slc
logo
Home   |    News
පෙබරවාරි 13, 2026
ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් ශ්‍රී ලංකා පළමු තරගය පෙබරවාරි 14 දා

sinhala editor

රටවල් අටක සහභාගිත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර දී මේ මස 13 සිට 22 දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ දී තරග තුනකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම මේ මස 14 වැනිදා බංග්ලාදේශය සමගත් 16 වැනිදා මැලේසියාව සමගත් 18 වැනිදා තායිලන්තය සමගත් තරග වැදීමට නියමිතය.

 මේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අට වනුයේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බංග්ලාදේශය, නේපාලය සහ තායිලන්තයයි.

 කණ්ඩායම් අට ‘ඒ‘ සහ ‘බී‘ යනුවෙන් කොටස් දෙකකට බෙදා ඇති අතර ‘ඒ‘ කොටසට ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලයත් ‘බී‘ කොටසට බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව සහ තායිලන්තයත් අයත් වේ.

 තරගාවලිය සංවිධානය කරනුයේ ආසියානු ක්‍රිකට් කවුන්සලය සහ තායිලන්ත ක්‍රිකට් සංගමයයි. සියලු තරග පැවැත්වෙනුයේ ද ටෙරා තායි ක්‍රිකට් (TCG) ක්‍රීඩාංගණයේ දී ය.

 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට අයත් ව සිටිති. ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනී , හංසිමා කරුණාරත්න, චේතනා විමුක්ති, සචිනි නිසංසලා, අමා කාංචනා, සත්‍යා සංදීපනී, රශ්මි සිල්වා සහ මල්ෂා ශෙහානි එම ක්‍රීඩිකාවෝය. කණ්ඩායමේ නායිකාව වනුයේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී ය.

 සම්පත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණුකරු ලෙසත් ෂෙහාන් කුලතුංග කළමනාකරු ලෙසත් කටයුතු කරති. දිනකට තරග දෙකක් පැවැත්වෙන අතර උදයවරුවේ තරගයක් සහ සවස්වරුවේ තවත් තරගයක් ඊට අයත් ය. ප්‍රථම තරගය 13 වැනිදාත් අවසාන පූර්ව තරග දෙක 20 වැනිදාත් අවසාන තරගය 22 වැනිදාත් පැවැත්වේ. 21 වැනිදා විවේක දිනයයි.

ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම – අනුෂ්කා සංජීවනී (නායිකාව) හංසිමා කරුණාරත්න (උපනායිකාව) ශ්‍යාමිසේනාරත්න, චේතනා විමුක්ති, සත්‍යාසංදීපනී, සචිනි නිසංසලා, රශ්මි සිල්වා, අමා කාංචනා, මිතාලි අයෝධ්‍යා, ශෂිනි ගිම්හානි, මල්ෂා ශෙහානි, සංජානා කාවින්දි, ළිහිණි අප්සරා, නෙත්මි සේනාරත්න සහ යසන්ති හේරත්

තරග කාලසටහන

දිනයතරගය
පෙබරවාරි 13පාකිස්තානය සහ නේපාලය අතර පෙරවරුවේදී
 ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් අතර පස්වරුවේදී
පෙබරවාරි 14මැලේසියාව සහ තායිලන්තය අතර පෙරවරුවේදී
 බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පස්වරුවේදී
දිනයතරගය
පෙබරවාරි 15එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නේපාලය අතර පෙරවරුවේදී
ඉන්දියාව සහ පාකිස්තානය අතර පසවරුවේදී
පෙබරවාරි 16ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පෙරවරුවේද්‍ර
බංග්ලාදේශය සහ තායිලන්තය අතර පස්වරුවේදී
පෙබරවාරි 17ඉන්දියාව සහ නේපාලය අතර පෙරවරුවේදී
පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පස්වරුවේදී
පෙබරවාරි 18බංග්ලාදේශය සහ මැලේසියාව අතර පෙරවරුවේදී
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පස්වරුවේදී
පෙබරවාරි 19විවේක දිනය
පෙබරවාරි 20අවසන් පූරව තරග – පෙ.ව. සහ ප.ව.වේදී
පෙබරවාරි 21විවේක දිනය
පෙබරවාරි 22අවසන් මහ තරගය

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee