slc
logo
Home   |    News
දෙසැම්බර් 30, 2025
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට

sinhala editor

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරු (Consultant Fast Bowling Coach) ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගව  පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. අදාළ පත් කිරීම 2025 දෙසැම්බර් මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර, මාසයක කාලයකට සීමිත කාලීන පදනමක් මත සිදුකර තිබේ.

2026 වසරේ පැවැත්වීමට නියමිිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලානයට පෙර සූදානම් වීමේ වැඩසටහනේ කොටසක් ලෙස, වේග පන්දු යවන්නන්ගේ සූදානම සහ කුසලතා සංවර්ධනය සඳහා ලසිත් මාලිංගගේ සේවය ලබා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට්හි අපේක්ෂාව වී තිබේ.

විශේෂයෙන්ම T20 ක්‍රිකට් ආකෘතියේදී, අවසන් පන්දුවාර කීපයේදී පන්දු යැවීම (Death Bowling) පිළිබඳව ලසිත් මාලිංග මහතා සතු විශාල අත්දැකීම් සහ විශේෂ දක්ෂතාව, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමට මහත් දායකත්වයක් සපයනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සංවිධානය කරන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 වසරේ පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, එහි ආරම්භක තරගය කොළඹ, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී (SSC) පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

  • හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට
    ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ. […]
  • මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති
    කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා […]
  • අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට
    පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත […]
  • ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති
    පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම […]
  • දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති
    මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee