slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2026
එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත ජෝර්ජ් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාදා (25) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම කඩුලු හයක ජයක් අත්කර ගත්තේය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දෙරට අතර පැවැති පළමු සහ දෙවන එක්දින තරග දෙකම ජයගෙන සිටීම හේතුවෙන්, තරගාවලියේ ජය 2–1ක් ලෙස ශ්‍රී ලංකාවට කලින්ම හිමිව තිබිණි. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම වෙත හිමිවිය.

හර්ෂිතා තෙවැනි එක්දින තරගයේ දී ද ලකුණු 70ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත්වූවාය.

තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හයක පහසු ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට අවස්ථාව උදාවූයේ කණ්ඩායමේ නායිකාව වූ හේලි මැතිව් ආරම්භක පිතිකාරිණිය ලෙස පන්දු 119කදී හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 100ක් රැස් කරමින් දැක්වූ විශිෂ්ට දක්ෂතාවය හේතුවෙනි. හේලි තෙවැනි තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් කෙරිණි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙම තරගයේදීත් කාසියේ වාසිය දිනා පන්දුවට පහර දීමට තීරණය කළේය. සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 217ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාරයකට ලකුණු 4.34ක සාමාන්‍යයක් පවත්වා ගත්තේය.

ලකුණු 218ක ජයග්‍රහණ ඉලක්කය කරා පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 4.1ක් වන විට ආරම්භක පිතිකාරිණිය කුවානා ජෝසප් ලකුණු 2කටත්, අංක තුන පිතිකාරිණිය ෂෙමේන් කැම්බල් ලකුණක් නොලැබීමත් සමඟ දවාලීමට ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නිය මල්කි මදාරා සමත් වූවාය. එම අවස්ථාවේ කොදෙව් පිතිකාරිණියන් දෙදෙනකු දැවී සිටියේ ලකුණු 12ක් පමණි.

ඉන් අනතුරුව නායිකාව හේලි මැතිව්ස් (100), ස්ටැෆිනි ටේලර් (38) සහ ශිනලි හෙන්රි (නොදැවී 32) එක්ව කණ්ඩායමේ ඉනිම ස්ථාවර කළහ. ඔවුන්ගේ උත්සාහය මත කොදෙව් කණ්ඩායම පන්දුවාර 46කදී කඩුලු 4ක් දැවී ලකුණු 218ක් රැස් කරමින්, පන්දුවාර 4ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දුවාරයේදී හේලි මැතිව්ස්ගේ සිව්වන පන්දුවට ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු ලකුණක් නොලැබ කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියේ මුළු ලකුණු 1ක් පමණක් තිබියදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අංක තුන පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම පන්දු 112කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 70ක් රැස් කළ අතර, අංක පහ පිතිකාරිණිය කවීෂා දිල්හාරි පන්දු 58කදී හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 45ක් රැස් කළාය.

එසේම ආරම්භක පිතිකාරිණිය හසිනි පෙරේරා පන්දු 34කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 27ක් ද, අංක හතර පිතිකාරිණිය විශ්මි ගුණරත්න පන්දු 46කදී ලකුණු 26ක් ද රැස් කළහ.

මෙම ඉනිමේ වැදගත්ම සබඳතා වූයේ හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි අතර තෙවන කඩුල්ලට පන්දුවාර 19.3කදී රැස් කළ ලකුණු 78ක සබඳතාව සහ හර්ෂිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා අතර දෙවන කඩුල්ලට පන්දුවාර 10.2කදී රැස් කළ ලකුණු 43ක සබඳතාවයි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – පන්දුවාර 50කදී කඩුලු 7ක් දැවී ලකුණු 217
හර්ෂිතා සමරවික්‍රම 70, කවීෂා දිල්හාරි නොදැවී 45, හසිනි පෙරේරා 27, විශ්මි ගුණරත්න 26, නිලක්ෂිකා ද සිල්වා 14, දෙව්මි විහංගා 12
හේලි මැතිව්ස් 33/2, කරිෂ්මා රාම්හාරක් 39/2

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා කණ්ඩායම – පන්දුවාර 46කදී කඩුලු 4ක් දැවී ලකුණු 218
හේලි මැතිව්ස් 100, ස්ටේෆානි ටේලර් 38, චිනොලි හෙන්රි නොදැවී 32, ඩීන්ඩ්‍රා ඩොවින් නොදැවී 24
මල්කි මදාරා 33/2, චමරි අතපත්තු 28/1, ඉනෝකා රණවීර 39/1

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – හර්ෂිතා මාධවී සමරවික්‍රම (ශ්‍රී ලංකාව)
තෙවන තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – හේලි මැතිව්ස් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee