slc
logo
Home   |    News
දෙසැම්බර් 29, 2025
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් සැලසුම් කළ පරිදිම

sinhala editor

යාපනයේ – මන්ඩතිව් ප්‍රෙද්ශයෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් යළි ආරම්භ කර ඇති අතර ඒවා සැලසුම් කර පරිදි සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඉකුත්දා ඇතිවු දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම්වලට සෘජුවම බාධා එල්ලවූ බැවින් එහි ඉදිකිරීම් නතර කර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. එබැවින් 2026 වසරේ ජනවාරි මස 14 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබූ පෙර පුහුණු තරගය පැවැත්වීමේ හැකියාව නොමැති බව පවසා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පෙබරවාරි සහ මාර්තු මාසයන්හිදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව එම පෙරහුරු තරගය පැවැත්වීමට හැකියාව පවතින බවද වැඩිදුරටත් නිවේදනය කරමින් කියා සිටියි.

සැලසුම් කළ කාල රාමුව ඇතුළත ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකි වේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරයි.

අක්කර 48 ක භූමි භාගයක් පුරා ඉදිකෙරෙන මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මධ්‍ය තණතීරු 10 කින් සමන්විත වේ. එය ජාත්‍යන්තර තරගයක් පැවැත්වීමේදී හතරේ සීමාව එළිය හැකි උපරිම දුර සීමාව වන මීටර 80 ක දුරකින් යුක්තව ඉදිකෙරෙනු ඇත. අක්කර 138 ක භූමි ප්‍රමාණයකින් යුත් යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන මෙම ක්‍රීඩාංගණය ‘ක්‍රීඩා නගරයක්‘ ඉදිකිරීම සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිගුකාලීන ව්‍යාපෘතියක කොටසක් වනු ඇත.

මෙම ඓතිහාසික මුල පිරීම ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීමේ වැදගත් කාර්යය භාරයක් ඉටු කරන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන ගමන් මග වැඩසටහනේද කොටසක් වනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee