slc
logo
Home   |    News
දෙසැම්බර් 31, 2025
ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් ප්‍රවේශපත්‍රවල ලාභය Rebuilding Sri Lanka  අරමුදලට

sinhala editor

ජනවාරි මස 07 වැනිදා සිට ආරම්භ වන පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන සියලුම ක්‍රිකට් තරගවල ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ලාභය, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදුවූ අතිවිශාල හානියෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම අරමුණු කරගනිමින් ස්ථාපිත කර ඇති Rebuilding Sri Lanka (ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම) අරමුදලට පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජයේ විසින් සිදුකරනු ලබන පුනරුත්ථාපන වැඩසටහනට සහාය දැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුළුල් උත්සාහයේ කොටසක් ලෙස, ෂම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගන්නා ලදී.

ඒ අනුව, වැඩසටහන පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා තරග මාලාව පුරා පියර කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධි විධාන යොදා තිබේ. ඒ අතර ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මෙම වැඩසටහන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් #VisitSriLanka හැෂ් ටැගය තරඟ පැවැත්වෙන ස්ථානවලදී ප්‍රදර්ශනය කරනු ඇත.

පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ විස්සයි-20 තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර තරග සියල්ලම රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය ජනවාරි මස 11 වැනිදා දක්වා පැවැත්වේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar