ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ මේ සතියේ ජය වාර්තා කිරීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අද සමත් වුයේ කඩුලු නවයකින් ලියෝ ක්‍රිකට් සමාජය පරාජයට පත් කරමිනි.
කටුනායක ගුවන් හමුදා පිටියේ පැවැති මේ තරගයේ දී ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී ලකුණු 59කින් ඉදිරියෙන් සිටියත් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ පන්දු යවන්නන් දෙවන ඉනිමේ දී දැක් වු විශිෂ්ට දක්ෂතා මත ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේ දී රැස් කළේ සියලු පිතිකරුවන් දැවී ලකුණු 90ක් පමණකි. එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට ජයග්‍රගණය සඳහා දෙවන ඉනිමේ දී ලකුණු 150ක් අවශ්‍ය වු අතර ඔවුන් පන්දුවාර 23.4ක දී පිතිකරුවකු පමණක් දැවී ලකුණු 151ක් රැස් කරමින් මේ ජයග්‍රහණය අත්කර ගත්තේ දෙවන දිනයේ තරගය නිමවීමටත් පෙරය.
මෙහිදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා අවිශ්ක ප්‍රනාන්දු පන්දු 44කට මුහුණ දී හතරේ පහර හතරක් හයේ පහර දෙකක් සමග ලකුණු 50ක් ද රනුක් ජයසූරිය පන්දු 68කට මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 53ක් ද රැස් කර පළමු කඩුල්ලට පන්දුවාර 14ක දී ලකුණු 81ක සබඳතාවයක් තබමින් ජයග්‍රහණයට අඩිතාලම සකස් කර දුන්හ.
ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිමේ දී ලකුණු 90කට දවාලීමට අවස්ථාව උදා වුයේ ප්‍රභාත් ජයසූරිය ලකුණු 34කට කඩුලු හතරක් ද ගිෂාන් බාලසූරිය ලකුණු 32කට කඩුලු තුනක් ද දවාලීමෙනි.
මේ සති අන්තයේ දී ප්‍රථම දිනය වු සිකුරාදා පිතිකරුවන් කිහිප දෙනෙකුම විශිෂ්ට දක්ෂතා දක්වමින් ශතක රැස් කළත් දෙවන දිනය වු අද කිසිදු පිතිකරුවකුට ශතකයක් කරා යාමට අවස්ථාව උදා නොවීය.
එහෙත් පන්දු යවන්නන් තිදෙනෙකුම කඩුලු පහ සහ එය ඉක්මවා දවාලු අතර තවත් පන්දු යවන්නන් කිහිප දෙනෙකුම කඩුලු දවාලමින් කැපී පෙනුණි.
ගාල්ල ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයේ දී ගාල්ල ක්‍රිකට් සමාජයේ රජීව වීරසිංහ රාගම පළමු ඉනිමේ දී ලකුණු 94කට කඩුලු හයක් ද යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ දී නාවික හමුදා පළමු ඉනිමේ දී හිමල් රවිහංස ලකුණු 52කට කඩුලු පහක් දවාලමින් ද කැන්ඩි කස්ටම්ස් සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයේ දී කැන්ඩි කස්ටම්ස් පළමු ඉනිමේ දී වරුණ ඉමේෂාන් ලකුණු 88කට කඩුලු පහක් දවාලමින් ද අද දිනයේ පන්දු යවන්නන් අතුරින් විශේෂ දක්ෂතා දැක්වීය.
යුද හමුදා ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී යුද හමුදා කණ්ඩායම පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 365ට පිළිතුරු ලෙස මොරටුව ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ දී රැස් කර ගත හැකි වුයේ ලකුණු 158ක් පමණකි. ඊට ප්‍රධාන හේතුව වුයේ යුද හමුදා ක්‍රීඩා සමාජයේ සෙහද සොයිසා ලකුණු 42කට කඩුලු හතරක් ද ගයාන් චන්ද්‍රබොෂ් ලකුණු 50කට කඩුලු තුනක් ද දවාලමින් දැක් වු විශිෂ්ට පන්දු යැවීමය.
යුද හමුදා ක්‍රීඩා සමාජයේ සෙහද සොයිසා මේ තරගාවලියේ තරග කිහිපයක දී ම තුන් ඉරියව්වේම කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත්ව සිටී.
ලකුණු සාරංශය
- යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය ප්‍රබල තත්ත්වයක
යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 103.4ක දී කඩුලු 9ක් දැවී ලකුණු 476 – ආදිත්‍ය සිරිවර්ධන 143, අදීෂ නානායක්කාර 114, පෙසඳු සංජාන් 90, සසංක නිර්මාල් නොදැවී 62, හංස මිහිරංග 20, කවිඳු එදිරිවීර 19, ඉෂාන් අබේසේකර 88/3, ගිහාන් ද සොයිසා 115/3, වරුණ මයන්ත 42/2
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 68ක දී කඩුලු 9ක් දැවී ලකුණු 201 – සුමල්ක ප්‍රනාන්දු 53, ලක්ෂාන් රොද්‍රිගෝ 40, තෙවිඳු දික්වැල්ල 29, දිලංක අවුවාඩ් නොදැවී 26, ජනිත් ප්‍රනාන්දු 18, හිමාල් රවිහංස 52/5, සසංක නිර්මාල් 22/3
- සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ඉදිරියෙන්
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 56.4ක දී සියල්ල දැවී ලකුණු 211 – උමයංග සුවාරිස් 91, තරුෂ ප්‍රනාන්දු 33, මාලිංග මලිගස්පේ 20, චමිඳු පෙරේරා 16, උෂාන් මනෝහර 58/5, වෝෂිත අමරසිංහ 19/2, චානක දේවින්ද 37/2
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 83.3ක දී සියල්ල දැවී ලකුණු 259 – යෙසිත් රූපසිංහ 56,නිමන් උමේෂ් 54, වෝෂිත අමරසිංහ 34, පුලස්ති අතපත්තු 33, සචින් ගොඩමාන්න 31, හෂාන් සංදීප 70/4, මනෙල්ක ද සිල්වා 22/3
- යුද හමුදා ක්‍රීඩා සමාජය ප්‍රබල තත්ත්වයක
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 88ක දී සියල්ල දැවී ලකුණු 365 – පැතුම් දිල්ෂාන් 105, තරිඳු දිලංක 99, සෙහද සොයිසා 44, ක්‍රිෂේන් අපෝන්සු 41, රත්නරාජා තෙනුරතන් 25, ජනිත් ද සිල්වා 18, රශ්මික මෙවන් 18/3, දුමිඳු සෙව්මිණ 74/2, චානක රුවන්සිරි 86/2, ගයාන් සිරිසෝම 106/2
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 64ක දී සියල්ල දැවී ලකුණු 158 – ගෙවින් බොතේජු 45, ඉසුල නිදුවර 35, දිනිත සිරිවර්ධන 24, සෙහද සොයිසා 42/4, ගයාන් චන්ද්‍රබොෂ් 50/3, තීක්ෂණ වික්‍රමසිංහ 18/2
මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 20ක දී කිසිවෙකු නොදැවී ලකුණු 44 – අභිෂේක් ලියනආරච්චි නොදැවී 34, ඉසුල නිදුවර නොදැවී 10
- කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය ලකුණු 328
කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 97.1ක දී සියල්ල දැවී ලකුණු 328 – ලක්ෂාන් ගමගේ 52, අෂාන් රන්දික 52, මලිඳු මධුරංග 40, ඩිලාන් ජයලත් 38, මිතුන් ජයවික්‍රම 36, සුධීර වීරරත්න 33, යශෝධ මෙන්ඩිස් 26, වරුන් ඉමේෂාන් 88/5, දනුෂ්ක සඳරුවන් 84/3
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 34ක දී කඩුලු 3ක් දැවී ලකුණු 76 – කේෂාන් වන්නිආරච්චි 33, තත්සර එෂාන් 29, නිර්මල රත්නායක 20/2, යශෝධ මෙන්ඩිස් 15/1
- එස්.එස්.සී. ක්‍රීඩා සමාජය කඩුලු නවයකින් ජය ගනී
ලියෝ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 49.2ක දී සියල්ල දැවී ලකුණු 160 – අකිල් ඉන්හම් 53, හිරුන් සිගේරා 27, පූර්ණ කල්හාර නොදැවී 25, විශ්ව රාජපක්ෂ 20, ගිෂාන් බාලසූරිය 64/5, කසුන් රාජිත 24/2
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 25.1ක දී සියල්ල දැවී ලකුණු 101 – රනුද සෝමරත්න 25, නිවනිඳු ප්‍රනාන්දු 21, නිපුන් ධනංජය 19, මල්ෂාන් ගුණසිංහ 28/5, ගිත්මින් කොළඹගේ 37/4
ලියෝ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 30.4ක දී සියල්ල දැවී ලකුණු 90 – අශේන් මෙන්ඩිස් 18, රොමේෂ් සුරංග නොදැවී 16,ගිත්මින් කොළඹගේ 12,ප්‍රභාත් ජයසූරිය 34/4, ගිෂාන් බාලසූරිය 32/3, කසුන් රාජිත 18/2
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 23.4ක දී කඩුල්ලක් දැවී ලකුණු 150 – රනුක් ජයසූරිය නොදැවී 53, අවිශ්ක ප්‍රනාන්දු 50, නිපුන් ධනංජය නොදැවී 42, පූර්ණ කල්හාර 19/1
- ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ ඉදිරියෙන්
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 83.5ක දී සියල්ල දැවී ලකුණු 302 – සුපුන් කාවින්ද 80, රමේෂ් නිමන්ත 48, සුභානු රාජපක්ෂ 33, චතුර රන්දුනු 31, අමිත් එරන්ද 27, රජිත් ප්‍රියාන් 19, හංසමාන ද සිල්වා නොදැවී 18, උපුල් ඉන්ද්‍රසිරි 80/3, රවිඳු සෙම්බුකුට්ටි 31/2, තරුෂ කොඩිකාර 57/2
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 70.4ක දී සියල්ල දැවී ලකුණු 259 – කෙමිර විජේනායක 84, සහිල් ඩයස් 52, මලීෂ සිල්වා 27, මනීෂ රූපසිංහ 27, කොසාන් ජයවික්‍රම 26, උපුල් ඉන්ද්‍රසිරි 20, රජීව වීරසිංහ 94/6, කෙවින් කොත්තිගොඩ 13/2
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 13ක දී කඩුල්ලක් දැවී ලකුණු 31 – අමිත් එරන්ද නොදැවී 14, මලීෂ සිල්වා 11/1





