slc
logo
Home   |    News
පෙබරවාරි 2, 2026
එෂාන් මාලිංගට තෙවැනි විස්සයි-20 අහිමි වෙයි

sinhala editor

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංගට එංගලන්තයට එරෙහිව හෙට (03 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය සඳහා වන තේරීම් සඳහා ඇතුළත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම් දී සිටියි.

ශ්‍රී ලංකාවට කඩුලු 6 ක පරාජයක් උරුම කර දෙමින් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි තරගයේ පන්දු යවමින් සිටින අතරතුරදී එෂාන් මාලිංග උරහිසේ ආබාධයකට මුහුණ දුන්නේය. දකුණතින් වේග පන්දු යවන එෂාන් මාලිංග එංගලන්ත ඉනිමේ අටවැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් සිටියදී පන්දු නොයවන අතේ උරහිස ප්‍ර දේශයේ ආබාධයකට මුහුණ දුන්නේය. පන්දු යැවීමෙන් අනතුරුව සිය උරහිස අල්ලාගනිිමන් මාලිංග වේදනාවෙන් යුතුව සිටින අයුරු ක්‍රීඩාංගණයේදී දැක ගැනීමට හැකිවූ අතර පසුව භෞත චිකිත්සකවරයා පැමිණ ඔහුව ක්‍රීඩා ගාරය වෙත රැගෙන ගියේය.

ඒ අනුව ඔහු අද (02 දා) දිනයේදී එම්. ආර්. අයි. ස්කෑන්  පරීක්ෂණයකට මෙන්ම ඉදිරි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ බලා පිටත් කරනු ලැබීය.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee