slc
logo
Home   |    News
ජනවාරි 13, 2026
ග්‍රීන් පිල දෙවැනි ජය ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (ජනවාරි 12 වැනිදා)  පැවැති තරග අතුරින් ජය වාර්තා කිරීමට ග්‍රීන්ස් කණ්ඩායම සමත් වද්දී අනෙක් තරගය වූ බ්ලූස් සහ ග්‍රේස් අතර තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත විය.

කාසියේ වාසිය දිනාගත් ග්‍රීන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිවිසෙමින් කඩුලු 6 කට ලකුණු 116 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රෙඩ් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 72 ක් පමණි. ඒ අනුව ග්‍රීන්ස් කණ්ඩායමට ලකුණු 44 ක ජයක් හිමිවූ අතර එය මෙවර තරගවාරයේදී ඔවුන් ලද දෙවැනි තරග ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය. ඔවුන් මෙම තරග 2 ම ජයග්‍රහණය කරනු ලබන්නේ පාසල් ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත රෙඩ් කණ්ඩායමට එරෙහිව වීම විශේෂත්වයකි.

ග්‍රීන්ස් පිලේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ නායිකා හසිනි පෙරේරා වන අතර ඇය පන්දු 41 කට මුහුණ දී හතරේ පහර 5 ක් සමග ලකුණ 44 ක් ලබා ගත්තාය. පළමු කඩුල්ල වෙනුවෙන් පියුමි වත්සලා සමග එකතු වූ හසිනි පන්දු 31 කදී ලකුණු 33 ක් ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් රශ්මි නේත්‍රාංජලී සමග පන්දු 44 කදී ලකුණු 38 ක සම්බන්ධතාවක් වාර්තා කළහ. එහිදී රශ්මි ප්දු 25 කදී ලකුණු 15 ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වන්නේ නෙතඟි ඉසුරාංජලී වන අතර ඇය පන්දු 21 කදී හතරේ පහරක් සමගින් ලකුණු 14 ක් වාර්තා කළාය. කඩුලු දවා ගැනීමේදී උදේශිකා ප්‍ර බෝධනී සහ කාව්‍යා කාවින්දි කඩුලු ද්විත්වය බැගින් දවා ගත්හ.

මේ අතර වර්ෂාවෙන් බාධා ඇතිවුණු බ්ලූස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බ්ලූස් පිල පන්දුවාර 14.3 කදීි කඩුලු 5 කට ලකුණු 93 ක් රැස් කිරීමට සමත්විය. ඒ මොහොතේ ඇතිවුණු වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන ලද අතර අනතුරුව තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි විය. ඒ වන විට පන්දුවට පහර දුන් හර්ෂිතා සමරවික්‍රම  පන්දු 34 කදී නොදැවී ලකුණු 31 ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්විය. ඊට අමතරව චමරි අතපත්තු පන්දු 19 කට මුහුණ දෙමින් ලකුණු 29 ක් ලබා ගත්තාය.

ග්‍රීන් කණ්ඩායමට ලකුණු 44ක ජයක්.

ග්‍රීන් පිල පන්දුවාර 20 කදී කඩුලු 6ක් දැවී ලකුණු 116  යි  – හසිනි පෙරේරා 44, රශ්මි නේත්‍රාංජලී 15, නිලක්ෂිකා සිල්වා 15, චමෝදි ප්‍රබෝධා 18/2, ලිමංසා තිලකරත්න 31/2

රෙඩ් කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9ක් දැවී ලකුණු 72 යි – නෙතඟි ඉසුරාංජලී 14, උදේශිකා ප්‍රබෝධනී 07/2, කාව්‍යා කාවින්දි 11/2

බ්ලූස් සහ ග්‍රේස් අතර තරගය අතහැර දමයි

බ්ලූස් කණ්ඩායම පන්දුවාර 14.3 කදී කඩුලු 5ක් දැවී ලකුණු 93 යි – චමරි අතපත්තු 29, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 31, ශයනි සේනාරත්න 20, කවීෂා දිල්හාරි 2/09

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee