slc
logo
Home   |    News
මාර්තු 22, 2026
ප්‍රියමාල් දිවිත්ව ශතකය වාර්තා කරද්දී ඇන්ජලෝ‍ ශතකයක් ලබයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ අද (21) දෙවැනි දිනයේදී පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රියමාල් පෙ‍රේරාගෙන් ද්විත්ව ශතකයක් හා කෝලට්ස් ක්‍රීඩා සමාජයේ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ශතකයක් වාර්තා විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී මුවර්ස් පිලට එරෙහිව ප්‍රියමාල් පෙ‍රේරා පන්දු 367කදී හයේ පහරක් හා හතරේ පහර 25ක් සමඟ ලකුණු 212ක් වාර්තා කළ අතර, එන්සීසී ක්‍රීඩා පිටියේදී බීආර්සී පිලට එරෙහිව ඇන්ජලෝ මැතිව්ස් පන්දු 212කදී හතරේ පහර 16ක් සමඟ ලකුණු 144ක් වාර්තා කළේය.

මෙම තරගවල පළමු දිනයේදී එන්සීසී පිලේ ළහිරු උදාර බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 129කදී හයේ පහරක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 126ක් ලබා ගැනීමට සමත් විය.

අද දෙවැනි දිනයේ අර්ධ ශතක වාර්තා කරමින් පොලිස් පිලේ නලීන් ප්‍රියදර්ශන ලකුණු 57ක්, සීසීසී පිලේ ධනංජය ද සිල්වා ලකුණු 63ක් හා පවන් රත්නායක ලකුණු 51ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ සුපුන් වඩුගේ නොදැවී ලකුණු 71ක්, කෝලට්ස් ක්‍රිකට් සමාජයේ සුඛිත මනෝජ් ලකුණු 53ක්, බ්ලූම්ෆීල්ඩ් පිලේ අසිත වන්නිනායක ලකුණු 62ක්, බීආර්සී පිලේ හෂාන් දුමිඳු නොදැවී ලකුණු 86ක් දස්කම් දැක්වූහ.

පන්දු යැවී‍මේදී මුවර්ස් පිලේ ෂිරාන් ප්‍රනාන්දු ලකුණු 112කට කඩුලු 5ක් හා බීආර්සී පිලේ යසිරු රුද්‍රිගූ ලකුණු 120කට කඩුලු 5ක් බිද හෙළූහ.

ලකුණු සාරාංශය

පොලිස් හා මුවර්ස් අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී

පොලිස් පළමු ඉනිම ඕවර් 136කදී සියලු දෙනා දැවී ලකුණු 463
නදීෂ බාලසූරිය 21, අශේන් බණ්ඩාර 60, ප්‍රියමාල් පෙ‍රේරා 212, සුපුන් මධුසංඛ 65, නලීන් ප්‍රියදර්ශන 57, (ෂිරාන් ප්‍රනාන්දු 112/5, තිලංග උදේශන 57/2)

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 31කදී කඩුලු 4ක් දැවී ලකුණු 130
රවිෂාන් ද සිල්වා 23, සොහාන් ද ලිවේරා 18, පසිඳු සූරියබණ්ඩාර
නොදැවී 43 (නලීන් ප්‍රියදර්ශන 47/2)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා සීසීසී අතර ‍කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 118.2කදී සියලු දෙනා දැවී ලකුණු 331
පවන්ත වීරසිංහ 51, රනේෂ් සිල්වා 76, රවීන් ද සිල්වා 49, සුපුන් වඩුගේ නොදැවී 71 (නිශාන් පීරිස් 87/2, ඉනුක කරන්නාගොඩ 69/3, ධනංජය ද සිල්වා 29/2)

සීසීසී පළමු ඉනිම ඕවර් 58කදී කඩුලු 7ක් දැවී ලකුණු 200
නිශාන් මධුෂ්ක 23, ධනංජය ද සිල්වා 63, පවන් රත්නායක 51 (වනුජ සහන් 84/4, රොෂාන් ජයතිස්ස 31/3)

කෝලට්ස් – බීආර්සී අතර තරගය එන්සීසී ක්‍රීඩා පිටියේදී

කෝලට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 110.2කදී සියලු දෙනා දැවී ලකුණු 463

සංගීත් කු‍රේ 30, දිනේෂ් චන්දිමාල් 67, ධනංජය ලක්ෂාන් 44, ඇන්ජලෝ මැතිව්ස් ‍144, මුදිත් ලක්ෂාන් 39, සුඛිත මනෝජ් 53, අකිල ධනංජය 43, හර්ෂණ වික්‍රමසිංහ 28 (යසිරු රුද්‍රිගූ 120/5, කේෂාන් විජේරත්න 87/2, ෂශික දුල්ෂාන් 58/2)

බීආර්සී පළමු ඉනිම ඕවර් 56කදී කඩුලු 4ක් දැවී ලකුණු 198
හේෂාන් ධනුෂ්ක 29, හෂාන් දුමිඳු නොදැවී 86, රමින්ද විජේසූරිය නොදැවී 28 (අකිල ධනංජය 65/2)

එන්සීසී හා බ්ලූම්ෆීල්ඩ් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

එන්සීසී පළමු ඉනිම ඕවර් 103.4කදී සියලු දෙනා දැවී ලකුණු 438
නිරෝෂන් දික්වැල්ල 21, ළහිරු උදාර 126, කමිල් මිෂාර 61, අහන් වික්‍රමසිංහ 39, සහන් ආරච්චිගේ 35, චාමික කරුණාරත්න 61, කවිඳු පතිරත්න 37, අශේන් ඩැනියෙල් 26 (රවිඳු ප්‍රනාන්දු 95/2, දුවිඳු තිලකරත්න 70/4, ‍ජෙෆ්රි වැන්ඩර්සේ 66/2)

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම ඕවර් 57කදී කඩුලු 4ක් දැවී ලකුණු 211
මිනෙත් ප්‍රේමරත්න 37, අසිත වන්නිනායක 62, ජනිත් ලියනගේ 47, නිපුන් කරුණානායක ‍නොදැවී 43 (ශක්ති උදාර 82/2)

Active filters

Recent Posts

  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]
  • පසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි
    ඉන්දීය පන්දු යවන්නන්ගේ සියලු උත්සාහයන් අභිබවා යමින් සොනාල් දිනූෂ සහ ශ්‍රී ලංකා පසු පෙළ පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කොළඹ එස්.එස්.සී. පිටියේ අද (27 දා) නිමාවට පත් දෙවැනි ටෙස්ට් […]
  • සොහාන් සහ කවින්ගෙන් මංගල එක්දින ශතක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (26 දා) පැවැති තරගවලදී සොහාන් ද ලිවේරා සහ කවින් බණ්ඩාර සිය පළමු පෙළ එක්දින ක්‍රිකට් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee