slc
logo
Home   |    News
දෙසැම්බර් 19, 2025
ශ්‍රී ලංකා යොවුන් පිලේ අවසන් මහ තරග බලාපොරොත්තුව බිඳ වැටෙයි

sinhala editor

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මෙහෙයවීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දියානු යොවුන් ක්‍රීඩකයෝ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරග අවස්ථාවට අද (19 දා) සුදුසුකම් ලබා ගත්හ.

වැළිකතරට වර්ෂාව යනු කිසිසේත්ම අපේක්ෂා කළ නොහැක්කක් වුවත්, මෙම තරගයට වර්ෂාව හරස්වීම නිසා තරගය එක් පිලකට පන්දුවාර 20 බැගින් සීමාවෙමින් පැවැත්විණ. ඩුබායිහි අන්තර්ජාතික ක්‍රිකට් සභා විද්‍යාතයන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 8 කට ලකුණු 138 ක් ලබා ගත් නමුත්, ඉන්දීය යොවුන් පිතිකරුවෝ අපහසුවකින් තොරව පන්දු 12 ක් සහ කඩුලු 8 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින 14 වියැති වෛභාවි සූර්යවංශීව ලකුණු 09 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, අනතුරුව පැමිණි ඒරන් ජෝර්ජ් ලකුණු 58 ක් සහ විහාන් මල්හෝත්‍රා ලකුණු 61 ක් ලෙසින් සිය ඉනිම නොබිඳිව තබා ගනිමින් පන්දුවට පහර දීමට සමත්වීම නිසා අපහසුවකින් තොරවම අවසන් මහ තරගයට දොරටු විවර කර ගැනීමට සමත්වූවේය.

මොවුන් දෙදෙනා අතර තුන්වැනි කඩුල්ලේ අඛණ්ඩ සම්බන්ධතාව 114 ක් විය. ඒ සඳහා මොවුන් මුහුණ දුන්නේ පන්දු 87 කට පමණි.

ඉන්දීය නායකයාගේ ආරාධනියෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩයමේ පළමු කඩුලු 3 ම ලකුණු 28 ක් ඇතුළතද දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූහ. නායක විමත් දින්සර (32), සහ චාමික හීනටිගල (42) එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ දැමූ නමුත්, ලකුණු 11 ක් ඇතුළත කඩුලු 3 ක් දැවී යෑම නිසා යොවුන් කණ්ඩායම අසීරුතාවයට ලක්වූවේය.

එහෙත් සෙත්මික සෙනෙවිරත්න සමග එක් වූ චාමික හීනටිගල 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත්, එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 138 යි – (විරාන් චමුදිත 19, විමත් දින්සර 32, චාමික හීනටිගල 42, සෙත්මික සෙනෙවිරත්න 30, හෙනිල් පතෙල් 31/2, කනිෂ්ක චෞහාන් 36/2)

ඉන්දීය යොවුන් කණ්ඩායම පන්දුවාර 18 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 139 යි – (ඒරන් ජෝර්ජ් 58, විහාන් මලහෝත්‍රා 61*, රසිත් නිම්සර 31/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar