slc
logo
Home   |    News
පෙබරවාරි 20, 2026
ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම ඉන්දියාවට පරාජය වෙයි

sinhala editor

 තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති ඉන්දියාවට එරෙහි තරගයෙන් කඩුලු 5ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී පන්දුවාර 19.4ක දී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 118ට පිළිතුරු ලෙස ඉන්දීය නැගී එන කාන්තා කණ්ඩායම පන්දුවාර 13.3ක දී කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 119කි.

 ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා සංජානා කාවින්දි සහ හංසිමා කරුණාරත්න පන්දුවාර 4.1ක දී ලකුණු 36ක් රැස් කර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම සබඳතාව වාර්තා කළහ.

 ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණු සංජානා කාවින්දි පන්දු 35ක දී හතරේ පහර පහක් සමග ලකුණු 31ක් ද ශෂිනි නිසංසලා පන්දු 17ක දී හතරේ පහරක් හයේ පහරක් සමග ලකුණු 22ක් ද සත්‍යා සංදීපනී පන්දු 15ක දී හතරේ පහර දෙකක් සමග ලකුණු 15ක් ද රැස් කළහ.

 ඉන්දීය පිතිකාරිණියන් අතුරින් වඩාත්ම කැපී පෙනුණු දිනේෂ් වින්ද්‍රා පන්දු 26ක දී හතරේ පහර අටක් සමග ලකුණු 42ක් ලැබීය.

ලකුණු විස්තරය

 ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4ක දී සියල්ල දැවී ලකුණු 118 –  සංජානා කාවින්දි 31, ශෂිනි නිසංසලා 22, සත්‍යා සංදීපනී 15, හංසිමා කරුණාරත්න 14, රාධා යදවු 19/4, ටනුජා කන්වා 20/2, ප්‍රේමා රාවාට් 20/2

ඉන්දීය නැගී එන කාන්තා කණ්ඩායම පන්දුවාර 13.3ක දී කඩුලු 5ක් දැවී ලකුණු 119 – දිනේෂ් වින්ද්‍රා 42, රාධා යදවු නොදැවී 31, අනුෂ්කා ෂර්මා 27, ශෂිනි ගිම්හානි 33/2, සසන්ති නිමන්තිකා 17/1

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee