slc
logo
Home   |    News
පෙබරවාරි 19, 2026
ශ්‍රී ලංකාවේ අපරාජිත ගමනේ සිම්බාබ්වේ හමුවේ බිඳ වැටෙයි

sinhala editor

පිතිකරුවන්ගේ වගකීම ඉටු කළද තමන්ගෙන් කණ්ඩායමට විය යුත්තේ කුමක්ද යන්න පන්දු යවන්න්න වටහා නොගැනීම හේතු කොට ගෙන අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී‘ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවූ අවසන් තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 6 ක පරාජයක් ලැබීය. මෙම පරාජය හේතුවෙන් ලබන 21 වැනිදා ආරම්භ වන සුපිරි කණ්ඩායම් අට අතර තරග වටයට අපරාජිතව පිවිසීමට තිබූ පහසුම අවස්ථාව ශ්‍රී ලංකාවට ගිලිහී ගියේය. මූලික වටය යටතේ තරග වැදි තරග 4 ම ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම අපරාජිතව සුපිරි කණ්ඩායමට 8 අතර තරග වටයට සුදුසුකම් ලබා ගත්තේය.

පැතුම් නිස්සංක සහ පවන් රත්නායක දෙදෙනා යළිත් සාර්ථකවීමට සමත්වීම නිසා නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 178 ක් ලකුණු පුවරුවේ රැඳවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ. ලෝක තතුසලාන ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලංකා කණ්ඩායමක් සිමබාබ්වේ හමුවේ පරාජයට පත්වූ පළමුු අවස්ථාව ලෙසින්ද මෙම පරාජය හැඳින්විය හැක.

එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ පිතිකරුවෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී සත්කාරකයින්ව පරාජයට පත් කළේ කඩුලු 4 ක් පමණක් ඔවුන් හමුවේ පිරිනමමිනි. සිම්බාබ්වේ පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නියැලුණු බ්‍රයන් බෙනට් පන්දු 48 කින් ලකුණු 63 ක් රැස් කරන ලද්දේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි. ඔහුට අමතරව නායක සිකන්දර් රාසා පන්දු 26 කින් ලකුණු 45 ක් රැස් කළේ තරගයේ සියලු වාසීන් සිම්බාබ්වේ කණ්ඩායම දෙසට හරවමිනි. මොවුන් දෙදෙනාට අමතරව රයන් බර්ල් සහ තඩිවන්ශේ මරුමාණිද පිත්තෙන් දායකත්වය දැක්වූහ.

ශ්‍රී ලංකා පන්දු යවන්න්න අතරින් මතීෂ පතිරණ වෙනුවට කණ්ඩායමට පිවිසි ඩිල්ෂාන් මදුශංක පළමු ප න්දුවාර 2 ලකුණු 06 කට සීමා කළද ඔහුගේ තෙවැනි පන්දුවාරයේදී ලකුණු 14 ක් උදුරා ගැනීමට සිකස්දර් රාසා සමත්වූවේය. ප්‍රහාරාත්මක වේගය 200 කට ආසන්න සංඛ්‍යාවක (173.07) රඳවා ගත් රාසා තම ඉනිම වෙනුවෙන් හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් එල්ල කළේය.

19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද දුෂාන් හේමන්ත පන්දු 4 කද කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුවද ඒ වන විටත් තරගය යළි හැරවිය නොහැකි තත්ත්වයක් කරා රාසා සහ බ්‍රයන් බෙනට් රැගෙන ගොස් තිබුණහ. මෙම පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ කන්ඩායමට ලකුණු 08 ක් ලබා ගත යුතු වූ නමුත්, ඒ වන විටත් පන්දුවාර 3 කදී ලකුණු 36 ක් පිරිනමා තිබූ මහීෂ් තීක්ෂණට පන්දුව භාර කිරීම නිසා සටනකින් තොරවම තරගයේ ජය සිම්බාබ්වේට හිමිවිය. එහිදී ඔහු යවන ලද පළමු පන්දුවෙන්ම හයේ පහරක් එල්ල කළ ටෝනි මුන්යොංගා එතෙක් තිබූ පරතරය පන්දු 5 කදී ලකුණු 02 ක් තරමට අවම කර ගත්තේය.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් ලද පැතුම් අද දිනයේදීද හතරේ පහර 8 කි සමගින් පන්දු 41 කින් ලකුණු 62 ක් රැස් කර ගත්තේ ශ්‍රී ලංකාවට ලකුණු 175 කට එහා ඉලක්කයක් කරා යෑමට මං පෙත් විවර කර දෙමිනි. මෙහිදී කුසල් පෙරේරා සමඟ පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් පැතුම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සමග එක්ව පන්දු 43 කින් ලකුණු 46 ක් එක් කළහ.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා බවට පත්වූයේ කුසල් පෙරේරා වන අතර ඔහු පන්දු 14 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 22 ක් ලබා ගත්තේය. මුසරබානිගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ පස්වැනි පන්දුවාරය වන විට කඩුල්ලකට ලකුණු 54 ක් වශයෙනි.

මෙම තරගයට පෙර තමා ක්‍රීඩා කරන ලද අවසන් තරග දෙකේදී අර්ධ ශතක වාර්තා කිරීමට සමත්ව සිටින කුසල් මෙන්ඩිස්, අද දිනයේදී ලකුණු 14 කට දැවී ගියේ ශ්‍රී  ලංකා ලකුණු ලබා ගැනීමේ වේගයට පැහැදිළිවම බලපෑමක් එල්ල කරමිනි. අනතුරුව පැතුම් නිස්සංකද ලකුණු 08 කට පසු දැවී යෑම ශ්‍රී ලංකාවට සැලකිය යුතු මට්ටමේ බලපෑමක් එල්ල කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අසීරුතාවයෙන් මුදවා ගත් නවතම බලාපොරොත්තුව බවට පත්ව සිටින පවන් රත්නායක, පන්දු 25 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 44 ක් රැස් කළේය. කමිඳු මෙන්ඩිස් සහ නායක දසුන් දෙදෙනාට එක්ව රැස් කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. දුෂාන් හේමන්තද ලකුණු වේගය වැඩි කිරීමට ගොස් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේය.

කෙසේ වෙතත් පන්දු 08 කට මුහුණ දුන් දුනිත් වෙල්ලාලගේ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 15 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ලකුණු 180 සීමාවට රැගෙන ආවේය.

අද තරගයේදී පෙර තරගයට ක්‍රීඩා කරන ලද දුෂ්මන්ත චමීරව විවේක ගන්වා තිබු අතර ඒ වෙනුවට ප්‍රෙමා්ද් මදුෂාන් පැමිණ සිටියේය. ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ආබාධයකට ලක් වුණු මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මදුශංක කණ්ඩායමට කැඳවා තිබිණ. සිම්බාබ්වේ කණ්ඩායම කිසිදු වෙනස් කමක් නොකරමින් මෙම තරගයට අවතීර්ණව සිටියේය.

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 178 යි – (පැතුම් නිස්සංක 62, කුසල් පෙරේරා 22, කුසල් මෙන්ඩිස් 14, පවන් රත්නායක 44, කමිඳු මෙන්ඩිස් 11, දසුන් ශානක 06, දුනිත් වෙල්ලාලගේ 15*, දුෂාන් හේමන්ත 00, මහීෂ් තීක්ෂණ 00*, බ්ලෙසින් මුසරබානි 38/2, බ්‍රෑඩ් එවන්ස් 35/2, ග්‍රේම් ක්‍රීමර් 27/2, රයන් බර්ල් 16/1) 

සිම්බාබ්වේ පිල පන්දුවාර 19.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 182 යි – (බ්‍රයන් බෙනට් 63*, තඩිවනාශේ මරුමානි 34, රයන් බර්ල් 23, සිකන්දර් රාස් 45, තඩිංගා මුසෙකිවා 01*, ටෝන් මුන්යොන්ංගා 08*, දුෂාන් හේමන්ත 36/2, දුනිත් වෙල්ලාලගේ 27/1, දසුන් ශානක 26/1) 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee