slc
logo
Home   |    News
පෙබරවාරි 1, 2026
යුනයිටඩ් සදර්න්,  යුද හමුදාව සහ රාගම කණ්ඩායම් ජය ගනිති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් බී කොටසේ තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (01 දා) නිමාවට පත් වු තවත් තරග පහක් අතුරින් යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය යුද හමුදා ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය ජයග්‍රහණ අත්කර ගත්තේ පහසු ආකාරයන්ගෙනි.

 යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 157කින් නාවික හමුදා ක්‍රීඩා සමාජයත් යුද හමුදා ක්‍රීඩා සමාජය කඩුලු හතකින් මොරටුව ක්‍රීඩා සමාජයත් රාගම ක්‍රිකට් සමාජය කඩුලු පහකින් ගාල්ල ක්‍රිකට් සමාජයත් පරාජයට පත් කළහ.

 කොළඹ මැලේ ක්‍රිකට් සමාජය සහ සෙබස්ටියනයිට්ස් ක්‍රීඩා සමාජය අතර තරගයෙන් කොළඹ මැලේ ක්‍රිකට් සමාජයටත් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයෙන් කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයටත් පළමු ඉනිමේ ජයග්‍රහණයන් අත්වුයේ ඔවුන් ප්‍රථම ඉනිමේ ඉදිරියෙන් පසු වු හෙයිනි.

 යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර තරගයේ දී යුනයිටඩ් සදර්න් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී කඩුලු නවයකට රැස් කළ ලකුණු 476ට පිළිතුරු ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජය රැස් කළේ පළමු ඉනිමේ දී ලකුණු 201ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 118ක් පමණකි. නාවික හමුදා කණ්ඩායම දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙද්දී යුනයිටඩ් සදර්න් කණ්ඩායමේ සසංක නිර්මාල් පෙරේරා ලකුණු 29කට කඩුලු හතරක් ද දනෝෂ් ද සිල්වා ලකුණු 40කට කඩුලු තුනක් සහ කවිඳු එදිරිවීර ලකුණු 46කට කඩුලු තුනක් දවාලීමෙන් යුනයිටඩ් සදර්න් පිලට ඉනිමක පහසු ජයක් අත්වුයේ දිනයේ කාලය ද බොහෝ ඉතිරිව තිබිය දී ය.

 යුද හමුදා ක්‍රීඩා සමාජය සහ මොරටුව ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මොරටුව ක්‍රීඩා සමාජයට ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේ දී ලකුණු 207ක් අවශ්‍ය වු අතර ඔවුන් දෙවන ඉනිමේ දී ලකුණු 262ක් රැස් කර ඉනිම දෙකේ දී ම යුද හමුදා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 55ක් පමණක් ඉදිරියෙන් පසු විය. මොරටුව ක්‍රීඩා සමාජයේ දෙවන ඉනිමේ දී අභිෂේක් ලියනආරච්චි ලකුණු 58ක් සහ චානක රුවන්සිරි ලකුණු 53ක් රැස් කරමින් අර්ධ ශතක ලැබීය.

 යුද හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වු ගයාන් චන්ද්‍රබොෂ් ලකුණු 61කට කඩුලු හතක්ම දවාලුවේය.

 ගාල්ල ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගයෙන් රාගම ක්‍රිකට් සමාජය ජයග්‍රහණය අත්කර ගත්තේ කාලය සමග සටන් වදිමින් දිනයේ අවසාන භාගයේ දී ය. රාගම ක්‍රිකට් සමාජයට මේ තරගයෙන් ජය ලැබීමට ලකුණු 300ක් අවශ්‍ය වු අතර ඔවුන් පන්දුවාර 38.1ක දී පිතිකරුවන් පස්දෙනෙකු පමණක් දැවී ලකුණු 300 කරා ළඟා වුයේ තරගය නිම වීමට ආසන්න වද්දීය.

 ගාල්ල ක්‍රිකට් සමාජයේ දෙවන ඉනිමේ ලකුණු රැස් කිරිමේ වේගය පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු 7.5ක් පමණම ආසන්න විය. ඔවුනගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා සහිල් ඩයස් ලකුණු 81ක් ද මනීෂ රූපසිංහ ලකුණු 76ක් ද රැස් කරමින් පළමු කඩුල්ලට පන්දුවාර 14.4ක දී ලකුණු 101ක සබඳතාවයකින් මේ ජයග්‍රහණය අඩිතාලම එක් කළහ.

 අද දිනයේ පන්දු යවන්නන් කිහිප දෙනෙකුම දක්ෂතා අතර සිටියේ තම කණ්ඩායම්වල සාර්ථකත්වයන්ට මුල වීමෙනි. යුද හමුදා ක්‍රීඩා සමාජයේ ගයාන් චන්ද්‍රබොෂ් මොරටුව ක්‍රීඩා සමාජය සමග දෙවන ඉනිමේ දී ලකුණු 60කට කඩුලු හතක් ද ගාල්ල ක්‍රිකට් සමාජයේ දෙවන ඉනිමේ දී රාගම ක්‍රිකට් සමාජයේ මලීෂ සිල්වා ලකුණු 77කට කඩුලු හයක් ද මීගමුව ක්‍රිකට් සමාජයේ පළමු ඉනිමේ දී කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ මිතුන් ජයවික්‍රම ලකුණු 56කට කඩුලු හතරක් ද දවාලුහ.

  ලකුණු සාරංශය

  • යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 157ක ජය

 යුනයිටඩ් සදර්න් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 103.4ක දී කඩුලු 9ක් දැවී ලකුණු 476 – ආදිත්‍ය සිරිවර්ධන 143, අදීෂ නානායක්කාර 114, පෙසඳු සංජාන් 90, සසංක නිර්මාල් නොදැවී 62, හංස මිහිරංග 20, කවිඳු එදිරිවීර 19, ඉෂාන් අබේසේකර 88/3, ගිහාන් ද සොයිසා 115/3, වරුණ මයන්ත 42/2

නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 68ක දී සියල්ල දැවී ලකුණු 201සුමල්ක ප්‍රනාන්දු 53, ලක්ෂාන් රොද්‍රිගෝ 40, තෙවිඳු දික්වැල්ල 29, දිලංක අවුවාඩ් 26, ජනිත් ප්‍රනාන්දු 18, ඉෂාන් අබේසේකර 17, හිමාල් රවිහංස 52/5, සසංක නිර්මාල් 17/3

නාවික හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 35.2ක දී සියල්ල දැවී ලකුණු 118පූර්ණ චාරුක 44, රවීන් තරිඳු 19, තෙවිඳු දික්වැල්ල 15, සසංක නිර්මාල් 29/4, දනෝෂ් ද සිල්වා 40/3, කවිඳු එදිරිවීර 46/3

  • කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්

 සෙබස්ටියනයිට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 56.4ක දී සියල්ල දැවී ලකුණු 211උමයංග සුවාරිස් 91, තරුෂ ප්‍රනාන්දු 33, මාලිංග මලිගස්පේ 20, චමිඳු පෙරේරා 16, උෂාන් මනෝහර 58/5, වෝෂිත අමරසිංහ 19/2, චානක දේවින්ද 37/2

කොළඹ මැලේ ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 83.3ක දී සියල්ල දැවී ලකුණු 259 –  යෙසිත් රූපසිංහ 56,නිමන් උමේෂ් 54, වෝෂිත අමරසිංහ 34, පුලස්ති අතපත්තු 33, සචින් ගොඩමාන්න 31, හෂාන් සංදීප 70/4, මනෙල්ක ද සිල්වා 22/3

  • යුද හමුදා ක්‍රීඩා සමාජය කඩුලු හතකින් මොරටුව ක්‍රීඩා සමාජය පරාජය කරයි

යුද හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 88ක දී සියල්ල දැවී ලකුණු 365 පැතුම් දිල්ෂාන් 105, තරිඳු දිලංක 99, සෙහද සොයිසා 44, ක්‍රිෂේන් අපෝන්සු 41, රත්නරාජා තෙනුරතන් 25, ජනිත් ද සිල්වා 18, රශ්මික මෙවන් 18/3, දුමිඳු සෙව්මිණ 74/2, චානක රුවන්සිරි 86/2, ගයාන් සිරිසෝම 106/2

මොරටුව ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 64ක දී සියල්ල දැවී ලකුණු 158 ගෙවින් බොතේජු 45, ඉසුල නිදුවර 35, දිනිත සිරිවර්ධන 24, සෙහද සොයිසා 42/4, ගයාන් චන්ද්‍රබොෂ් 50/3, තීක්ෂණ වික්‍රමසිංහ 18/2

මොරටුව ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 86.2ක දී සියල්ල දැවී ලකුණු 262 අභිෂේක් ලියනආරච්චි 58, චානක රුවන්සිරි 53, විදුර ලක්ෂාන් 42, ඉසුල නිදුවර 37, රශ්මික මෙවන් 27, ගැවින් බොතෝජු 16, ගයාන් චන්ද්‍රබොෂ් 61/7, සෙහද සොයිසා 86/2

යුද හමුදා ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 10.3ක දී කඩුලු 3ක් දැවී ලකුණු 60 ඉෂාර මෙන්ඩිස් 40, මනුෂ්ක සමිත් නොදැවී 10, රශ්මික මෙවන් 26/2

  • කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිමේ දී ඉදිරියෙන්

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 97.1ක දී සියල්ල දැවී ලකුණු 328ලක්ෂාන් ගමගේ 52, අෂාන් රන්දික 52, මලිඳු මධුරංග 40, ඩිලාන් ජයලත් 38, මිතුන් ජයවික්‍රම 36, සුධීර වීරරත්න 33, යශෝධ මෙන්ඩිස් 26, වරුන් ඉමේෂාන් 88/5, දනුෂ්ක සඳරුවන් 84/3

මීගමුව ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 90.5ක දී සියල්ල දැවී ලකුණු 257පසිඳු තිරිමැදුර 68, දිමුත් සඳරුවන් 44,කෙෂාන් වන්නිආරච්චි 33, තත්සර එෂාන් 29, ශෙහාන් ප්‍රමෝද් නොදැවී 26, උමේෂ් ලක්ෂාන් 21, මිතුන් ජයවික්‍රම 56/4, නිර්මල රත්නායක 80/3, යශෝධ මෙන්ඩිස් 40/2

කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය දෙවන ඉනිම පන්දුවාර 4ක දී කඩුලු 2ක් දැවී ලකුණු 10සුධීර වීරරත්න නොදැවී 06, ශෙෂාන් ප්‍රනාන්දු 2/1

  • රාගම ක්‍රිකට් සමාජය කඩුලු පහකින් ගාල්ල ක්‍රිකට් සමාජය පරාජය කරයි

ගාල්ල ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 83.5ක දී සියල්ල දැවී ලකුණු 302 සුපුන් කාවින්ද 80, රමේෂ් නිමන්ත 48, සුභානු රාජපක්ෂ 33, චතුර රන්දුනු 31, අමිත් එරන්ද 27, රජිත් ප්‍රියාන් 19, හංසමාන ද සිල්වා නොදැවී 18, උපුල් ඉන්ද්‍රසිරි 80/3, රවිඳු සෙම්බුකුට්ටි 31/2, තරුෂ කොඩිකාර 57/2

රාගම ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දුවාර 70.4ක දී සියල්ල දැවී ලකුණු 259 කෙමිර විජේනායක 84, සහිල් ඩයස් 52, මලීෂ සිල්වා 27, මනීෂ රූපසිංහ 27, කොසාන් ජයවික්‍රම 26, උපුල් ඉන්ද්‍රසිරි 20, රජීව වීරසිංහ 94/6, කෙවින් කොත්තිගොඩ 13/2

ගාල්ල ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 61.1ක දී කඩුලු 8ක් දැවී ලකුණු 256 කෙවින් කොත්තිගොඩ 97,අමිත් එරන්ද 60, සුභානු රාජපක්ෂ 53, මලීෂ සිල්වා 77/6

රාගම ක්‍රිකට් සමාජය දෙවන ඉනිම පන්දුවාර 38.1ක දී කඩුලු 5ක් දැවී ලකුණු 300 සහිල් ඩයස් 81, මනීෂ රූපසිංහ 76, මලීෂ සිල්වා 42, කොසාන් ජයවික්‍රම 35, කෙමිර විජේනායක 30, රමිත් ජයසේන නොදැවී 24, කෙවින් කොත්තිගොඩ 55/3, හංසමාන ද සිල්වා 22/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee