සංචාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම අතර බංග්ලාදේශයේ චෙටෝග්‍රෑම්හි නුවරදී අද (09 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිිය 1-1 ක් ලෙස දෙපිළම සම තත්ත්වයේ පසුවන බැවින් අනිද්දා පැවැත්වෙන තෙවැනි තරගයේ ප්‍රතිඵලය අනුව තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තීරණය වනු ඇත.
ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවාර 45.5 ක් අවසනදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. මෙහිදී කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ හිරුන් මතීෂ පන්දු 136 කදී නොදැවී ලකුණු 80 ක් රැස් කර ගත්තේ තම ඉනිමට හතරේ පහර 6 ක්ද ඇතුළත් කරමිනි.
රෙහාන් පීරිස් (18) මුලු ලකුණු සංඛ්‍යාව 31 ක්ව තිබියදී දැවී ගිය නමුත් අරෝෂ සිතුමිණට එක් වූ හිරුන් මතීෂ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් එක් කළහ. මෙය මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රධානම අඩිතාලම වැටුණු සම්බන්ධතාව ලෙසින් එම කඩුල්ලේ සම්බන්ධතාව හැඳින්විය හැක. ඊට අනගි දායකත්වයක් ලබා දුන් අරෝෂ පන්දු 63 කදීි ලකුණු 50 ක් රැස් කළේ හයේ පහරක් සහ හතරේ පහර 6 කින් තම ඉනිම සරසා ගනිමිනි.
කාසියේ වාසියත් සමසග පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 194 ක් රැස් කර ගත්තේය. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ජරීෆ් සියාම් පන්දු 65 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් රැස් කර ගත්තේය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු හිමරු දේහාන් ලකුණු 33 කට කඩුලු 3 ක් බිද හෙළදද්ද, මිනුග නෙත්සර ලකුනු 38 කට කඩුලු 3 ක් බිඳ හෙළීය. මොවුන් දෙදෙනාට අමතරව මනිත රාජපක්ෂ ලකුණු 24 කට කඩුලු 2ක් බිඳ හෙළුවේය.
බංග්ලාදේශ අවුරුදු 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 194 යි – (ජරීෆ් සියාම් 52, මොහොමඩ් නයීම් 15, අද්‍රි ටෝ 19, ආකාෂ් රෝහි 25, රකිබුල් හොසේන් 17, ජුනයිඩ් හොසේන් 20, ෆයාස් රහමන් 15, හිමරු දේශාන් 33/3, මිනුග නෙත්සර 38/3, මනිත රාජපක්ෂ 24/2)
ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායම පන්දුවාර 45.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 195 යි – (රෙහාන් පීරිස් 18, අරෝෂ් සිතුමිණ 50, හිරුන් මතීෂ 80*, ජේසන් ප්‍රනාන්දු 24, සනුල් වීරරත්න 15*, රකිබුල් හොසේන් 17/2, ජරීෆ් සියාම් 35/2)






