slc
logo
Home   |    News
ජනවාරි 21, 2026
එංගලන්තයට එරෙහි සටනට ධනංජයට කැඳවීම්

sinhala editor

එංගලන්තයට එරෙහිව හෙට (ජනවාරි 22 වැනිදා) ආරම්භ වීමට තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාව එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ධනංජය ට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයින් වන දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ සහ වේග පන්දු යවන මිලාන් රත්නාය ද එක්දින කණ්ඩායම සඳහා වන සංචිතයට එක් කර තිබේ.

මොවුන් දෙදෙනාම අවසන් වතාවට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ කරන ලද තරග සංචාරය සදහා ඇතුළත්නොවුණු ක්‍රීඩකයෝ වෙති. ඒ අතර නම් කරන ලද 17 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමට  අවසන් වතාවට පාකිස්තානු තරග සංචාරයට සහභාගිවූ කණ්ඩායමෙන් ඉවත් කොට ඇති ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ ළහිරු උදාර සහ වේග පන්දු යවන දුෂ්මන්ත චමීර වේ.

ඒ අනුව ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට පිවිසෙන්නේ වසර 2 කට අධික කාලයකින් පසුව වීම විශේෂත්වයක් වේ. ඔහු අවසන් වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ නොවැම්බර් මසදී නවසීලන්තයට එරෙහිව බෙංගලාරුහිදී පැවැති තරගයේදී වේ.

මේ අතර ශ්‍රී ලංකා පිලේ සිටින වේගවත්ම පන්දු යවන්නන් තිදෙනා වන දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංකද නම් කරන ලද සංචිතයට ඇතුළත්ව නොමැති. මේ අතරින් දුෂ්මන්ත චමීරව එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් විවේක ගැන්වීමට තීරණය වී තිබේ.

මෙම තත්ත්වය මත වේග පන්දු යැවීමේ වගකීම අසිත පනාන්දු ප්‍රම්ක ප්‍ර මෝද් මදුසාන් සහ එෂාන් මාලිංග වෙත පැවැරී තිබේ. ඒ අතරට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායකද ඇතුළත්ව සිටිති. මිලාන් අවසන් වතාවට එක්දින තරගයකට ක්‍රීඩා කර ඇත්තේ ඉකුත් 2025 වසරේ බංග්ලාදේශයට එරෙහිව ජූලි මසදී පැවැති තරගාවලියේදී වේ.

නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම – ශ්‍රී ලංකා කණ්ඩායම – චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිශාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩර්සි, මහීෂ් තීක්ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, එෂාන් මාලිංග.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee