slc
logo
Home   |    News
ජනවාරි 31, 2026
ලකුණු 11 ක ජයක් සමගින් එංගලන්තය විස්සයි-20 පෙරමුණට

sinhala editor

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා – එංගලන්ත පළමු විස්සයි-20 තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 17 කට සීමා වූ අතර එහිදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 11 ක ජයක් වාර්තා කළ එංගලන්ත කණ්ඩායම තරගාවලියට සාර්ථක ආරම්භයක් එක් කර ගැනීමට අද (31 දා) රාත්‍රියේ සමත්වූවේය. ඒ සමඟම ඔවුන් තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සමත්ව සිටියි.

වර්ෂාව නිසා මිනිත්තු 90 ක පමණ කාලයකිස් පසු ඇරැඹි තරගයේ පළමුව පන්දුවට පහර දීමට ආරාධනා ලැබූ ශ්‍රී ලංකාව, පන්දුවාර 7 ක් ඇතුළත කඩුල්ලකට ලකුණු 75 ක් ලබා වේගවත් ආරම්භයක් ලබා ගත්තේය. එහෙත් අදෙල් රශීඩ් සහ ලියම් ඩෝසන්ගේ දක්ෂ පන්දු දඟ කැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටීම ආරම්භ විය. එහි නරක ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 17 කට සීමා වු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16.2 කදී සියලු දෙනා ලකුණු 133 කට සීමා විය.

පැතුම් නිස්සංක (23) සහ කුසල් මෙන්ඩිස් (37) දෙදෙනා එක්ව 7 වැනි පන්දුවාරය නිමා වන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 75 ක් දක්වා ඔසවා තැබුහ. එහෙත් පැතුම්ගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමට කණ කොකා හැඬීය. එය තව ලෙසකින් කිවහොත් ඉතිරි කඩුලු 9 ම ලකුණු 57 ක් බිද වැටුණේ පන්දුවාර 17 ක ඉනිම අවසන් වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදීය.

මෙහිදී කැපී පෙනන පන්දු යැවීමක නිරත වූ රශීද් තම පන්දුවාර 4 දී ලකුණු 19 ක් පමණක් ලබා දී කඩුලු 3 ක් දවා ගත් අතර ඩෝසන්ද චරිත් අසලංක සහ ජනිත් ලියනගේ කඩුලු දවා ගනිමින් මැද පෙළ බිඳ දැමීය. පළමු පන්දුවාර දෙකේදී දැඩි පහර කෑමට ලක්වූ වමත් වේග පන්දු යවන සෑම් කරන්, 16 වැනි පන්දුවාරයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් පන්දුවාර 17 ක්‍රීඩා කරවීම සඳහා ශ්‍රී ලංකාව සතු වූ කොඳු නාරටිය කඩා දැම්මේය. සිව්වැනි පන්දුවේදී දසුන් ශානක දවා ගන්නා කරන්, ඊළඟ පන්දු දෙකේදී පිළිවෙළින් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණව දවා ගනිමින් කඩුලු ත්‍රිත්ව සම්පූර්ණ කර ගත්තේය.

පන්දුවට පහර දීමේදී එංගලන්ත ඉනිම වෙනුවෙන් ජොස් බට්ලර් (17) සහ ජෙකෝබ් බෙතල් (09) අඩු ලකුණු සංඛ්‍යාවන් වලට දවා ගැනීමට එෂාන් මාලිංග සමත් වුවද, ටොම් බැන්ටන් පන්දු 15 කදී ලකුණු 29 ක් සහ පිල් සෝල්ට් පන්දු 35 කදී ලකුණු 46 ක් වාර්තා කර ගැනීමට සමත්වීම නිසා එංගලන්තයට වේගයෙන් ජයග්‍රහණය වෙත ළඟාවීමට අවස්ථාව උදාවිණ. එෂාන් මාලිංගගේ පිට පිට පන්දු 4 කදී හතරේ පහර 4 ක් එල්ල කළ බට්ලර් මාලිංගගේ මඳ වේගී පන්දුවට දැවී ගියේ එංගලන්ත පිලට පළමු කඩුල්ල අහිමි කරමිනි.  වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන ලද අවස්ථාවේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්තය ඉලක්කය අභිබවා යමින් ලකුණු 11 ක් ඉදිරියෙන් සිටීමට සමත්වීම නිසා තරගයේ ජය ඔවුනට හිමිවිය.

ශ්‍රී ලංකාව පන්දුවාර 16.2 කදී සියලු දෙනා දැවී ලකුණු 133 යි – (පැතුම් නිස්සංක 23, කමිල් මිශාර 16, කුසල් මෙන්ඩිස් 37, චරිත් අසලංක 02. ධනංජය ද සිල්වා 11. ජනිත් ලියනගේ 01, දසුන් හානක 20, වනිඳු හසරංග 14, මහීෂ් තීක්ෂණ 00, මතීෂ පතිරණ 00, එෂාන් මාලිංග 00*, සෑම් කරන් 38/3, අදිල් රශීඩ් 19/3, ලියම් ඩෝසන් 31/2, ජෙමී ඕවර්ටන් 17/2)

එංගලන්තය පන්දුවාර 14 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 125 යි – (පිල් සෝල්ට් 46, ජොස් බට්ලර් 17, ජෙකෝබ් බෙතල් 09, ටොම් බැන්ටන් 29, හැරී බෘෘක් 16*, සැම් කරන් 01*, එෂාන් මාලිංග 24/2, මතීෂ පතිරණ 18/1, දසුන් ශානක 12/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee