slc
logo
Home   |    News
ජනවාරි 18, 2026
විරාන් චමුදිතගේ ලෝක වාර්තාව සමඟ ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

sinhala editor

සිම්බාබ්වේ සහ නැමීබියාව එක්ව සත්කාරකත්වය දරන අයිසීසී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවූ ජපානයට එරෙහි පළමු තරගයෙන් ලකුණු 203ක දැවැන්ත ජයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අත්කර ගත්හ.

නැමීබියාවේ වින්ඩ්හෝක් හිදී පැවැති මෙම තරගයේදී ජපානය කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර මෙවර තරගාවලියේ කන්ඩායමක් ලබාගත් දැවැන්ත ලකුණු ගණනක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 387ක් ලබාගත් අතර ජපාන පිල ඕවර් 50කදී තඩුලු 8ක් දැවී ලකුණු 184ක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා 19න් පහළ පිරිමි ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් සඳහා ඉහළම සබඳතාව ගොඩනගමින් ඕවර් 43.5කදී ලකුණු 328ක් එක්කළ අතර, පන්දු 143කදී හතරේ පහර 26ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 192ක් රැස් කළ, විරාන් චමුදිත අයිසීසී අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන ඉනිමකදී ක්‍රීඩකයෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඉතිහාසයට එක්විය. ඔහු තිමෝති මුවර්ගේ පන්දුවකට කෙළින්ම පන්දුව වැදී දැවී යාමට පෙර, 2018 තරගාවලියේදී කෙන්යාවට එරෙහිව හසිත් බෝයගොඩ විසින් රැස් කරන ලද ලකුණු 191 ක වාර්තාව අභිබවා ගියේය.

අනෙක් අන්තයේ සිටි ආරම්භක පිතිකරු දිමන්ත මහවිතාන පන්දු 125කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 115ක් ලබාගත් අතර, විමත් දින්සර නොදැවී ලකුණු 44ක් ලබා සිටියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජපාන පිලේ පළමු කඩුල්ල ලකුණු නොලබාම දවා ගැනීමට ආරම්භක පන්දු යවන්නා වූ සෙත්මික සෙනවිරත්න සමත් වූ අතර, දෙවැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් ගොඩනැගීමට නිහාර් පාමර් (ලකුණු 23) හා හුගෝ කෙලී ( ලකුණු 101) ක් සමත් වූහ.

කණ්ඩායම් 16 කින් සමන්විත තරගාවලියේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව ස්ථානගත වී ඇති අතර, කණ්ඩායම් කාණ්ඩ හතරකට බෙදා ඇත.

ශ්‍රී ලංකා 19න් පහළ පිල කඩුලු 4ක් දැවී ලකුණු 387 (ඕවර් 50)
විරාන් චමුදිත 192, දිමන්ත මහවිතාන 115, විමත් දින්සර නොදැවී 55, අතිරේක 25 ( තිමෝති මුවර් 43/3)

ජපාන 19න් පහළ පිල කඩුලු 8ක් දැවී ලකුණු 184 (ඕවර් 50)
නිහාර් පාමර් 23), හුගෝ කෙලී 101, ටේලර් වෝ 18, කස්මි කාටෝ 19, අතිරේක 13 (සෙත්මික සෙනවිරත්න 9/1 , ජීවන්ත සිරිරාම් 53/1 , විරාන් චමුදිත 17/1, රසිත් නිම්සර 21/1, චාමික හීනටිගල 16/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee