slc
logo
Home   |    News
දෙසැම්බර් 13, 2025
ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු කුසලාන පළමු කඩඉම ජය ගනිති

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගිවූ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට අද (දෙසැම්බර් 13 වැනිදා) පස්වරුවේ සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම පන්දුවාර 28.5 කදී සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 82 ක් පමණි. නේපාල කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වුණු දකුණතින් මඳ වේග පන්දු යවන සෙත්මික සෙනෙවිරත්න පන්දුවාර 9.5 කදී එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 25 කට කඩුලු 5 ක් දවා ගත්තේය.

නේපාලකණ්ඩායම වෙනුවෙන් වාර්තා වුණු වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ සිබ්‍රිින් ශ්‍රේතා විසින් වාර්තා කරන ලද ලකුණු 18 විය. ඔහු හැරුණු කොට පිතිකරුවන් දෙදෙනෙකුට පමණක් ද්විත්ව ලකුණු සංඛ්‍යාවන් කරා යෑමට පන්දු යවන්නන් අවස්ථාව ලබා දී තිබූ නමුත්, අතිරේක ලකුණු 19 න් 15 ක්ම වයිඩ් පන්දු ලෙසින් ප්‍රතිවාදී පිලට ලබා දී තිබුණි.

සෙත්මික හැරුණු කොට නායක විමත් දින්සර යොදා ගත් සෙසු  පන්දු යවන්නන් පස් දෙනාගෙන් විරාන් චමුදිත හැර අනෙක් සියල්ලෝම එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත්වූහ.

ඉලක්කය හඹා යෑමේදී සාර්ථක ආරම්භයක් ලබා දුන් දිමන්ත මහවිතාණ පන්දු 49 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 39 ක් ලබා ශ්‍රී ලංකා ජයග්‍රහණය සහතික වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටයියේය. ඔහු හැරුණ කොට උප නායක කවීජ ගමගේ පන්දු 29 කදී ලකුණ 24 ක් ලබා තම කඩුල්ල ආරක්ෂා කර ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය මේ මස 15 වැනිදා ඇෆ්ගනිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනු ඇත.

නේපාල අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 28.5 කදී සියලු දෙනා දැවී ලකුණු 82 යි – (සිබ්‍රීන් ශ්‍රේථා 18, කුමාර් යාදව් 10, සහිල් පටෙල් 12, සෙත්මික සෙනෙවිරත්න 25/5, රසිත් නිම්සර 18/1, විග්නේස්වරන් ආකාශ් 15/1, දුල්නිත් සිගේරා 03/1, චාමික හීනටිගල 06/1)

ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 14.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 84 යි – (කවීජ ගමගේ 24*, විරාන් චමුදිත 10, දිමන්ත මහවිතාන 39*, දයානන්ද් මන්දල් 16/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar