slc
logo
Home   |    News
ජනවාරි 23, 2026
ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචාරයේ තෙවැනි දවස – මාධ්‍යයට නිරාවරණය වෙයි

sinhala editor

පෙබරවාරි මස 07 වැනිදා ආරම්භ වන මීළඟ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගය පැවැත්වෙන කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයට ලෝක කුසලානය ගෙන ඒම සහ එය ප්‍රථම වතාවට මාධ්‍යයට නිරාවරණය කිරීමේ උත්සවය අද (23) මේ ක්‍රීඩාංගණයේ දී ම සිදු කෙරිණි. මෙම චාම් උත්සවය අද සිදු කෙරුණේ ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක සහ දඟපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණගේ සහභාගිත්වයෙනි.

 එස්.එස්.සී. ක්‍රීඩාංගණයට රැගෙන එන ලද විස්සයි 20 ලෝක කුසලානය ඉදිරි දින කිහිපයේ දී මෙරට උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ගෙන ගොස් මහජන ප්‍රදර්ශනය සඳහා තැබීමට ද නියමිතය. එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී ප්‍රථම වරට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන තරග කිහිපය සඳහා එස්.එස්.සී. ක්‍රීඩාංගණය ද සති කිහිපයක සිට ම මේ වන විට නවීකරණය වෙමින් පවතී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 21 වැනිදා ආරම්භ වූ මෙම ලෝක කුසලාන සංචාරයේ මූලික අරමුණ වන්නේ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව රටේ ජනතාව තුළ උද්‍යෝගය හා වැඩි ප්‍රේක්ෂක අවධානයක් ගොඩනැගීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව දෙවැනි දිනය වූ ජනවාරි 21 වැනිදා පැරෂුට් ආධාරයෙන් ලෝක කුසලානය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණු පළමු තරගයට පෙර තරගය පැවැති කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය වෙත ගොඩ බැස්සවීමට කටයුතු යෙදීමද බොහෝ දෙනාගේ දැඩි පැසසුමට ලක් වුණු කාර්යයක් බවට පත්විය.

 ලෝක කුසලානය එස්.එස්.සී. ක්‍රීඩාංගණය වෙත රැගෙන ඒමේ උත්සව අවස්ථාවේ දී අදහස් දැක් වු ශ්‍රී ලංකා විස්සයි 20 නායක දසුන් ශානක වසර දාහතරකට පසුව ලෝක කුසලාන තරගාවලියක තරග රැසක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වන අතර මෙමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසාන තරගයට සහභාගිවීමට ද අවස්ථාවක් උදා වනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පැවසීය.

 ශ්‍රී ලංකාවේ දී මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අත්දැකීම් ලබා ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයනට ඉදිරි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට එය හොඳ පසුබිමක් බවට පත්කර ගැනීම ද හැකියාවක් පවතින බව ද දසුන් ශානක කීවේය.

 ශ්‍රී ලංකාව සතු දර්ශණීය මෙන්ම උසස් ම මට්ටමේ ක්‍රීඩාංගණයක් වන එස්.එස්.සී. ක්‍රීඩාංගණයට දිවා රාත්‍රී තරග පැවැත්වීමට අවස්ථාව සැළසෙන පරිදි දිවා රාත්‍රී විදුලි පහසුකම් සළසා දීම පිළිබඳව දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සිය ස්තුතිය ද මෙහි දී පළ කළේය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් වසර ගණනාවක සිට ම තම කණ්ඩායම සමගම රැඳී සිටි පිරිසක් බව සාඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි බව පැවසු ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායකයා ශ්‍රී ලාංකිකයන් සැම ගේ අපේක්ෂාව වී ඇත්තේ ලෝක කුසලානය තම මව්බිමේ ම රඳවා තබා ගැනීම බව ද කීවේය.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]
  • එන්.සී.සී. පිලේ චන්දූපගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නවතම ශතකලාභියා බවට පත්වීමට එන්.සී.සී. කණ්ඩායමේ චන්දූප සේනාරත්න අද (18) පත්විය. මුවර්ස් කණ්ඩායමට […]
  • දඹුල්ල සික්සර්ස්ට ජයග්‍රාහී ආරම්භයක්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ දෙවැනි තරගයෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 18ක විශිෂ්ට ජයක් වාර්තා කළ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මෙවර තරගාවලිය ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට සමත් […]
  • ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගිය LPL සමාජ මෙහෙවර – ‘රෝස තරගය‘
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘රෝස තරගය‘ […]
  • ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් මහතාට ගෞරව දැක්වීමට LPL 2026 තරගාවලිය සූදානම්
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අද (18) පැවැත්වෙන තරග ආරම්භයට පෙර ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි හිටපු  ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු […]

Pin It on Pinterest

USD United States (US) dollar