slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2025
ප්‍රීමා කුසලාන නැවතත් කොළඹ දකුණ සන්තකයට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද  ප්‍රීමා කුසලාන අවුරුදු 15 න්  පහළ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් දිනා ගැනීමට කොළඹ දකුණ කණ්ඩායම සමත්විය. වෙළෙඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩා පිටියේපැවැති එම අවසන් මහ තරගයේදී මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 80 ක  පහසු ජයක් වාර්තා කර ගනිමින් කොළඹ දකුණු ක්‍රීඩකයෝ මෙම ශූරතාව තවදුරටත් තමන් සතු කර ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 198 ක ඉලක්කයක් හඹා ගිය මහනුවර කණ්ඩායමට පන්දුවාර 42 ක් දැවී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 117 ක් පමණි. මෙහිදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ දෙනුවන් සතීසර කඩුලු 3 ක්ද සහ ලිතුම් දේවසුන්දර කඩුලු 2 ද දවා ගත්හ.

කොළඹ දකුණු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ කඩුලු පිට කඩුලු දැවී ගිය මහනුවර කණ්ඩායමේ එක් අන්තයක් රැකගෙන පන්දුවට පහර දුන් හෂිත් බණ්ඩාර පන්දු 66 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 41 ක් ලබා ගත්තේය. සචිත විතානගේ ලකුණු 22 ක් ලබා ගත්තේ හතරේ පහර 2 ක් සමගිනි.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී සියලු දෙනා දැවී ලකුණු 197 ක් රැස් කර ගත්තේය. මෙහිදී කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ආරම්භක පිතිකරු මියුරු බණ්ඩාර වන අතර ඔහු පන්දු 75 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 41 ක් රැස් කර ගත්තේය.ඊට අමතරව වේනුක මිත්සර පන්දු 83 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 27 ක්ද රනුද රණසිංහ පන්දු 45 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 33 ක්ද සහ සනුග දුල්මික රැස් කළහ. ඊට අමතරව පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 24 ක් ලබා කොළඹ දකුණු ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට දායකත්වය දැක්වූවයේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටු සභාපති නලින් අපෝන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංඛේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ වීරයා සම්මානය කොලඹ දකුණු කණ්ඩායම වෙනුවෙන් ලකුණු 33 ක් රැස් කළ රනුද රණසිංහ විසින් දිනාගනිද්දී තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් කොළඹ දකුණු කණ්ඩායමේ සතිර දෙනුවන්ද, දක්ෂතම පිතිකරු ලෙසින් ගාල්ල කණ්ඩායමේ ගෙසඳු බිසස්ද සම්මාන දිනා ගත්හ. මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් පිදුම් ලබන ලද්දේ ගෙසඳු බිසස් විසින් වීම කැපී පෙනුනි.

මෙම අවස්ථාවට අපෝන්සු මහතාට අමතරව ප්‍රීමා සමූහයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති විරාජිත් කඩවද්දුවගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුද සහභාගිව සිටියහ.

කොළඹ දකුණු කණ්ඩායම පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 197 යි – (මියුරු බණ්ඩාර 41, මෙතුක ගුණරත්න 13, වේනුක මිත්සර 37, රනුද රණසිංහ 33, හාමිඩ් අෆ්ඩාල් 17, සනුග දුලිමික 24, තිනුලක රාජපක්ෂ 40/3, ශතිර දෙනුවන් 28/2)

මහනුවර කණ්ඩායම පන්දුවාර 42 කදී සියලු දෙනා දැවී ලකුණු 117 යි – (සචිත විතානගේ 22, ශෂීත් බණ්ඩාර 41*, දෙනුවන් සතීෂර 08/2, ලිතුම් දේවසුන්දර 20/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee