slc
logo
Home   |    News
ජනවාරි 26, 2026
ඇෆ්ගනිස්තානය පරාජය කළ යොවුන් සිංහයෝ අවසන් වටයේ බලාපොරොත්තු වැඩි කරයි

sinhala editor

අවු­රුදු 19න් පහළ යොවුන් ලෝක කුස­ලාන එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ සුපිරි 6 වටයේ ශ්‍රී ලංකා කණ්ඩා­යම අද (26) සහභාගිවූ පළමු තර­ගයේදී ඇෆ්ග­නි­ස්තා­න­ය කඩුලු 4කින් පරාජය කොට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු වැඩි කර ගත්‍තේය. ශ්‍රී ලංකා 19න් පහළ පිලට සුපර් සික්ස් වටයේ අවසන් තරගය දකුණු අප්‍රිකාව සමඟ මේ 29 වැනිදා පැවැත්වෙන අතර එම තරගය ජය ගෙන ඇෆ්ගනිස්තානයට වඩා යහපත් ලකුණු වේගයක් රඳවා ගැනීමෙන් අවසන් කණ්ඩායම් 4ට පැමිණීමේ හැකියාව උදාවී තිබේ.

නැමී­බි­යාවේ වින්ඩ්හෝක්හි නැමී­බියා ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් නායක විමත් දින්සර හිමිකරගත් අතර, ඔහු මුලින් පන්දු රැකීමට තීරණය කොට ඇෆ්ගනිස්තානය ඕවර් 49.5කදී ලකුණු 193කට දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් පිල ඕවර් 46.5කදී කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

විරාන් චමුදිත ලකුණු 20කට කඩුලු 2ක් හා කුගතාස් මාතුලන් ලකුණු 62කට කඩුලු 2ක් බිඳහෙලා ඇෆ්ගනිස්තාන පිල අසීරුතාවට පත් කළ අතර, ශ්‍රී ලංකා පිලේ පීඩාකාරී පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු ඔස්මාන් සදාත් ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වූවේය.

ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 5කදී දවා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුවද දෙවැනි කඩුල්ලට දිමන්ත මහවිතාන හා සෙනුජ වැකුණගොඩ එක්ව පන්දු 83කදී ලකුණු 55ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූහ. මහනුවර ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩක දිමන්ත මහවිතාන පන්දු 58කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 37ක් හා කොළඹ සාන්ත ජෝෂප් විදුහලෙන් බිහිවූ සෙනුජ වැකුණගොඩ පන්දු 79කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 43ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළහ.

අනතුරුව ‍තෙවැනි කඩුල්ලට නායක විමත් දින්සර හා සෙනුජ වැකුණගොඩ එක්ව පන්දු 40කදී ලකුණු 29ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර, සිව්වැනි කඩුල්ලට කවීජ ගමගේ හා සෙනුජ වැකුණගොඩ එක්ව පන්දු 45කදී ලකුණු 32ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. කෙසේ වුවද දුල්නෙත් සිගේරා හා චාමික හීනටිගල එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 74කදී එක්කළ ලකුණු 52ක සබඳතාව තරග‍යේ හැරවුම් ලක්ෂය විය. දුල්නෙත් සිගේරා ලකුණු 30ක් හා චාමික හීනටිගල නොදැවි ලකුණු 22ක් ලබා ගැනීමට සමත්වීමෙන් ජයග්‍රහණය පහසු විය.

මූලික වටයේ අපරාජිතව ඉදිරියට පැමිණ අව­සන් තර­ග­යේදී ඔස්ට්‍රේ­ලි­යාව හමුවේ පරා­ජය වීම හේතු­වෙන් ශ්‍රී ලංකා පිල ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථාන­යට පත් වූ අතර, ඒ අනුව සුපිරි 6 වටයේ පළමු කාණ්ඩ­යේදී ඇෆ්ග­නි­ස්තා­නය සහ දකුණු අප්‍රි­කාව ප්‍රති­වා­දීන් බවට පත් විය.

ඇෆ්ගනිස්තාන 19න් පහළ පිල ඕවර් 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 193
ඔස්මාන් සදාත් 61, ෆයිසාල් සිනොස්ඩා 22, අසිසුල්ලා මියක්හිල් 43, රොහුල්ලා ඇරැබ් 22, අතිරේක 14 (සෙත්මික සෙනවිරත්න 31/1, විරාන් චමුදිත 20/2, කුගතාස් මාතුලන් 62/2, රසිත් නිම්සර 44/1, චාමික හීනටිගල 19/1)

ශ්‍රී ලංකා 19න් පහළ පිල ඕවර් 46.5කදී කඩුලු 6ක් දැවී ලකුණු 194
විරාන් චමුදිත 1, දිමන්ත මහවිතාන 37, සෙනුජ වැකුණගොඩ 43, විමත් දින්සර 6, කවීජ ගමගේ 25, චාමික හීනටිගල නොදැවී 22, දුල්නෙත් සිගේරා 30, චමරිඳු නෙත්සර නොදැවී 8, අතිරේක 22 (රූහුල්ලා අරාබ් 23/2)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee