slc
logo
Home   |    News
පෙබරවාරි 21, 2026
වසර 12 ක ඉතිහාසය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවට හිමි හොදම අවස්ථාව

sinhala editor

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර වූ පන්දුවාර විස්සයි-20 ඉතිහාසය  2006 වසර දක්වා දිව යන්නකි. එ් අතරතුර කාල සීමාවේදී දෙපිළ අවස්ථා 17 කදී විස්සයි-20 ජාත්‍යන්තර පිටියේදී මුණ ගැසී තිබුණද ඉන් 13 වතාවක ජය තමන් සතු කර ගැනීමට එංගලන්තය සමත් වද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි.  ශ්‍රී ලංකාව අවසන් වතාවට ඔවුන් පරාජයට පත් කිරීමට සමත්ව ඇත්තේ 2014 වසරේ මැයි මස 20 වැනිදා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී වේ. එදා සිට මේ දක්වා ගතවූ වසර 11 යි මාස 9 යි දවසක් පුරා කාලයක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත පිල පරාජයට කිරීමට නොහැකි වී තිබේ.

මෙවැනි පසුබිමක සිට අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් අට අතර තරග වටයේදී එම පරාජිත ගමනට තිත තැබීමට පමණක් නොව අවසන් කණ්ඩායම් 4 අතරට පිවිසීමටද අවශ්‍ය ප්‍රසාද ලකුණු ලබා ගැනීමේ වැදගත් අවස්ථාවක් ශ්‍රී ලංකාවට හෙට (22 දා)  ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව තිබේ.

සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ පළමු ප්‍රතිවාදීන් බවට පත්ව සිටින එංගලන්තයට එරෙහිව මෑත ඉතිහාස දෙස අවධානය යොමු කරන විටද ශ්‍රී ලංකාවට ඇත්තේ එතරම් සොඳුරු මතකයක් නොවේ. මන්ද යත් ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට සතියකටත් අඩු කාලයකදී පල්ලේකැලේ ජාත්‍යනතර ක්‍රීඩාංගණයේදීම පැවැති තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී එංගලන්තය අතින් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබීම හේතුවෙනි.

කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්තය තවමත් ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා රටාව සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කර නොමැති බව විචාරකයන් පෙන්වා දෙයි. සුපිරි කණ්ඩායම් වටයට සුදුසුකම් ලැබුවද, මූලික වටයේදී ස්කොට්ලන්තය, ඉතාලිය සහ නේපාලය වැනි ටෙස්ට් වරම් නොමැති රටවල් හමුවේ ජයගැනීම් වාර්තා කළේ අසීරුවෙනි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පැවැති තරගයේදී ඔවුන් පරාජයට පත්විය.

මූලික තරග වටය යටතේ ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණද, අනතුරුව සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගයේ ලද පරාජය නිසා සත්කාරකයින් තරමක් තැති ගැන්වීමකට පත් කරවන්නක් වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහිව හෙට පැවැත්වෙන තරගය පිළිබඳව අද (21 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි එංගලන්ත ක්‍රිකට් නායක හැරී බෘෘක් සඳහන් කර සිටින්නේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ලබා ඇති පළපුරුද්ද හෙට තරගයේදී භාවිතා කිරීමට අපේක්ෂා කරන බවයි. “මෙම ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරලා තියෙන අත්දැකීම් අපිට විශාල විශ්වාසයක් ලබා දෙනවා. අපි මෙහි ඔවුන්ට එරෙහිව ඉතා හොඳ තරග මාලාවක් ක්‍රීඩා කළා. ඒ අත්දැකීම් අපි හෙට තරගයේදී භාවිතා කිරීමට අපේක්ෂා කරනවා“ යනුවෙනි.

කෙසේ වෙතත් එම අදහස් දැක්වීමේදී තමන්ට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේ පැවැති තත්ත්වයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් වී තිබෙන බව ද බෘෘක් අවධාරණය කර සිටියේය. මෙහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලබා ගන්නා ලද ශතකයද එංගලන්ත නායකයා මෙහිදී වැඩිදුරටත් මෙනෙහි කර සිටියේය.

“නිස්සංක ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. පවර් ප්ලේ අවස්ථාවේදී ඔහුව ඉක්මනින් දවා ගැනීමට හැකියාවක් ලැබුණොත් එය අපිට හෙට තරගයේදී වාසියක් වේවි“ යැයි බෘෘක් අදහස් දක්වා සිටියි.

එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේදී තරග වැදි ආකාරය පිළිබඳව විශ්ලේෂණය කළහොත් ටෙස්ට් වරම් නොමැති රටවල් වූ ස්කොට්ලන්තය, ඉතාලිය සහ නේපාලයට එරෙහිව වන තරග ජය ගනු ලැබුවේ යන්තමින් මෙනි. තවත් අයුරිකින් සඳහන් කළහොත් ඉතාලිය සහ නේපාලයට එරෙහි තරග ජය ගැනීමට එංගලන්ත පිලේ විල් ජැක්ස් වැනි ක්‍රීඩකයින්ගේ සහයෝගය අවශ්‍ය වන තරමටම පත්විය.

“ඉතා ආසන්න තරග ජය ගැනීමෙන් අපේ කණ්ඩායම සතු විශ්වාසය සහ එකමුතුව පෙන්නුම් වෙනවා. ශක්තිමත් ප්‍රතිවාදීන් නොවූවත්, අපි අපහසු අවස්ථාවලින් මිදී ජය වාර්තා කළා. එහිදී පහළ පෙළේ ක්‍රීඩකයින් විශේෂයෙන්ම දක්ෂතා දැක්වීමට සමත්වීම සතුටට කරුණක්“ යැයි බෘෘක් පවසයි.

එංගලන්ත නායකයාගේ මතය එවන් තත්ත්වයක ත්වද්දී තරගය වාර්තා කිරීමට පැමිණි මෙන්ම දෙපිළේම කලමනාකාරීත්වයේ වැඩිම අවධානය යොමුව තිබෙන කරුණ බවට පත්ව තිබෙන්නේ මෙම තරගයට වර්ෂාවෙන් බාධාවීමට ඇති ඉඩකඩ පිළිබඳව. කාලගුණ වාර්තාවන්වලට අනුව ක්‍රීඩාංගණය පිහිටා ඇති මධ්‍යම පළාතට දැඩි වර්ෂා අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර, ඉරිදා දින වර්ෂාව පැවතීමේ හැකියාවක් පවතිනු ඇත.

එංගලන්තය සංචිතය –  හැරී බෲක් (නායක), ටොම් බැන්ටන්, ජොස් බට්ලර්, බෙන් ඩකට්, ෆිල් සෝල්ට්, ජේකබ් බෙතෙල්, සෑම් කරන්, ලියම් ඩෝසන්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, රෙහාන් අහමඩ්, ජොෆ්රා ආචර්, ආදිල් රෂීඩ්, ජොෂ් ටංග්, ලූක් වුඩ්.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, පවන් රත්නායක, චරිත් අසලංක, දුෂාන් හේමන්ත, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee