තායිලන්තයේ බැංකොක් නගරයේ පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන කාන්තා කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවැති ඉන්දියාවට එරෙහි තරගයෙන් කඩුලු 5ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම මුලින් පන්දුවට පහර දී පන්දුවාර 19.4ක දී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කළ ලකුණු 118ට පිළිතුරු ලෙස ඉන්දීය නැගී එන කාන්තා කණ්ඩායම පන්දුවාර 13.3ක දී කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 119කි.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා සංජානා කාවින්දි සහ හංසිමා කරුණාරත්න පන්දුවාර 4.1ක දී ලකුණු 36ක් රැස් කර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම සබඳතාව වාර්තා කළහ.
ශ්‍රී ලංකා පිතිකාරිණියන් අතුරින් කැපී පෙනුණු සංජානා කාවින්දි පන්දු 35ක දී හතරේ පහර පහක් සමග ලකුණු 31ක් ද ශෂිනි නිසංසලා පන්දු 17ක දී හතරේ පහරක් හයේ පහරක් සමග ලකුණු 22ක් ද සත්‍යා සංදීපනී පන්දු 15ක දී හතරේ පහර දෙකක් සමග ලකුණු 15ක් ද රැස් කළහ.
ඉන්දීය පිතිකාරිණියන් අතුරින් වඩාත්ම කැපී පෙනුණු දිනේෂ් වින්ද්‍රා පන්දු 26ක දී හතරේ පහර අටක් සමග ලකුණු 42ක් ලැබීය.
ලකුණු විස්තරය
ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම පන්දුවාර 19.4ක දී සියල්ල දැවී ලකුණු 118 – සංජානා කාවින්දි 31, ශෂිනි නිසංසලා 22, සත්‍යා සංදීපනී 15, හංසිමා කරුණාරත්න 14, රාධා යදවු 19/4, ටනුජා කන්වා 20/2, ප්‍රේමා රාවාට් 20/2
ඉන්දීය නැගී එන කාන්තා කණ්ඩායම පන්දුවාර 13.3ක දී කඩුලු 5ක් දැවී ලකුණු 119 – දිනේෂ් වින්ද්‍රා 42, රාධා යදවු නොදැවී 31, අනුෂ්කා ෂර්මා 27, ශෂිනි ගිම්හානි 33/2, සසන්ති නිමන්තිකා 17/1






