slc
logo
Home   |    News
මාර්තු 1, 2026
පාකිස්තානය ජය වාර්තා කළද අවසන් වටයේ බලාපොරොත්තු බිඳ වැටෙයි

sinhala editor

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් තරගය ලකුණු 5කින් ජයගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. එලෙස ජයග්‍රහණය කළද පාකිස්තානයට අවසන් පූර්ව වටය දක්වා පැමිණීමේ අවස්ථා උදා නොවුණි. පාකිස්තානයට වඩා දළ ලකුණු වේගය අතින් නවසීලන්තය ඉදිරියෙන් සිටි බැවින් එංගලන්තය සමඟ නවසීලන්තය අවසන් පූර්ව වටයට පිවිසියහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළ හෙයින් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස්කරගත් ලකුණු 212ක් රැස් කළේය.

ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 207ක් පමණි.

දසුන් ශානක පන්දු 31කදී හයේ පහර 8ක් සහ හතරේ පහර 2ක් සමඟ ලකුණු 76ක් රැස්කර ගැනීමට සමත් විය. දසුන් ශානක හා පවන් රත්නායක 6 වැනි කඩුල්ලට පන්දු 33කදී ලකුණු 61ක සබඳතාවක් ගොඩනැඟූ අතර පවන් පන්දු 37කදී හයේ 3ක් හා හතරේ 4ක් සමඟ ලකුණු 58ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිණිස අවසන් ඕවර හතරකින් ලකුණු 53ක් ලබා ගැනීමට අවශ්‍ය විය. ශානක 17 වැනි පන්දුව ආරම්භ කළේ නසීම්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමිනි, නමුත් ෂහින් ෂා අෆ්රිඩි 18 වැනි ඕවරයේදී ලකුණු හයක් පමණක් ලබා දුන් අතර රත්නායකගේ කඩුල්ල දවා ගත්තේය. නමුත් උත්සහය අත් ‍නොහළ දසුන් ශානක පන්දු 12 කින් ලකුණු 46ක් අවශ්‍ය වූ විට, 19 වැනි ඕවරයේදී ෂඩාබ් ඛාන්ට හයේ පහර දෙකක් එල්ල කළ අතර, 20 වැනි ඕවරයේදී ෂහින් ෂා අෆ්රිඩිට හයේ 3ක් හා හතරේ පහරක් එල්ල කරමින් ලකුණු 22ක් එක් කළේය.

එම අවසන් ඕවරයේදී ශ්‍රී ලංකාවට ලකුණු 28ක් අවශ්‍ය වූ අතර, ශානක ලකුණු 4, 6, 6, 6ක් එල්ල කළ අතර, අවසන් පන්දු දෙකෙන් ලකුණු හයක් අවශ්‍ය වන පරිදියි. අවසන් පන්දුවට පෙර පන්දුවේදී ශානක පැඩල් ස්වීප් පහරක් සඳහා ගියද පන්දුව ඕෆ් ස්ටම්ප් එකෙන් පිටත පතිත විය. අවසන් පන්දු දෙකට ලකුණු වාර්තා නොවූ අතර, තරගය පරාජය වුවද ප්‍රදර්ශනාත්මක පහර කිහිපයක් එල්ල විය.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු දෙක ලකුණු 33කට දැවීගිය අතර, පවන් රත්නකායක හා චරිත් අසලංක පන්දු 28කදී ලකුණු 42ක් තෙවැනි කඩුල්ලට එක් කිරීමට සමත් විය. චරිත් අසලංක ලකුණු 25කට දැවී ගියේය.

පාකිස්තාන ඉනිම වර්ණවත් කළ සහිබ්සාඩා ෆර්හාන්ගේ වාර්තාගත ශතකය සහ ෆකාර් සමාන් පන්දු 42 කින් ලබාගත් වේගවත් ලකුණු 84 පකිස්තානයට ජය මාවත කැන්දුවේය. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී විස්සයි20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීමට පාකිස්තානය ලකුණු 65කින් පමණ ජයග්‍රහණය කළ යුතු වූ අතර, එම ඉලක්කයට පැමිණීමට නොහැකි විය. ෆකාර් සහ ෆර්හාන් සමඟ ඉනිම ආරම්භ කළ අතර, දෙදෙනා ඕවර 15.5 කදී ලකුණු 176ක් එක් කළහ. එය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක ඕනෑම කඩුල්ලකට වාර්තා වූ ඉහළම සම්බන්ධතාව විය. දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ෆින් ඇලන් සහ ටිම් සයිෆර්ට් ලකුණු 175ක් ලබා එම වාර්තාව පිහිටුවා තිබිණි.

ෆර්හාන්ගේ මෙම තරගාවලියේ දෙවන ශතකය මෙය විය. විස්සයි20 ලෝක කුසලානයක වැඩිම ලකුණු ලබා ගත් විරාත් කෝලිගේ වාර්තාව ද බිඳ දැමූ ෆර්හාන් 2014 දී කෝලි ලකුණු 319 ක් රැස් කර තිබූ වාර්තාව මෙවර ෆර්හාන් ලකුණු 383ක් ලබා බිද දැමීය. මෙම යුගලය පවර්ප්ලේ අවසානයේ පාකිස්තානය කඩුලු නොමැතිව ලකුණු 64ක් වාර්තා කළේය.

තරගයේ වීරයා සම්මානය පන්දු 60ක් තුල හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 100ක් ලැබූ සහිබ්සාඩා ෆර්හාන්ට පිරිනැමුණි.

පාකිස්තානය ඕවර් 20කදී කඩුලු 8කට ලකුණු 212යි
සහිබ්සාඩා ෆර්හාන් 100, ෆකාර් සමාන් 84, ෂඩාබ් ඛාන් 7, උස්මාන් ඛාන් නොදැවී 8 (ඩිල්ෂාන් මධුශංක 33/3, දසුන් ශානක 42/2, දුෂ්මන්ත චමීර 48/1)

ශ්‍රී ලංකාව ඕවර් 20කදී කඩුලු 6කට ලකුණු 207යි
පැතුම් නිශ්ශංක 3, කමිල් මිෂාර4 26, චරිත් අසලංක 25, පවන් රත්නායක 58, දසුන් ශානක නොදැවී 76, කමිඳු මෙන්ඩිස් 3, ජනිත් ලියනගේ 5, දුනිත් වෙල්ලාලගේ නොදැවී 2(අබ්රාර් 23/3) ලකුණු පහකින් පරාජය කළේය.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee