ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තෙදින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද අවසන් වු තරග අතුරින් රාගම ක්‍රිකට් සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ.
මේ කණ්ඩායම් දෙක ජයග්‍රහණ අත්කර ගත්තේ රාගම ක්‍රිකට් සමාජය කඩුලු අටකින් කොළඹ මැලේ ක්‍රිකට් සමාජයත් මීගමුව ක්‍රීඩා සමාජය ලකුණු 230කින් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් පරාජයට පත් කරමිනි.
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයත් යුද හමුදා ක්‍රීඩා සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයත් ගාල්ල ක්‍රිකට් සමාජය සහ යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය අතර තරගයත් නිමාවට පත් වුයේ ජය පරාජයන්ගෙන් තොරවය.
අද දිනයේ දී විශේෂත්වයක් වුයේ පිතිකරුවන් පස්දෙනෙකුම ශතක රැස් කිරීමය. යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙකුම ඒ අතර සිටිති. ගාල්ල ක්‍රිකට් සමාජය සමග පැවැති තරගයේ දී යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ආදිත්‍ය සිරිවර්ධන පන්දු 249ක දී හතරේ පහර 17ක් හයේ පහරක් සමග ලකුණු 195ක් ද එම කණ්ඩායමේ අංක තුන පිතිකරු තරිඳු ප්‍රදීප් පන්දු 135ක දී හතරේ පහර 15ක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 104ක් ද රැස් කරමින් එම ශතක ලැබීය ආදිත්‍ය සහ තමිඳු යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජයේ දෙවන කඩුල්ලට රැස් කළ සබඳතාව ලකුණු 184කි.
මීට අමතරව රාගම ක්‍රීඩා සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයේ දී කොළඹ මැලේ කණ්ඩායමේ දෙවන ඉනිමේ දී බුද්ධික හසරංග ලකුණු 100ක් රැස් කළේ පන්දු 133කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමගය. යුද හමුදා ක්‍රීඩා සමාජයේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරු අසේල ගුණරත්න යුද හමුදා ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය සමග තරගයේ දී වේගවත් පිතිහරඹයක නියැළෙමින් ලකුණු 113ක් රැස් කළේ පන්දු 75කට පමණක් මුහුණ දෙමිනි. අසේල හතරේ පහර 17ක් සහ හයේ පහර දෙකක් ද එල්ල කළේය.
අද දිනයේ පස්වන ශතකය වාර්තා වුයේ එස්.එස්.සී. සහ මොරටුව ක්‍රීඩා සමාජ අතර තරගයේ දී මොරටුව ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමේ දී පුබුදු බණ්ඩාර පන්දු 220ක දී හතරේ පහර නවයක් සමග ලකුණු 103ක් රැස් කරමිනි.
පන්දු යැවීමේ දී කොළඹ මැලේ ක්‍රිකට් සමාජයේ දෙවන ඉනිමේ දී රාගම ක්‍රිකට් සමාජයේ කොසාන් ජයවික්‍රම ලකුණු 110කට කඩුලු හතක් ද එස්.එස්.සී. සහ මොරටුව ක්‍රීඩා සමාජ අතර තරගයේ දී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී මොරටුව ක්‍රීඩා සමාජයේ රශ්මික මෙවන් ලකුණු 69කට කඩුලු පහක් ද යුද හමුදා ක්‍රීඩා සමාජයේ නායක සීක්කුගේ ප්‍රසන්න සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජයේ පළමු ඉනිමේ දී ලකුණු 71ට කඩුලු පහක් ද දවාලමින් දක්ෂතා දැක්වුහ.
මීගමුව ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයෙන් ජය ගැනීමට නාවික හමුදා කණ්ඩායමට දෙවන ඉනිමේ දී ලකුණු 407ක දැවැන්ත ඉලක්කයක් ලැබුණු අතර ඔවුන් රැස් කළේ ලකුණු 177ක් පමණකි. එහිදී මීගමුව කණ්ඩායමේ ශෙහාන් ප්‍රමෝද් ලකුණු 50කට කඩුලු හතක්ම බිඳ දමා පහසු ජයග්‍රහණයකට මුල් විණි.
රාගම ක්‍රිකට් සමාජය සහ කොළඹ මැලේ ක්‍රිකට් සමාජය අතර තරගයෙන් ජය ගැනීමට රාගම ක්‍රිකට් සමාජයට අවශ්‍ය වුයේ ලකුණු 126ක පහසු ඉලක්කයකි. ඔවුන් එය කරා පහසුවෙන්ම ළඟා වුයේ කඩුලු දෙකකට ලකුණු 131ක් රැස් කර ගනිමිනි.
ලකුණු සාරංශය
- රාගම ක්‍රිකට් සමාජය කඩුලු අටකින් ජය ගනී
රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 62ක දී සියල්ල දැවී ලකුණු 291 – මනීෂ රූපසිංහ 113, කෙමිර විජේනායක නොදැවී 52, රවිඳු සෙම්බුකුට්ටි 40, උපුල් ඉන්ද්‍රසිරි 35, සහිල් ඩයස් 28, නිමන් උමේෂ් 27/2, යේසිත් රූපසිංහ 33/2, වෝෂිත අමරසිංහ 58/2, උෂාන් මනෝහර 59/2
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 34.4ක දී සියල්ල දැවී ලකුණු 109 – පුලස්ති අතපත්තු 39, තිමිර මල්ෂාන් 33, ටෙරන් බාස්කරන් 14, කොසාන් ජයවික්‍රම 30/4, උපුල් ඉන්ද්‍රසිරි 22/3, දසිත් ගුණතිලක 18/2
කොළඹ මැලේ ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 85.1ක දී සියල්ල දැවී ලකුණු 308 – බුද්ධික හසරංග 100, චානක දේවින්ද 65, සචින් ගොඩමාන්න 35, නිමන් උමේෂ් 29, සුදාර දක්ෂිණ 20, ටෙරන් බාස්කරන් 18, කොසාන් ජයවික්‍රම 110/7
රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 16ක දී කඩුලු 2ක් දැවී ලකුණු 131 – මනීෂ රූපසිංහ නොදැවී 61, රන්මිත් ජයසේන 56, නිමන් උමේෂ් 27/1
- මීගමුව ක්‍රිකට් සමාජය ලකුණු 230කින් ජය ගනී
මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 77.1ක දී සියල්ල දැවී ලකුණු 262 – කෙෂාන් වන්නිආරච්චි 94, ඇන්ජලෝ ජයසිංහ 90, දිමුත් සඳරුවන් 17, දිලංක අවුවාඩ් 113/8
නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 29.1ක දී සියල්ල දැවී ලකුණු 101 – සුමල්ක ප්‍රනාන්දු 39,රජිත රත්නායක 23,ශෙහාන් ප්‍රමෝද් 40/6, ධනුෂ්ක සඳරුවන් 42/4
මීගමුව ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 50.1ක දී සියල්ල දැවී ලකුණු 246 – දිමුත් සඳරුවන් 66, ශෙහාන් ප්‍රමෝද් 47, උමේෂ් ලක්ෂාන් 26, කෙෂාන් වන්නිආරච්චි 26, හංසජ හිරුණ 25, පසිඳු තිරිමාදුර 19, දිලංක අවුවාඩ් 117/5, රවීන් තරිඳු 79/3
නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 33.5ක දී සියල්ල දැවී ලකුණු 177 – රවීන් තරිඳු 51,වරුණ මයන්ත 47, ජනිත් ප්‍රනාන්දු 27, ශෙහාන් ප්‍රමෝද් 50/7, ධනුෂ්ක සඳරුවන් 56/2
- එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 88.1ක දී සියල්ල දැවී ලකුණු 354 – රනුද සෝමරත්න 137, නුවනිඳු ප්‍රනාන්දු 84, ෂෙවෝන් ඩැනියල් 45, නිපුන් ධනංජය 29, නදීෂ ආකාෂ් 16, චානක රුවන්සිරි 97/4, දුමිඳු සෙව්මිණ 70/3, ගයාන් සිරිසෝම 93/2
මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 87ක දී සියල්ල දැවී ලකුණු 307 – පුබුදු බණ්ඩාර 103, චානක රුවන්සිරි 52, රශ්මික මෙවන් 46, අභිෂේක් ලියනආරච්චි 22, ගැවින් බොතේජු 16, නිපුන් ධනංජය 46/4, අක්මාල් ෆස්ලි 64/3, කවිඳු නදීෂාන් 42/2
එස්.එස්.සී. ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 30ක දී කඩුලු 7ක් දැවී ලකුණු 167 – ලක්ෂිත මනසිංහ 60,දිනුර කළුපහන 35, ෂෙවෝන් ඩැනියල් 26, රශ්මික මෙවන් 69/5
- යුද හමුදාවේ අසේල ගුණරත්නගෙන් වේගවත් ශතකයක්
යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 84.4ක දී සියල්ල දැවී ලකුණු 336 – හර්ෂජිත් රුෂාන් 135, සීක්කුගේ ප්‍රසන්න 31, රවිඳු විජේවර්ධන නොදැවී 27, තරිඳු දිලංක 25, අසේල ගුණරත්න 24, ජනිත් ද සිල්වා 24, රත්නරාජා තෙනුරතන් 22, හෂාන් සංදීප 89/5, නිපුන් මෙන්ඩිස් 86/3
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 83.2ක දී සියල්ල දැවී ලකුණු 292 – උමයංග සුවාරිස් 52, මෙදුනක විජයතිලක 44, , ළහිරු ප්‍රනාන්දු 42, නවිඳු නිර්මාල් 40, රුසිරු විලෝචන 30, මනෙල්ක ද සිල්වා 28, තරූෂ ප්‍රනාන්දු 26, මාලිංග මලිගස්පේ 22, සීක්කුගේ ප්‍රසන්න 71/5, ගයාන් චන්ද්‍රබොෂ් 86/3, සෙහද සොයිසා 95/2
යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 57.4ක දී කඩුලු 7ක් දැවී ලකුණු 337 – අසේල ගුණරත්න 113, හර්ෂජිත් රුෂාන් 61, තරිඳු දිලංක 48, ක්‍රිෂේන් අපෝන්සු 35, පැතුම් දිල්ෂාන් 34, රවිඳු විජේවර්ධන 26, හෂාන් සංදීප 87/3, උමයංග සුවාරිස් 31/2, නිපුන් මෙන්ඩිස් 123/2
සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 7ක දී කඩුලු 2ක් දැවී ලකුණු 23 – රුසිරු විලෝචන 12, සෙහද සොයිසා 16/1
- යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්
ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 67.1ක දී සියල්ල දැවී ලකුණු 242 – අමිත් එරන්ද 51, ලිසුල ලක්ෂාන් 44, කෙවින් කොත්තිගොඩ 41, රමේෂ් නිමන්ත 36, සුභානු රාජපක්ෂ 26, කවිඳු එදිරිවීර 73/4, තරූෂ් දමිඳු 84/4, දනෝෂ් ද සිල්වා 67/2
යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 89ක දී කඩුලු 6ක් දැවී ලකුණු 443 – ආදිත්‍ය සිරිවර්ධන 195, තමිඳු ප්‍රදීප්ත 104, අදීෂ නානායක්කාර 68, පසිඳු සංජාන් 54, රමේෂ් නිමන්ත 23/2, අසේල සම්පත් 44/2
ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 28ක දී කඩුලු 4ක් දැවී ලකුණු 126 – අමිත් එරන්ද නොදැවී 56, සුපුන් කවිඳු 32, සුභානු රාජපක්ෂ 29, තරුෂ් දමිඳු 22/2





