slc
logo
Home   |    News
ජනවාරි 28, 2026
පවන් අති විශිෂ්ඨ ශතකයක් වාර්තා කළත් තරගාවලියේ ජය එංගලන්තයට

sinhala editor

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලකුණු 300 කට වැඩි ඉලක්කයක් මෙතෙක් කිසිදු කණ්ඩායමක් හඹා නොගිය පසුබිමක, එංගලන්තය ලබාදුන් ලකුණු 358 ක අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසානයේ ලකුණු 304 ක් පමණක් රැස් කර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 53 ක ජයක් ලබාගත් එංගලන්තය, තරගාවලිය 2–1 ලෙස ජයගත්තේය.

මෙම ජයග්‍රහණය එංගලන්තය, 2023 වසරේ බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පසු ඔවුන් මව්බිමෙන් පිටතදී ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙස සනිටුහන් විය. ඒ අතරම, 2021 වසරෙන් පසු ශ්‍රී ලංකාව සිය මව් බිමේදී ලැබූ පළමු එක්දින තරගාවලි පරාජය ලෙසද මෙය ඉතිහාස ගත විය.

සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කරමින් සිටි පවන් රත්නායක අති විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ශතකයක් රැස් කිරීමට සමත්වීම ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රියාත්මක වීමේදී වූ සුවිශේෂී සිදුවීම විය. පිතිකරණ ලැයිස්තුවේ අංක 04 ස්ථානයෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි පවන් රත්නායක දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට අඩුපාඩුවක්ව පැවැති අංක 4 පිතිකරුවාගේ භූමිකාව හොඳම ආදේශකය තමන් බව අද ඔප්පු කර පෙන්වීය.

රත්නායකට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ පැතුම් නිස්සංක, පළමු පන්දුවාර 10 තුළදී ලකුණු 10 කට ආසන්න වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන්නේය. ලකුණු 94 ක්ව තිබියදී පැතුම් දැවී යෑම ශ්‍රී ලංකා ලකුණු වේගයට බලපෑමක් එක් කරන සිදුවීමක් විය.

කුසල් මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසෙන පවන් රත්නායක, එංගලන්ත දඟ පන්දු යවන්නන් හමුවේ නොබියව පහර දෙමින් පන්දුවට පහර දීම කාගෙත් සිත්ගත් සිදුවීමක් විය. එහිදී තම පළමු ලකුණු 50 මුහුණ දුන් 57 වැනි පන්දුවේදී පවන් රැස් කරගන්නා විට එම ඉනිමට ඔහු හතරේ පහර 4 ක් පමණක් එල්ල කර තිබුණේය. තමන්ට ආවේණිකම පන්දුවට පහර දීමේ රටාවක් අනුගමනය කරන මෙම දකුණත් පිතිකරුවා 104 වැනි පන්දුවේදී ශතකය ඉක්මවා ගියේය.

වෙහෙසකර සටනක් අවසානයේ 46 වැනි පන්දුවාරයේ 4 වැනි පන්දුවේදී පවන්ගේ ඉනිමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමද නිමාවට පත්විය. ඒ වන විටත් පවන්ගේ නම ඉදිරියෙන් පන්දු 115 කදී ලකුණු 121 ක් සටහන්ව තිබුණේය. ඔහුට අමතරව ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 50 ක් රැස් කළේය.

මැද පෙළින් අවශ්‍ය සහාය නවක පිතිකරුවාට ලැබුණේ නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා ශ්‍රී ලංකාවට වාසිදායක වන්නට ඉඩ තිබිණ. කෙසේ වෙතත් කමිල් මිශාර (22), කුසල් මෙන්ඩිස් (20, චරිත් අසලංක (13), ජනිත් ලියනගේ (22), ධනංජය ද සිල්වා (09) සැලකිය යුතු මට්ටමේ පිතිකරණ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ශ්‍රී ලංකාවේ අවාසනාවට හේතු විය.

ජෝ රූට් විසින් සිය එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 20 වැනි ශතකයත්, නායක හැරි බෘක්ගේ වෘත්තීය ජීවිතයේ හොඳම ඉනිමත් හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 3කට 357 ලකුණු රැස් කළේය. මෙය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්ත කණ්ඩායමක් එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම එක්දින ලකුණු එකතුව ලෙසත්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් ලබාගත් සිව්වැනි ඉහළම ලකුණු එකතුව ලෙසත් සනිටුහන් විය.

පිටියේ අණසක පතුරුවමින් සිටි පළපුරුදු පිතිකරු ජෝ රූට්ට එක්වූ නායක හැරි බෘක්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කළේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 113කදී වේගවත් සහ නොබිඳුණු ලකුණු 191ක හවුල්කාරත්වයක් ගොඩනඟමින්ය. මෙහිදී රූට් මුහුණ දුන් 100 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරමින් එංගලන්තය වෙනුවෙන් එක්දින තරග අංශයේ වැඩිම ශතක ලාභියා බවට පත්වෙමින් තම ශතක ගණන 20 දක්වා ඉහළ නංවා ගත්තේය. පන්දු 108කදී නොදැවී ලකුණු 111ක් ලබාගත් රූට්, මෙම තරගාවලියේ තරග තුනේදී ලකුණු 247ක් රැස් කළේ අර්ධ ශතක දෙකක් සහ ශතකයක් සමඟය.

හැරි බෘක් පන්දු 57කින් ශතකය සම්පූර්ණ කරමින් තම එක්දින තරග දිවියේ මෙතෙක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙම තරගයේදී සටහන් කළේය. වැඩිම පීඩනයක් එල්ල කළ බෘක් පළමු ලකුණු 50 සඳහා පන්දු 40ක් වැය කළ ද, ශතකය කරා ළඟා වීමට තවත් පන්දු 17ක් පමණක් වැය කළේය. ඔවුන් දෙදෙනා විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙතරම් අසීරුතාවයකට ඇද දැමූයේද කියවීමට, අවසන් පන්දුවාර 5 තුළ පමණක් ලකුණු 88ක් රැස් කරගැනීමම ප්‍රමාණවත් වේ.

විනාශකාරී බෘක්ගේ ඉනිම හතරේ පහර 11ක් සහ හයේ පහර 9ක් සමඟින් සමන්විත වූ අතර, රූට් හයේ පහර 1ක් සහ හතරේ පහර 9ක් එක් කළේය. ඉනිම අවසානයේ බෘක්ගේ නාමයට පන්දු 66කදී ලකුණු 136ක්ද, රූට්ගේ නාමයට පන්දු 108කදී ලකුණු 111ක්ද සනිටුහන්ව තිබුණි.

ලකුණු 40ක් එක්වූ අතරතුරදී එංගලන්ත ආරම්භක පිතිකරුවන් වූ බෙන් ඩකට් සහ රීහන් අහ්මඩ් දවා ගැනීමට ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග සමත් වූ නමුත්, තෙවැනි කඩුල්ලට එක් වූ ජෝ රූට් සහ ජේකබ් බෙතල් පන්දු 124කදී ලකුණු 126ක් රැස් කරමින් ඉනිම ස්ථාවර කළහ. මෙම හවුල්කාරත්වයේදී දෙදෙනාම අර්ධ ශතක සම්පූර්ණ කළ අතර, බෙතල් ලකුණු 65කට සිටියදී ජෙෆ්රි වෙන්ඩර්සේගේ පන්දුවක් හමුවේ ජනිත් ලියනගේ අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.

මෙම සම්බන්ධතාවයේදී දෙදෙනාම ආර්ධ ශතක සම්පූර්ණ කළ අතර බෙතල් ලකුණු 65 ක් ලබා සිටියදී ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ ජනිත් ලිියනගේ අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේය. මේ අතරතුර කාල සීමාවේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් කඩුල්ල මුවා කිරීමේ වරද සම්බන්ධව තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථා 2 ක් ලබා ගත් අතර ඒ අවස්ථා දෙකම අපතේ ගියේ ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කිරීමට එම අවස්ථා දෙකටම නොහැකිවීම නිසාය.

බෘෘක්ගේ සැපැමිණීමත් සමඟ එතෙක් වෙලා පිටියේ තරමක පාලනය තමන් සතු කරගෙන සිටි පා දඟ පන්දු යවන්නන් දෙදෙනා වූ වනිඳු හසරංග සහ ජෙෆ්රි වැන්ඩර්සේ යවන ලද පන්දුවාර 20 දී ලකුණු 152 ක් රැස් කර ගැනීමට සමත්වූහ. ඒ එක් පන්දු යවන්නකුට ලකුණු 76 බැගින් වන සේය. මෙම තරගයේදී ශ්‍රී ලංකාව එකම වෙනස්කමක් පමණක් සිදු කරමින් තරගයට පිවිසේ ප්‍ර මෝද් මදුෂාන් වෙනුවට වනිඳු හසරංගව ක්‍රීඩා කරවමිනි.

එංගලන්තය පන්දුවාර 50 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 357 යි – (හැරී බෘෘක් 136*, ජෝ රූට් 111, රෙහාන් අහමඩ් 24, බෙන් ඩකට් 07, ජෙකොබ් බෙතල් 65, ජෙෆ්රි වැන්ඩර්සි 76/1, වනිඳු හසරංග 76/1, ධනංජය ද සිල්වා 45/1)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.4 කදී සියලු දෙනා දැවී ලකුණු 304 යි – (පවන් රත්නායක 121, පැතුම් නිස්සංක 50, කමිල් මිශාර 22, කුසල් මෙන්ඩිස් 20, චරිත් අසලංක 13, ජනිත් ලියනගේ 22, ධනංජය ද සිල්වා -09, දුනිත් වෙල්ලාලගේ 22, වනිඳු හසරංග 09, ජෙෆ්රි වැන්ඩර්සිි 14, අසිත ප්‍රනාන්දු 00*, ජෙමී ඕවර්ටන් 48/2, ලියම් ඩෝසන් 48/2, විල් ජැක්ස් 43/2, අදිල් රශීඩ් 61/2, සෑම් කරන් 44/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee