slc
logo
Home   |    News
දෙසැම්බර් 17, 2025
ශ්‍රී ලංකා යොවුන් පිළේ අපරාජිත භාවය බංග්ලාදේශය හමුවේ බිඳ වැටෙයි

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වෙන අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසන් කරමින් අද (17 වැනිදා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 39 ක ජයක් වාර්තා කළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම එම ‘බී‘ කාණ්ඩයේ අපරාජිතව අවසන් පූර්ව වරම දිනා ගත්තේය.

මෙම පරාජයත් සමග එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 19 වැනිදා ඉන්දියානු යොවුන් කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව තරගයේදී ද පෙරමුණට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම පාකිස්තානු යොවුන් කණ්ඩායම සමග එම දිනයේදීම තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා යොවුන් නායක විමත් දින්සරගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම විටෙක කඩුලු 2 කට ලකුණු 156 ක් ලබා ප්‍රභල ස්ථානයක පසු වුවත්, අවසන් කඩුලු 8 ම ලකුණු 69 කදී දැවී යෑම නිසා ඔවුන්ට නියමිත පන්දුවාර 50 හෝ ක්‍රීඩා කිරීමට නොහැකි විය. පන්දුවාර 46.3 කදී බංග්ලාදේශ සියලුම පිතිකරුවන් දැවී යද්දී ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 225 ක් ලෙසිනි.

එම කඩුලු 8 ම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යෑමෙන් පෙන්නුම් කරන ලද්දේ පස්වරු කාලයේ පන්දුවට පහර දීම ශ්‍රී ලංකා පිලටද අසීරු වන බවකි. ඒ අයුරින්ම ශ්‍රී ලංකා පිතිකරුවෝ අනපේක්ෂිත කඩා වැටීමකට මුහුණ දුන්හ. එහි ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 49.1 ක් යොමු කරනවාත් සමග ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 186 කදී නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භයේ සිටම පිතිකරුවන් ලකුණු ලබා ගැනීම සඳහා තරමක අසීරුතාවයක් පෙන්නුම් කළ අතර එහි අනගි ප්‍ර යෝජන ගත් බංග්ලදේශ පන්දු යවන්නෝ ලකුණු 80 ක් වන විට ඉදිරි පෙළ පිතිකරුවන් පස් දෙනාම දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමට සමත්වූහ. ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි පිතිකරුවා ලෙස දුල්නිත් සිගේරා 37 වැනි පන්දුවාරයේදී දැවී යනවිටත් ශ්‍රී ලංකාව ලබා සිටියේ ලකුණු 116 ක් පමණි. ඒ අතරතුර ශ්‍රී ලංකා පිතිකරුවන් කෙතරම් පීඩනයට පත් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්වූවේද කිවහොත් එක් අවස්තාවක ඔවුන් පන්දු 50 කින් හතරේ පහරක් හෝ හයේ පහරක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට අවස්ථාව ලබා නොදුන්නේය.

මේ තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ශ්‍රී ලංකාවට ඒ වනවිටත් පන්දුවාරයකට ලබා ගත යුතු දළ වේගය ලකුනු 08 කට ආසන්න අගයක් වූ අතරම කඩුලුද අත ඉතුරුව නොතිබීම තවත් ගැටලුවක් වී තිබිණ. එම අසිරුතාවයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට චාමික හීනටිගල (41) ක් සහ ආදම් හිල්මි (39) දැඩි උත්සායක නිරත වූ නමුත්, තරගය ඒ වන විටත් හරවා ගත නොහැකි තැනකට බංග්ලාදේශ පන්දු යවන්නෝ රැගෙන ගොස් තිබුණහ.

බංග්ලාදේශ ඉනිම ක්‍රියාත්මක වීමේදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක ආරම්භයක් ලබා දීමට ඔවුන්ගේ ආරම්භක පිතිකරුවෝ සමත්වූහ. එහෙත් විරාන් චමුදිත විසින් බංග්ලාදේශ යොවුන් පිලේ නායක අසිසුල් හකීම්ගේ කඩුල්ල දවා ගැනීමත් සමග බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීම ඇරඹිණ.

මෙහිදී අනගි පන්දු යැවීමක නිරත වුණු තුන් ඉරියව් ක්‍රීඩක කවීජ ගමගේ පන්දුවාර 10 ම ලකුණු 38 කට සීමා කරමින් කඩුලු 4 ක් දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැද්දවීමට සලස්වමිනි. පන්දු යැවීමට අමතරව ප්‍රතිවාදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා දවා ගැනීම වෙනුවෙන් කවීජ කැපී පෙනන උඩ පන්දු දෙකක්ද රැක ගත්තේ බංග්ලාදේශ පසු පෙළ අඩ පණ කිරීමට තවත් විදියකින් දායකත්වය දක්වමිනි.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 225 යි – (සවාඩ් අබ්රාර් 49, රිෆාට් බෙග් 36, අසිසුල් හකීම් 29, කලාම් සිිද්දික් 32, ෆරීඩ් හසන් 29, රසින්ත නිම්සර 57/2, විරාන් චමුදිත 19/2, කවීජ ගමගේ 38/4)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම  පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 186 යි – (චාමික හීනටිගල 41, දුලින්ත සිිගේරා 14, දිමන්ත මහවිතාන 13, විරාන් චමුදිත 12, විමත් දින්සර 17, ආදම් හිල්මි 39, රසිත් නිම්සර 12, ඉක්බාල් හොසේන් 37/3, සමිවුන් බෂීර් 27/2, ශෘරියර් අහමඩ් 27/3)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee