slc
logo
Home   |    News
ජනවාරි 2, 2026
විස්සයි-20 ලෝක කුසලානෙට සූදානම් වන SSC ක්‍රීඩාංගණයේ නවතම සංවර්ධන කටයුතු පිළිබඳ මාධ්‍ය නිරීක්ෂණ චාරිකාවක්

sinhala editor

එළැඹෙන 2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කෙරෙහි අවධානය යොමු කරමින්, ක්‍රීඩාංගණවල සිදුවන නවතම සංවර්ධන කටයුතු පිළිබඳ ක්‍රීඩා ලෝලීන් දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (ජනවාරි 02) කොළඹ සිංහල ක්‍රීඩා සමාජ (SSC) ක්‍රීඩාංගණයේදී මාධ්‍යවේදීන් සඳහා නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කරන ලදී.

මෙම මාධ්‍ය චාරිකාව අතරතුර, SSC ක්‍රීඩාංගණයේ දැනට ක්‍රියාත්මක සංවර්ධන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සහ සිංහල ක්‍රීඩා සමාජ නිලධාරීන් විසින් විස්තරාත්මක කරුණු පැහැදිලි කරමින් මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලදී.

2026 ICC පිරිමි විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රීඩාංගණ අතරින් එක් ක්‍රීඩාංගණයක් වන කොළඹ SSC ක්‍රීඩාංගණයේදී, තරගාවලියේ සමාරම්භක තරගය පෙබරවාරි මස 07 වැනිදා පාකිස්තානය සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිතය. එමෙන්ම මෙම තරගාවලියේදී SSC ක්‍රීඩාංගණයේ තරග පහක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

අති නවීන විදුලි ආලෝක පද්ධතිය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති නව විදුලි ආලෝක පද්ධතිය, අති නවීන එල්.ඊ.ඩී. (LED) තාක්ෂණය මත පදනම්ව නිර්මාණය කර ඇති අතර, ජාත්‍යන්තර ක්‍රීඩා සහ රූපවාහිනී විකාශන අවශ්‍යතාද සම්පූර්ණයෙන්ම සපුරාලීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

කෙල්වින් 5700 ක වර්ණ උෂ්නත්වයකින් සහ 90 ක වර්ණ විදැහුම්කරණ දර්ශකයක් (CRI) සහිත උසස් කාර්ය සාධනයක් සහිත LED ලුමිනියර් භාවිතා කරමින් මෙම ආලෝක පද්ධතිය නිර්මාණය කර ඇති අතර එමගින්, ක්‍රීඩකයින්, නිලධාරීන් සහ නරඹන්නන් සඳහා උසස් දෘෂ්‍ය පැහැදිළිතාවක් ලබාදේ.

මුලු ක්‍රීඩාංගනය පුරාම ඒකාකාර ආලෝකකරණ මටටමක් ලබා ගැනීම සඳහා විදුලි ආලෝක කුළුණු හයක් මත උපායමාර්ගිකව එල්. ඊ. ඩී. ආලෝක සවි කිරීම් 630 ක් භාවිතා කර ඇත. මෙම පද්ධතිය මගින් දීප්තිය වැඩි කරමින් සෙවණැලි අවම කර, උසස් ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කිරීමට හැකිව ඇත.

නරඹන්නන්ගේ අත්දැකීම් තවදුරටත් වැඩිදියුණු කිරීම මෙන්ම දෘශ්‍යමය වශයෙන් වඩාත් ආකර්ෂණීය සිදුවීම් නිර්මාණය කිරීමට හැකි වර්ණ ආලෝකකරණ දර්ශන ඇතුළුව බහු මෙහෙයුම් ක්‍රම සක්‍රීයකළ හැකි නවීන ආලෝක කරණ පාලන පද්ධතියක්ද මෙහි ස්ථාපනය කර තිබීම විශේෂත්වයක් වේ.

වෙනත් සංවර්ධන

ඒ සමඟම, SSC ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස පහත කටයුතු මේ වන විට ඉදිකිරීම් අදියරේ පවතී.

• ක්‍රීඩක විවේකාගාර වැඩිදියුණු කිරීම

• තරඟ තීරක, තෙවන විනිසුරු සහ දූෂණ විරෝධී නිලධාරීන් සඳහා නවතම කාමර ඉදිකිරීම

• පවතින මාධ්‍ය කුටිය සහ තරග විකාශන පාලක මැදිරිය (BCR) වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය

• විශේෂ ආරාධිත අමුත්තන් වෙනුවෙන් වන නව ප්‍රේක්ෂකාගාර ඉදිකිරීම

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee