දකුණු ආසියානු උප මහාද්වීපයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ ක්‍රීඩාංගණ කිහිපයක දී තව සති තුනකින් ආරම්භ වන මීළඟ ලෝක කුසලාන පිරිමි විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පලඳින ජර්සිය එළි දැක්වීම අද සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සිදු කෙරුණේ දේශීයත්වයට සහ මිත්‍රත්වයට මුල් තැනක් දෙමින් ගාම්භීර පූර්වක අයුරිනි.
ශ්‍රී ලංකා ජාතික ධජයේ වර්ණ සම් මිශ්‍රණයක් උපයෝගී කරගෙන නිමැ වු මේ ජර්සිය මගින් ශක්තිය, විශ්වාසය, මිත්‍රත්වය සහ සාර්ථකත්වය පිළිබිඹු කෙරෙන අතර ක්‍රීඩකයනට මෙය පැලඳීමෙන් පහසුවෙන් ක්‍රීඩා කිරීමේ සහ ශාරීරික යෝග්‍යතාවය රැක ගැනීමේ සුව පහසුකම් ද උදා වේ.
නව ජර්සියෙන් සැරැසුණු මෝස්තර ශීල්ප, ශිල්පිනියන් කිහිපදෙනෙකු වේදිකාවේ ඔබ මොබ යමින් ගමන් කළේ පහසුවෙන් ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීමට එය දක්වන සහය ප්‍රදර්ශනය කරමිනි.
ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහාම විශේෂයෙන් මෙම ජර්සිය මූස් ඇඟලුම් ආයතනය (Moose Clothing Company) නිර්මාණය කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇඟලුම් අනුග්‍රාහකයා ලෙසිනි.
ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් කණ්ඩායමේ නායකයාත් ප්‍රධාන අනුග්‍රාහකයා වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයාත් පවත්වන සම්ප්‍රදායික දේශන වෙනුවට මෙහිදී අනුගමනය කළේ සභාව මෙහෙය වන කථිකයා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා සහ අනුග්‍රාහක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ප්‍රශ්න යොමු කර ඒවාට පිළිතුරු ලබා ගැනීමේ නව වැඩපිළිවෙලකි.
ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානක මෙහිදී විශේෂයෙන්ම පෙන්වා දුන් කරුණක් වුයේ මව්බිමේ දී සහෝදර ප්‍රේක්ෂක ජනතාවගේ සහයෝගය ඉදිරියේ ක්‍රීඩා කිරීමට ලැබීම සතුටක් මෙන්ම පීඩනය ගෙන දෙන කරුණක් වුවත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සියල්ලගේම අපේක්ෂාව වන්නේ කුසලානය අප සතු කර ගැනීම යන්නය.
ප්‍රේක්ෂක අපේක්ෂාව සහ සිහිනය මේ ජාත්‍යන්තර තරගාවලියේ ශූරතාව මව්බිමේම රඳවා ගැනීම යැයි සාකච්ඡාව මෙහෙයවන්නාට දසුන් ශානක පැහැදිලි කළේ මේ අවස්ථාවට සහභාගි වු ක්‍රිකට් ක්‍රීඩක පිරිස ද උනන්දු කරවමිනි.
මේ උත්සවයේ කාගේත් සිත්ගත් ආකර්ශණීය සිදුවීමක් වුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සහ මූස් ඇඟලුම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හසිම් ඕමාර් මහතා ප්‍රථම ජර්සිය ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් නායක දසුන් ශානකට වේදිකාවේ දී ප්‍රදානය කිරීමෙන් ස්වල්ප වේලාවකට පසු දසුන් ශානක එය පැලඳ නැවත පිරිස මැදින් පැමිණ වේදිකාවට පිවිස එය ප්‍රදර්ශනය කිරීමය.
2018 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රධානම ඇඟලුම් කරු ලෙස ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳ ගැනීමෙන් පසු 2023 වසර වන විටත් පසුව මේ දක්වාත් එම බැමි වඩාත් තීව්‍ර වී ඇතැයි පැහැදිලි කරන මූස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හසිම් ඕමාර් ශ්‍රී ලංකා ජාත්‍යන්තරයේ නමක් දිනා සිටින ක්‍රිකට් ක්‍රීඩාවටත් ඇඟලුම් කර්මාන්තයටත් තම සමාගම දක්වන පූර්ණ දායකත්වය ද මෙහිදී විස්තර කළේ සැකවෙනි.
වැටීම්, නැඟීටීම් සහ ජය පරාජයන් දෙකටම සාර්ථකව මුහුණ දීම හුරු විය යුතු ක්‍රියාදාමයක් බව මේ සාකච්ඡාවේ දී පෙන්වා දුන් හසිම් ඕමාර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයනුත් එක්ව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ලෝක මට්ටමින් (World standard) පවත්වාගෙන යාම අගය කළ යුතුව ඇතැයි ද පැහැදිලි කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාවේ නිලධාරීන් ද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් රැසකගේ සහභාගිත්වයෙන් ද මේ අවස්ථාව වර්ණවත් විණි.
ම නිල ජර්සි එළිදැක්වීමට සමගාමීව මූස් ක්ලෝතින් සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සදහාම වන ඩිජිටල් අවකාශයේ භාවිතා කළ හැකි ‘මූස් ක්ලෝතිං ෆෑන් ක්ලබ්“ නම් වූ නව මෘදුකාංගයක්ද එළිදක්වන ලදී.





