slc
logo
Home   |    News
ජනවාරි 8, 2026
ශ්‍රී ලංකා පිතිහරඹයට ශක්තියක් වෙන්න වික්‍රම් රතෝර් එයි

sinhala editor

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දුවට පහර දීමේ පුහුණුකරු (Batting Coach) ලෙස හිටපු ඉන්දීය ජාතික කණ්ඩායමේ පන්දුවට පහර දීමේ පුහුණුකරු වන වික්‍රම් රතෝර් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

2026 වසරේ පැවැත්වෙන පිරිමි විස්සයි–20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම කෙරෙහි මූලික අවධානය යොමු කරමින් උපදේශක පදනමක් මත ඔහුව පත් කර තිබේ.

ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු වන වික්‍රම් රතෝර් මහතා, 2026 ජනවාරි 18 වැනිදා සිට සිය වගකීම් භාර ගනු ලබන අතර, 2026 මාර්තු 10 වැනිදා දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇත.

ඔහු 2019 සැප්තැම්බර් සිට 2024 ජූලි දක්වා වූ වසර 5 කට ආසන්න කාලය තුළ ඉන්දීය පිරිමි ජාතික කණ්ඩායමේ සියලුම ආකෘති සඳහා පන්දුවට පහර දීමේ පුහුණුකරු ලෙස සේවය කර ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය යටතේ වන පුහුණුකරුවන්ගේ තෙවැනි ශ්‍රේණිය, ක්‍රිකට ඔස්ට්‍රේලියා පුහුණුකරුවන්ගේ තෙවැනි ශ්‍රේණිය සහ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට ආයතනයේ පළමු ශ්‍රේණියේ පුහුණුකරුවකු ලෙස ඒ මහතා සතු පුහුණු සුදුසුකම් වේ.

වර්තමානයේදී ඔහු, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන සහාය පුහුණුකරු (Lead Assistant Coach) ලෙසද කටයුතු කරමින් සිටී.

Active filters

Recent Posts

  • හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට
    ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ. […]
  • මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති
    කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා […]
  • අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට
    පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත […]
  • ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති
    පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම […]
  • දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති
    මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee