළඹ දකුණු කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම් මූලික තරග වටය යටතේ සහභාගිවුණු තරග 4 න් 3 ක් ජය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානවලට පත්විය. තරග 4 න් 2 ක් ජය ගත් ගාල්ල කණ්ඩායම තෙවැනි ස්ථානයටත්, කොළඹ උතුර කණ්ඩායම සිව්වැනි ස්ථානයටත් පත්වෙමින් අවසන් පූර්ව තරග වරම් දිනා ගනු ලැබුවද, එම තරගවලටද වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගාවලියේ නීති රීතීන්ට අනුව අවසන් මහ සටනට සුදුසුසන් තේරීම ප්‍රසාද ලකුණු මත පදනම්ව ගැනිණ. ඒ අනුව ඉදිරියෙන් සිටි කොළඹ දකුණු කණ්ඩායමත් මහනුවර කණ්ඩායමත් අවසන් මහ තරග වරමට සුදුසුකම් ලදහ.

මෙවර තරගාවලියද පළාත් කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැති අතර දඹුලු කණ්ඩායම මූලික තරග වටයෙන්ම ඉවතට විසිවිය. තරගාවලියේ සියලුම තරග, කොළඹ විශ්වවිදුහල්, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම්, කොළඹ රාජකීය විදුහල්, තර්ස්ටන් විදුහල් සහ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණවල පැවැත්විණ.

ඒ අනුව හෙට පැවැත්වෙන අවසන් මහ තරගය කොලඹ වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී පෙ.ව. 9.45 ට ආරම්භ වනු ඇත. මෙම අවසන් මහ තරගයේ තරග තීරක ලෙස සුදත් මුණවීර මහතා කටයුතු කරන අතර පිටියේ විනිසුරුවරුන් ලෙස ගාමිණී කුලසේකර සහ චන්දන කුමාර ද සිල්වා කටයුතු කරනු ඇත.

මහනුවර – ලකිඳු මෙවුල් (නායක- විද්‍යාර්ථ විද්‍යාලය), උසුල උදාකර (ශාන්ත අන්තෝනි විද්‍යාලය), රන්දිදු නාරායන (ත්‍රිත්ව විද්‍යාලය), සවිත විතානගේ (ස්ප්‍රිංෆීල්ඩ් ජාත්‍යන්තර පාසල), රනෝආදිත් විජේරත්න (ත්‍රිත්ව විද්‍යාලය), අනුහස් ඩිල්ෂාන් (ගාමිණී ම.වි.), මන්දිල් ගුණවර්ධන (ධර්මරාජ විද්‍යාලය), සනිරු අනුහස් දහනායක (කිංග්ස්වුඩ් විද්‍යාලය), ඩොමිනි ගයන්ත (ඩඩ්ලි සේනානායක), තිනුලක රාජපක්ෂ (ධර්මරාජ විද්‍යාලය), ඔකිඳු එදිරිසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය), ඉමන්ජිත් දිසානායක (ත්‍රිත්ව විද්‍යාලය), ශෂිත් බණ්ඩාර (ධර්මරාජ විද්‍යාලය), ශතිර දෙනුවන් (ශාන්ත අන්තෝනි විද්‍යාලය), තිමල සංකලණ (අග්‍රබෝධි ජාතික පාසල), තරුෂ නිමන්ත (ශාන්ත මරියා විද්‍යාලය), සහාය කාර්යය මණ්ඩලය – මහනුවර – අමිල පින්නදූව (ප්‍රධාන පුහුණුකරු), උමල් රන්දික (සහාය පුහුණුකරු), සංජය ලක්සිරි ද සිල්වා (සහාය  පුහුණුකරු), පී. ගනේෂ් කුමාර් (කලමනාකරු/ක්‍රිකට් භාර ආචාර්ය) ගජබා පිටිගල/සුනිල් වික්‍රමනායක (පළාත් තේරීම් නිලධාරී)

කොළඹ දකුණ – මෙතුක ගුණරත්න (නායක – ශාන්ත තෝමස්), සේවෙන් ගමගේ (රාජකීය), මෙනුර දිසානායක (ශාන්ත පීතර), මියුරු බණ්ඩාර (D.S සේනානායක), චේනුක මිත්සර (ආනන්ද ශාස්ත්‍රලය කෝට්ටේ), ලිතුම් දේවසුරේන්ද්‍ර (වේල්ස් කුමර), රනුද රණසිංහ (රාජකීය), සෂිදු සිල්වා (ශාන්ත පීතර), නවීනු ප්‍රනාන්දු (ශාන්ත සෙබස්තියන්), දෙනුවන් සතිෂ් (වේලපුර ම.වි), චානුග මුදලිගේ (ශ්‍රී සුමංගල), ආකාෂ් දිසානායක (වේල්ස් කුමර), ගගන් ගමගේ (රාජකීය), සනුග දුල්මික (ධර්මපාල), ඉමේෂ් චතුරංග සිල්වා (වාද්දුව මැදි මහ), හමීඩ් අෆ්දාල් (D.S සේනානායක), සහාය කාර්යය මණ්ඩලය – කොළඹ දකුණ – අමිල පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), චමින්ද කොඩිකාර (සහාය පුහුණුකරු), නිසංසල මෙන්ඩිස් (සහාය පුහුණුකරු) කනිෂ්ක පෙරේරා (කලමනාකරු/ක්‍රිකට් භාර ආචාර්යය), සුසන්ත කරුණාරත්න/නිලන්ත රත්නායක (පළාත් තේරීම් නිලධාරී)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar