slc
logo
Home   |    News
ජනවාරි 19, 2026
සීසීසී පිලේ අන්ජල බණ්ඩාරගෙන් ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ දෙවැනි දිනය වූ අද (18) සීසීසී පිලේ අන්ජල බණ්ඩාර පන්දු 338කදී හයේ පහර 2ක් හා හතරේ පහර 11ක් සමඟ නොදැවී ලකුණු 200ක් ලබා දස්කම් දැක්වීය.

එන්සීසී පිටියේදී පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව දස්කම් පෑ අන්ජල බණ්ඩාරට අමතරව සීසීසී පිලේ සොනාල් දිනූෂ පන්දු 182කදී හතරේ පහර 12ක් සමඟ ලකුණු 121 ලබාගත් අතර, දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට පන්දු 365කදී ලකුණු 226ක සබඳතාවක් ගොඩනැඟීමට සමත් විය. මේ හේතුවෙන් එන්සීසී ලකුණු පුවරුව කඩුලු 6කට ලකුණු 482ක් ලෙස තිබියදී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

බඳුරලිය ක්‍රීඩා සමාජයේ ගීත් කුමාර මුවර්ස් පිලට එරෙහිව පන්දු 316කදී හතරේ පහර 20ක් හා හයේ පහර 5ක් සමඟ ලකුණු185ක්, ටැමිල් යූනියන් පිලේ ෂාරුජාන් ෂන්මුගනාදන් ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 196කදී හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමඟ නොදැවී ලකුණු 103ක් ලබා ගැනීමට සමත් විය.

‍මෙවර තරගවලදී පළමු දිනයේ සීසීසී පිටියේ පැවැති තරගයේදී පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව දිනේෂ් චන්දිමාල් පන්දු 168කදී හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 144ක් වාර්තා කළ අතර, මග්ගොන සරේ ක්‍රීඩා පිටියේ පැවැති තරගයේදී බීආර්සී පිලේ රිසිත් උපමාල් පන්දු 227කදී හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමඟ ලකුණු 151ක් වාර්තා කිරීමට සමත් වූවේය.

අද (18) අර්ධ ශතක වාර්තා කළ ක්‍රීඩකයින් අතර, හලාවත මේරියන්ස් පිලේ තනුක දාබරේ ලකුණු 87ක්, තරිඳු අමරසිංහ ලකුණු 88ක්, කෝල්ට්ස් පිලේ රවිඳු රසාන්ත ‍නොදැවී ලකුණු 70ක්, සංගීත් කුරේ නොදැවී ලකුණු 64ක් බඳුරලිය ක්‍රීඩා සමාජයේ රොෂාන් විජේනායක ලකුණු 53ක්, මුවර්ස් ක්‍රීඩා සමාජයේ දිනුක දිල්ෂාන් ලකුණු 69, බඳුරලිය ක්‍රීඩා සමාජයේ සුමුදු ලක්ෂාන් ලකුණු 66ක්, එන්සීසී පිලේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 65ක්, ළහිරු උදාර ලකුණු 65ක්, අහන් වික්‍රමසිංහ ලකුණු 63ක් හා ටැමිල් යූනියන් පිලේ මිනෝද් භානුක ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වූහ.

පන්දු යැවීමේදී කෝල්ට්ස් පිලේ අකිල ධනංජය පානදුර ක්‍රීඩා සමාජයේ කඩුලු 7ක් ලකුණු 39කට බිදහෙළූ අතර, මුවර්ස් පිලේ චනුක දිල්ෂාන් ලකුණු 81කට කඩුලු 5ක් හා බීආර්සී පිලේ මවින් අභිනාෂ් ලකුණු 103කට කඩුලු 6ක් බිදහෙලා ගත්හ.

හෙට (19) මෙම තෙදින තරගවල දෙවැනි දිනයයි.

ලකුණු සාරාංශය

බ්ලූම්ෆීල්ඩ් – හලාවත මේරියන්ස් අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී

බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර්  89කදී සියලු දෙනා දැවී ලකුණු 312

රොන් චන්ද්‍රගුප්ත 34, හසිත අමරසිංහ 46, අසිත වන්නිනායක 22, නිපුන් කරුණානායක 56, රවිඳු ප්‍රනාන්දු 40, ළහිරු මදුසංඛ 24, තරින්ද ගුරුගේ 21, දෙවිඳු තිලකරත්න නොදැවී 31 (තීක්ෂල ද සිල්වා 55/3, චලන ද සිල්වා 74/3, මෙලන් හංසික 61/2)

හලාවත මේරියන්ස් පිල පළමු ඉනිම ඕවර්  81කදී කඩුලු 5ක් දැවී ලකුණු 272

තනුක දාබරේ 87, තරිඳු අමරසිංහ 88, ෂම්මු අෂාන් 33, කසුන් විදුර නොදැවී 16 (රවිඳු ප්‍රනාන්දු 107/3)

කෝල්ට්ස් – පානදුර අතර තරගය සීසීසී පිටියේදී

කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 82.1කදී සියලු දෙනා දැවී ලකුණු 336 

රවිඳු රසාන්ත 61, සංගීත් කුරේ 15, දිනේෂ් චන්දිමාල් 144, මුදිත ලක්ෂාන් 62, කවිෂ්ක අංජුල 19 (අසංක මනෝජ් 91/2, දුෂාන් හේමන්ත 75/6)

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 50කදී සියලු දෙනා දැවී ලකුණු 148

ඹෂධ ප්‍රනාන්දු 42, විශ්ව චතුරංග 34, ශලිත් ප්‍රනාන්දු 16, සසිඳු මල්ෂාන් නොදැවී 20 ( අකිල ධනංජය 39/7, කවිෂ්ක අංජුල 28/2)

කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 42කදී කිසි‍වෙකු නොදැවී ලකුණු 134

රවිඳු රසාන්ත ‍නොදැවී 70, සංගීත් කුරේ නොදැවී 64

සීසීසී – ‍පොලිස් අතර තරගය එන්සීසී පිටියේදී

සීසීසී පළමු ඉනිම ඕවර් 136.5කදී කඩුලු 6ක් දැවී (ඉනිම අත්හිටෙව්වා) ලකුණු 482

නිශාන් මධූෂ්ක 18, ලසිත් කෘස්පුල්‍ලේ 34, අන්ජල බණ්ඩාර නොදැවී 200, සහන් කෝසල 46, සොනාල් දිනූෂ 121, චමිඳු විජේසිංහ 33, ඉනුක කරන්නාගොඩ නොදැවී 17 (හිමේෂ් රාමනායක 60/3, දිලුම් සුධීර 155/2)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 41කදී කඩුලු 6ක් දැවී  ලකුණු 106

ධනුජ ඉඳුවර 49, දුලාෂ් උදයංග 22, අශේන් බණ්ඩාර 17 (නිශාන් පීරිස් 36/3)

බඳුරලිය – මුවර්ස් අතර තරගය කෝල්ට්ස් ක්‍රිඩාංගණයේදී

බඳුරලිය ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 133.4කදී සියලු දෙනා දැවී ලකුණු 486

සදුන් වීරක්කොඩි 44, ළහිරු දෙවටගේ 32, ‍රොෂාන් විජේනායක 53, ගිහාන් කෝරළගේ 19, ගීත් කුමාර 185, අයන සිරිවර්ධන 19, සුමුදු ලක්ෂාන් 66, මලින්ද පුෂ්පකුමාර ‍නොදැවී 41 (චනුක දිල්ෂාන් 81/5, තිලංග උදේශන 90/3)

මුවර්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 38.3කදී කඩුලු 4ක් දැවී ලකුණු 159

දිනුක දිල්ෂාන් 69, ලසිත් අබේරත්න 24, සොහාන් ඩී ලිවේරා 32, පසිඳු සූරියබණ්ඩාර ‍නොදැවී 16 (කේසර නුවන්ත 32/2)

එන්සීසී – බීආර්සී අතර තරගය මග්ගොන සරේ ක්‍රිඩාංගණයේදී

බීආර්සී පළමු ඉනිම ඕවර් 101.1කදී සියලු දෙනා දැවී ලකුණු 396

හෂාන් දුමින්ද 63, රිසිත් උපමාල් 151, ප්‍රමෝද් මධුවන්ත 30, රමිඳු විජේසූරිය 70, මොවින් සුබසිංහ 36, මොහොමඩ් සිරාස් 21

(සම්පත් නිශ්ශංක 62/2, සකිති උදාර 129/4, අශේන් ඩැනියෙල් 91/2)

එන්සීසී පළමු ඉනිම ඕවර් 76කදී කඩුලු 7ක් දැවී ලකුණු 333

නිරෝෂන් දික්වැල්ල 65, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 63, සහන් ආරච්චිගේ 29, කවීන් බණ්ඩාර 19, චාමික කරුණාරත්න නොදැවී 34, කවිඳු පතිරත්න 35 ( මවින් අභිනාෂ් 103/6)

ඒස් කැපිටල් – ටැමිල් යූනියන් අතර තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 68.3කදී සියලු දෙනා දැවී ලකුණු 206

කවිඳු ආමන්ත 36, රනේෂ් සිල්වා 16, කවිඳු කුලසේකර 18, රවීන් ද සිල්වා නොදැවී 62, ඉසිත විජේසුන්දර 35 (තරිඳු රත්නායක 76/5, ‍තේෂාන් විදූෂාන් 42/3)

ටැමිල් යූනියන් පිල පළමු ඉනිම ඕවර් 97.3කදී සියලු දෙනා දැවී ලකුණු 312

සිතාර හපුහින්න 20, මිනෝද් භානුක 59, ෂාරුජාන් ෂන්මුගනාදන් නොදැවී 103, දචිත ජයතිලක 17, තරිඳු රත්නායක 31, විජේකාන්ත් වියෙස්කාන්ත් 31 (‍රොහාන් ජයතිස්ස103/4, වනුජ සහන් 119/4)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 23කදී කඩුලු 3ක් දැවී ලකුණු 98

කවිඳු ආමන්ත නොදැවී 30, රනේෂ් සිල්වා 48 (තේෂාන් විදූෂාන් 44/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee