ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ තෙවැනි දිනයදී (19) ඒස් කැපිටල් මෙවර තරගාවලියේ දෙවැනි ජය ලබා ‘බී‘ කාණ්ඩයේ පළමු තැනට පැමිණි අතර, ඔවුන් තරග 6කට සහභාගිවී තරග දෙකක් ජයගෙන තරගයක් පරාජයවී තරග 3ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් කළේය. ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ වනුජ සහන් ටැමිල් යූනියන් ඉනිම දෙකේදී කඩුලු 9ක් බිඳහෙලීමට සමත් විය.
එමෙන්ම බඳුරලිය ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේදී පළමු පූර්ණ ජය ලබා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි. බඳුරලිය ක්‍රීඩකයෝ තරග 6කදී තරගයක් ජයෙන තරගයක් පරාජයවී තරග 4ක් ජය පරාජයෙන් තොරව නිමා කළහ. බඳුරලිය පිලේ කේසර නුවන්ත මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේදී ලක්ණු 65කට කඩුලු 5ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 71කට කඩුලු 7ක් ලෙස තරගය පුරා කඩුලු 12ක් බිඳ හෙලීම ජයග්‍රහණයට දායකත්වයක් සැපයීය.
ඊට අමතරව බදුරලිය ක්‍රීඩා සමාජයේ මාලින්ද පුෂ්පකුමාර පළමු ඉනිමේදී කඩුලු 4 ක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු 3 ක් වශයෙන් සමස්ථ තරගයේදී ලකුණු 137 කට කඩුලු 7 ක් බිද හෙළමින් බදුරලිය ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සඳහා වැඩිදුරටත් හවුල් වූවේය. මෙහිදී සිදුවූ සුවිශේෂීතම සිදුවීම වූයේ මාලින්ද පුෂ්පකුමාර සිය පළමු පෙළ තරග දිවියේ 1000 වැනි කඩුල්ල දවා ගැනීමට සමත්විය.
මුවර්ස් තරගයට එරෙහිව තම 173 වැනි පළමු පෙළ තරගයට ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාව මාලින්ද දක්වන ලද්දේ 38 හැවිරිදි විය ගෙවාදමමින් සිටින විටදීය.
ඒ අනුව ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග වලදී කඩුලු 1000කට වඩා ලබාගත් ශ්‍රී ලංකාවේ සිව්වැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසයට එක්විය. මෙම තරගයට පෙර කඩුලු 998ක් දවාගෙන සිටි මාලින්ද ඉනිමකදී ලකුණු 137කට කඩුලු 7ක් ලබාගනිමින් ඔහු 1000 කඩුලු සීමාව ඉක්මවා ගියේය. මෙයට පෙර මුත්තයියා මුරලිදරන් (1374), රංගන හේරත් (1080) සහ දිනුක හෙට්ටිආරච්චි (1001) පමණක් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පන්තියේ කඩුලු 1000කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබුණි. එසේම, දකුණු අප්‍රිකාවේ සයිමන් හාර්මර් සහ එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන්ට පසුව, පළමු පන්තියේ කඩුලු 1000කට වඩා ලබාගත් තුන්වන ක්‍රියාකාරී පන්දු යවන්නා ද පුෂ්පකුමාර වේ.
අවසන් දිනයේදී හලාවත මේරියන්ස් පිලේ කසුන් විදුර බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 228කදී හයේ 2ක් හා හතරේ 10ක් සමඟ නොදැවී ලකුණු 110ක්, කෝල්ට්ස් පිලේ රවිඳු රසාන්ත පානදුර පිලට එරෙහිව පන්දු 233කදී හතරේ පහර 12ක් සමඟ ලකුණු 126ක් හා බීආර්සී පිලේ ප්‍රමෝද් මධුවන්ත එන්සීසී පිලට එරෙහිව පන්දු 163කදී හතරේ පහර 16ක් ලකුණු 111ක් ලබා දස්කම් දැක්වීය.
අර්ධ ශතක ලබමින් ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ කවිඳු ආමන්ත ලකුණු 62ක්, රවීන් ද සිල්වා නොදැවී ලකුණු 50ක්, බ්ලූම්ෆීල්ඩ් පිලේ රොන් චන්ද්‍රගුප්ත ලකුණු 59ක්, කෝල්ට්ස් පිලේ සංගීත් කුරේ ලකුණු 69ක්, මුදිත ලක්ෂාන් ලකුණු 51ක්, සනෝජ් දර්ශික නොදැවී ලකුණු 51ක්, පොලිස් ක්‍රීඩා සමාජයේ දුලුම් සුධීර නොදැවී ලකුණු 81ක්, එන්සීසී පිලේ චාමික කරුණාරත්න ලකුණු 56ක් හා බීආර්සී පිලේ මොවින් සුබසිංහ ලකුණු 90ක් ලබා දස්කම් දැක්වීය.
පන්දු යැවීමේදී බීආර්සී පිලේ මවින් අභිනාෂ් එන්සීසී පිලට එරෙහිව ලකුණු 112කට කඩුලු 7ක්, එන්සීසී පිලේ සකිති උදාර බීආර්සී පිලට එරෙහිව ලකුණු 98කට කඩුලු 6ක් ලබා ගැනීමට සමත් විය.
පළමු හා දෙවැනි දිනවලදී සීසීසී පිලේ අන්ජල බණ්ඩාර පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 338කදී හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 200ක් ලබා දස්කම් දැක්වීය. සීසීසී පිලේ සොනාල් දිනූෂ පන්දු 182කදී හතරේ පහර 12ක් සමඟ ලකුණු 121 ලබාගත් අතර, දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 365කදී ලකුණු 226ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය.
බඳුරලිය ක්‍රීඩා සමාජයේ ගීත් කුමාර මුවර්ස් පිලට එරෙහිව පන්දු 316කදී හතරේ පහර 20ක් හා හයේ පහර 5ක් සමඟ ලකුණු185ක්, ටැමිල් යූනියන් පිලේ ෂාරුජාන් ෂන්මුගනාදන් ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 196කදී හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය. පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව දිනේෂ් චන්දිමාල් පන්දු 168කදී හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 144ක් වාර්තා කළ අතර, මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී බීආර්සී පිලේ රිසිත් උපමාල් පන්දු 227කදී හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමඟ ලකුණු 151ක් වාර්තා කිරීමට සමත් වූවේය.
ලකුණු සාරාංශය
ඒස් කැපිටල් – ටැමිල් යූනියන් අතර තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. ඒස් කැපිටල් පිලට ලකුණු 52ක ජයක්
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 68.3කදී සියලු දෙනා දැවී ලකුණු 206
කවිඳු ආමන්ත 36, රනේෂ් සිල්වා 16, කවිඳු කුලසේකර 18, රවීන් ද සිල්වා නොදැවී 62, ඉසිත විජේසුන්දර 35 (තරිඳු රත්නායක 76/5, තේෂාන් විදූෂාන් 42/3)
ටැමිල් යූනියන් පිල පළමු ඉනිම ඕවර් 97.3කදී සියලු දෙනා දැවී ලකුණු 312
සිතාර හපුහින්න 20, මිනෝද් භානුක 59, ෂාරුජාන් ෂන්මුගනාදන් නොදැවී 103, දචිත ජයතිලක 17, තරිඳු රත්නායක 31, විජේකාන්ත් වියෙස්කාන්ත් 31 (රොහාන් ජයතිස්ස103/4, වනුජ සහන් 119/4)
ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 72කදී කඩුලු 8ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 280
කවිඳු ආමන්ත 62, රනේෂ් සිල්වා 48, රවීන් ද සිල්වා නොදැවී 50, ඉසිත විජේසුන්දර 41, රොෂාන් ජයතිස්ස නොදැවී 19 (තේෂාන් විදූෂාන් 78/4, තරිඳු රත්නායක 129/4)
ටැමිල් යූනියන් පිල දෙවැනි ඉනිම ඕවර් 31කදී සියලු දෙනා දැවී ලකුණු 122
සිතාර හපුහින්න 17, ඉසිවර දිසානායක 16, විහස් තෙව්මික 19, තරිඳු රත්නායක 28 (රොහාන් ජයතිස්ස 50/3, වනුජ සහන් 43/5, කවිඳු ආමන්ත 18/2)
බඳුරලිය – මුවර්ස් අතර තරගය කෝල්ට්ස් ක්‍රිඩාංගණයේදී. බඳුරලිය පිලට ඉනිමක හා ලකුණු 46ක ජයක්.
බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 133.4කදී සියලු දෙනා දැවී ලකුණු 486
සදුන් වීරක්කොඩි 44, ළහිරු දෙවටගේ 32, රොෂාන් විජේනායක 53, ගිහාන් කෝරළගේ 19, ගීත් කුමාර 185, අයන සිරිවර්ධන 19, සුමුදු ලක්ෂාන් 66, මලින්ද පුෂ්පකුමාර නොදැවී 41 (චනුක දිල්ෂාන් 81/5, තිලංග උදේශන 90/3)
මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 70.2කදී සියලු දෙනා දැවී ලකුණු 268
දිනුක දිල්ෂාන් 69, ලසිත් අබේරත්න 24, සොහාන් ඩී ලිවේරා 32, පසිඳු සූරියබණ්ඩාර 46, රමේෂ් මෙන්ඩිස් 36, තිලාන් ප්‍රශාන් 22 (කේසර නුවන්ත 65/5, මලින්ද පුෂ්පකුමාර 90/4)
මුවර්ස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 49.4කදී සියලු දෙනා දැවී ලකුණු 172
සිතාර ගිම්හාන 17, රමේෂ් මෙන්ඩිස් 41, ෂෙහාන් ප්‍රනාන්දු 65 (කේසර නුවන්ත 71/7, මලින්ද පුෂ්පකුමාර 47/3)
බ්ලූම්ෆීල්ඩ් – හලාවත මේරියන්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ජය පරාජයෙන් තොරයි
බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 89කදී සියලු දෙනා දැවී ලකුණු 312
රොන් චන්ද්‍රගුප්ත 34, හසිත අමරසිංහ 46, අසිත වන්නිනායක 22, නිපුන් කරුණානායක 56, රවිඳු ප්‍රනාන්දු 40, ළහිරු මදුසංඛ 24, තරින්ද ගුරුගේ 21, දෙවිඳු තිලකරත්න නොදැවී 31 (තීක්ෂල ද සිල්වා 55/3, චලන ද සිල්වා 74/3, මෙලන් හංසික 61/2)
හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර් 131කදී සියලු දෙනා දැවී ලකුණු 402
තනුක දාබරේ 87, ලසිත් ලක්ෂාන් 18, තරිඳු අමරසිංහ 88, ෂම්මු අෂාන් 33, කසුන් විදුර නොදැවී 110, හර්ෂ කුරේ 18, තීක්ෂිල ද සිල්වා 15 (රවිඳු ප්‍රනාන්දු 145/4, තරිඳු ගුරුගේ 53/2)
බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම ඕවර් 40කදී කඩුලු 3ක් දැවී ලකුණු 165
රොන් චන්ද්‍රගුප්ත 59, අසිත වන්නිනායක නොදැවී 41, රවිඳු ප්‍රනාන්දු 48 (ෂම්මු අෂාන් 28/2)
කෝල්ට්ස් – පානදුර අතර තරගය සීසීසී පිටියේදී ජය පරාජයෙන් තොරයි
කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 82.1කදී සියලු දෙනා දැවී ලකුණු 336
රවිඳු රසාන්ත 61, සංගීත් කුරේ 15, දිනේෂ් චන්දිමාල් 144, මුදිත ලක්ෂාන් 62, කවිෂ්ක අංජුල 19 (අසංක මනෝජ් 91/2, දුෂාන් හේමන්ත 75/6)
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 50කදී සියලු දෙනා දැවී ලකුණු 148
ඹෂධ ප්‍රනාන්දු 42, විශ්ව චතුරංග 34, ශලිත් ප්‍රනාන්දු 16, සසිඳු මල්ෂාන් නොදැවී 20 ( අකිල ධනංජය 39/7, කවිෂ්ක අංජුල 28/2)
කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 100කදී කඩුලු 5ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 402
රවිඳු රසාන්ත 126, සංගීත් කුරේ 69, දිනේෂ් චන්දිමාල් 47, ධනංජය ලක්ෂාන් 15, මුදිත ලක්ෂාන් 51, සනෝජ් දර්ශික නොදැවී 51, කවිෂ්ක අංජුල නොදැවී 42 (විශ්ව චතුරංග 15/1)
පානදුර ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම ඕවර් 17කදී කිසිවෙකු නොදැවී ලකුණු 61
ඹෂධ ප්‍රනාන්දු නොදැවී 26, ඉරෝෂ් සමරසිංහ නොදැවී 32
සීසීසී – පොලිස් අතර තරගය එන්සීසී පිටියේදී ජය පරාජයෙන් තොරයි
සීසීසී පළමු ඉනිම ඕවර් 136.5කදී කඩුලු 6ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 482
නිශාන් මධූෂ්ක 18, ලසිත් කෘස්පුල්ලේ 34, අන්ජල බණ්ඩාර නොදැවී 200, සහන් කෝසල 46, සොනාල් දිනූෂ 121, චමිඳු විජේසිංහ 33, ඉනුක කරන්නාගොඩ නොදැවී 17 (හිමේෂ් රාමනායක 60/3, දිලුම් සුධීර 155/2)
පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 110.2කදී සියලු දෙනා දැවී ලකුණු 295
ධනුජ ඉඳුවර 49, දුලාෂ් උදයංග 22, අශේන් බණ්ඩාර 17 ප්‍රියමාල් පෙරේරා 18, දුලුම් සුධීර නොදැවී 81, නලින් ප්‍රියදර්ශන 22, නිපුන් ප්‍රේමරත්න 38 (දුවිඳු රණතුංග 71/2, නිශාන් පීරිස් 69/3, සොනාල් දිනූෂ 49/3)
සීසීසී දෙවැනි ඉනිම ඕවර් 3කදී කිසිවෙකු නොදැවී ලකුණු 28 පවන් සංදේශ් නොදැවී 15
එන්සීසී – බීආර්සී අතර තරගය මග්ගොන සරේ ක්‍රිඩාංගණයේදී ජය පරාජයෙන් තොරයි
බීආර්සී පළමු ඉනිම ඕවර් 101.1කදී සියලු දෙනා දැවී ලකුණු 396
හෂාන් දුමින්ද 63, රිසිත් උපමාල් 151, ප්‍රමෝද් මධුවන්ත 30, රමිඳු විජේසූරිය 70, මොවින් සුබසිංහ 36, මොහොමඩ් සිරාස් 21 (සම්පත් නිශ්ශංක 62/2, සකිති උදාර 129/4, අශේන් ඩැනියෙල් 91/2)
එන්සීසී පළමු ඉනිම ඕවර් 84.1කදී සියලු දෙනා දැවී ලකුණු 356
නිරෝෂන් දික්වැල්ල 65, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 63, සහන් ආරච්චිගේ 29, කවීන් බණ්ඩාර 19, චාමික කරුණාරත්න 56, කවිඳු පතිරත්න 35 ( මවින් අභිනාෂ් 112/7, ශෂික දුල්ෂාන් 92/2)
බීආර්සී දෙවැනි ඉනිම ඕවර් 64.1කදී සියලු දෙනා දැවී ලකුණු 300
හේෂාන් ධනුෂ්ක ප්‍රනාන්දු 17, ප්‍රමෝද් මධුවන්ත 111, මොවින් සුබසිංහ 90, මවින් අභිනාෂ් 30 ( සකිති උදාර 98/6, අශේන් ඩැනියෙල් 70/3)
එන්සීසී දෙවැනි ඉනිම ඕවර් 3.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 16 කවිඳු පතිරත්න නොදැවී 11 (ශෂික දුල්ෂාන් 6/3)






